සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා.උදේනිව හමුවන්නට පැමිණෙන අක්ෂාගේ අම්මා , මේතරම් කරදර ගොඩක් සිදු වෙලා තිබියදී ඇයට එන්නට බැරිවුන එකට කණගාටු වන බව පවසමින් මේ වෙද්දී තත්ත්වය කෙසේද කියාත් ඇයට දෙව්මිගේ ප්‍රශ්නය ගැන අක්ෂා කියු බවත් පවසා සිටිනවා.ඒ අවස්ථාවේ ඔවුන්ත් දවස පටන් ගෙන ඉවර වෙනතුරුම එම ප්‍රශ්නය ගැන කතා කරන බවත් එයට විසඳුම් හොයන බවත්  නමුත් තවමත් එය විසඳුනේ නැති බවත් උදේනි පවසනවා. ඒ වේලාවේ අක්ෂාත් හැමවෙලාවේම අනුහස් සහ ඇගේ විවාහය ගැන කතා කරන බවත් ඇයට ඉක්මනින්ම විවාහ වෙන්නට අවශ්‍ය වී තිබෙන බවත් නමුත් විවාහයක් කියන දේ ආවට ගියාට කල හැකි දෙයක් නොවන බව ඇය පැහැදිලි කර දුන් බවත් අක්ෂාගේ අම්මා සිනාසෙමින් පවසනවා. එත් එකක්ම ඇය මෙලෙස උදේනිව හමුවන්නට පැමිණියේ ඇයත් සමඟින් ඒ ගැනත් කතා කරන්නට බව අක්ෂාගේ අම්මා පවසනවා.ඒ අවස්ථාවේ ඇගේ අකමැත්තක් නැති බවත් හොඳ දිනයක් බලා ඒ වැඩකටයුත්ත කරමු කියා උදේනි ඇයට යෝජනා කරනවා. ඩිලාන් සහ සීයා සමඟින් කතා කරමින් සිටින රදීෂ් මේනක කියන්නේ කොයි වගේ කෙනකුද කියා අසමින් මේනක ඔවුන්ගේ කම්පැනියෙන් සැහෙන්න හොරකම් කර තිබෙන බව රදීෂ් පවසනවා.ඒ වවේලාවේ ඒ ගැන සියළු විස්තර ඔහු ඩිලාන් සමඟින් කියු බවත් එහෙයින් මේනකව වහාම ඉක්මනින්ම කම්පැනියෙන් එළවා දැමිය යුතු බවත් රදීෂ් පවසනවා. ඒ වේලාවේ ඔවුන්ට හිතෙන පරිදි එලෙස කිසිකෙනෙකුව කම්පැනියෙන් අයින් කර දමන්නට බැරි බවත් මේනක කියන්නේ සෑහෙන්න කාලයක සිටින ඔවුන්ගේ කම්පැනියේ ෂෙයා හෝලඩර් කෙනෙකු බවත් ඩිලාන් පවසද්දී මේනකගේ එක වරදක් හෝ ඔවුන්ට හොයගන්නට හැකි වී අනුහස්,අක්ෂා සහ අවන්ත කැමති වුවහොත් ඔහුව කම්පැනියෙන් අයින් කරන්නට මේනකට එවිට කම්පැනියෙන් එළියට බහින්නට සිදු වන බව රදීෂ් පවසනවා. ඉන්පසු එලෙස ඔහුගේ වරදක් හම්බවුන හොත් අනිවාරයෙන් එලෙස කරන්නට හැකි බවත් නමුත් තවම ඔහු කල දේවල් වලට සාක්ෂි නැති හෙයින් ඔවුන්ට තනි තීරණයක් ගැනීමට නොහැකි බවත් ඩිලාන් පවසනවා.

පසුදින ඩිලාන් සහ රදීෂ් ඔෆිස් එකේ කතා කරමින් සිටින තැනට මේනක පැමිණෙනවාත් සමගම ඔහුට මේනකත් සමඟින් කතා කරන්නට යමක් තිබෙන බව රදී ෂ් පවසනවා.ඒ වේලාවේ රදීෂ් කියනා දේ අසා මේනකට කලබල වෙන්නට එපා කියාත් පවසමින් රදීෂ්ට ඔවුන්ගේ එකවුන්ට් වල ප්‍රශ්න වගයක් තිබි සොයාගෙන ඇති බවත් පවසද්දී එ ගැන ඔහු දැන්ම දැනගත යුතු නැති බවත් ඒ වෙනුවෙන් ඔවුන් වෙම කාලයක් වෙන් කරවාගෙන ඒ ගැන කතා කරමු කියාත් රදීෂ් ඉල්ලා සිටිමින් ඒ ගැන විනය පරීක්ෂණයක් ඔවුන්ට කරන්නට සිදු වන බව රදීෂ් පවසනවා. ඒ වේලාවේ එ වෙනුවෙන් මේනකටත් සහභාගී වෙන්නට සිදුවන බව පවසමින් එයට ඔහුට සූදානම් වෙන ලෙස රදීෂ් ඉල්ලා සිටියදී මේනක එයට අකමැති වුවත් එහිදීඔහුට එයට කැමති වන්නට සිදුවනවා.ඉතිං ඉන්පසු ලිහිණිව මුණ ගැසෙන්නට පැමිණෙන රදීෂ් එ ගැන ඇයටත් පවසා මේනක කියන්නේ කවුරුත් හිතනවාටත්ප වඩා කපටි මනුස්සයෙක් බව පවසා සිටිනවා.ඒ අවස්ථාවේ කරන දෙයක් කල්පනාවෙන් පරිස්සමින් කරන්න කියාත් මේනක කියන්නේ භායනක පුද්ගලයෙක් බවත් ලිහිණි රදීෂ්ට පැහැදිලි කර දෙනවා. අනාන්දව හමුවන්නට පැමිණෙන උදේනිට ඔහුට යමක් කියනන්ට තිබෙන බව පවසමින් ඔහු සිතාගෙන සිටින්නේ සියළු ප්‍රශ්න අමතක වෙන්නත් එක්ක දෙව්මිට හොඳ තැනකින් කසාදයක් හොයා කර දෙන්න කියාත් එලෙස හොඳ කෙනෙකු බලා ඔහුගේ දෙමාව්පියන්ටත් කතා කරන්නට එන්න කියා දෙව්මිගෙත් කැමැත්ත ඇතිව හරි කාලය ආවම එය හිමින් සැරේ කර දෙන්න බව අනාන්ද පවසනවා. ඒ අවස්ථාවේ එය හැරෙනන්ට ඔහු දෙව්මිගේ ප්‍රශ්නය වෙනුවෙන් වෙන ගනන්ට විසඳුමක් නැති බවත් අනාන්ද පවසා සිටිනවා. එ වේලාවේ ඔහුගේ එම යෝජනාවට අකමැති වෙලා ඒ ගැන දෙව්මිට කියා ඔහු කරන්න යන දේ අවුල් කරන්නට උත්සහා කරන්න එපා තියා ඔහු උදේනිගෙන් ඉල්ලා සිටිනවා. ඒ අවස්ථාවේ ඇය ඒ ගැන කියන්නේ නැති බවත් නමුත් දෙව්මිගේ අකමැත්තෙන් කිසිවක් කරන්නට බැරි බවත් උදේනි පවසා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *