සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා.මේ වේලාවේ අමීෂාව මුණගැසේනනට පැමිණෙන මේනක, ආනන්දට ලොකුම අවුල වුයේ එදින පැමිණි ගැහැණු කෙනා ඔහු සිටින අවස්ථාවේ පැමිණය එක බව පවසද්දී ඇයට සිතෙන්නේ අවන්ත වුවත් ආනන්දගෙන් සමාව ගැනීම කල යුතු නැති බව අමීෂා පවසනවා. ඒ වේලාවේ එය ඇත්ත බවත් නමුත් අවන්ත එ කියන දේ නොඅසා ඔවුන්ගේ ගෙදරට යන බව මේනක පවසනවාත් එක්කම අවන්ත දැන් යන්නේ නැති බවත් ආනන්දත් ඔහු ඔවුන්ගේ නිවසට පැමිණෙනවාට කැමති නැති බවත් අමීෂා පවසනවා. එත් එක්කම ඇයට අවන්ත ගැන කිසිදු සැකයක් නැති බවත් ඇයට ඔහුව විශ්වාස බවත් කියමින් නමුත් එ සිදුවීමෙන් පසු ආනන්ද කියන්නේ කවුරුන්ද කියන වග ඇයට තේරුම් ගන්නට හැකි වුන බව අමීෂා පවසනවා.එ වේලාවේ අනුහසුත් මේ ගැන කතා කරන්නට ඇයව හමුවන්නට ආ බවත් ඇය ඔහුටත් කියන්න ඕනෑ දේ කෙලින්ම කියු බවත් අමීෂා පැවසුවා.ඉතිං මේ කතාබහ අතරතුරේ එතැනට එකපාරට කඩාපනින අවන්ත මේනක ආවේ ඇයිද අසමින් ඔහුත් සමඟින් ඔවුන්ට කිසි සම්බන්ධතාවයක් නැති බව අවන්ත පවසනවා. ඒ අවස්තාවේ ඔහුට සම්බන්ධතාවයක් නැති වුවාට ඇයට ඔහු සමඟින් සම්බන්ධතාවයක් තිබෙන බවත් එම නිසා ඔහු අයව මුණ ගැසෙන්නට පැමිණි බවත් අමීෂා පවසනවා.

සීයා සහ ඩිලාන් රදීෂ් සහ ලිහිණි ගැන කතා කරමින් සිටින තැනට පැමිණෙන අවන්තගෙන් දෙව්මි ඔහුට කතා කරනවාද කියා සීයා විමසද්දී ඔහු එයට නැ කියනවාත් සමඟම ඔහු කියන්නේ බොරුවක් බව දන්නා ඩිලාන් සිනාසෙමින් සීයාට බොරු කිය යුතු නැති බවත් දෙමාව්පියන් එකතු වී එය වෙනස් කරන්නට හැදුවාට ඔවුන් දෙදෙනා වෙනස් වෙන්නේ නැති බව ඔහු සහ සීයා දන්නා බව ඩිලාන් පවසනවා.ඒ අවස්ථාවේ ඔවුන් එ ගැන දන්නවා නම් අමීෂා සමඟින් සහ දේව්මිගේ තාත්තා වන ආනන්ද සමඟින් කතා කරන්න කියා අවන්ත ඉල්ලා සිටියදී ඔහු අමීෂා සමඟින් එ ගැන කතා කල බවත් නමුත් හරි ගියේ නැති බවත් නමුත් ඔහු උත්සහාය අත්හරින්නෙත් නැති බව ඩිලාන් පවසනවා.ඒ අවස්ථාවේ ඔවුන්ගේ කතාවට එකතු වන සීයා ඔහු නම් කිසිසෙත්ම අමීෂාගේ තීරණ වලට කැමති නැති බවත් එතැනදී අමීෂාගේ මෙන්ම ආනන්දගෙත් වරදක් තිබෙන බව ඔහු පවසා සිටිනවා. ඉතිං ඒ වේලාවේ ඔවුන් දෙදෙනාටම එය තේරුම් කර දී කෙසේ හෝ ප්‍රශ්නය ඉක්මනින් ප්‍රශ්නය විසඳාගමු කියා ඩිලාන් සහ සීයා අවන්තට පවසනවා.

දෙව්මි කල්පනා කරමින් සිටින තැනට පැමිණෙන ඇයගේ අයියා, ඇය මෙලෙස කල්පනා කරමින් ඉන්නේ මොනවා ගැනද කියා විමසනවා.ඒ වේලාවේ කල්පනා කරන්න ප්‍රශ්න ගොඩකත් තිබෙන බවත් නමුත් ඒ ප්‍රශ්න කල්පනා කරා කියා ඒ කිසිවක් විසඳෙන්නේ නැති බවත් දේව්මි දුකින් පවසද්දී ඇගේ ප්‍රශ්න ඔහුට කියන්න කියාත් ඔහු හැකි විදියට ඇයට උදව් කරන්නම් කියාත් පවසනවා. අවන්තට කතා කරන්න සහ හම්බන වෙන්න යන්න එපා කියා ආනන්ද ඔවුන්ගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද කියා ඇයට සිතා ගන්නට බැරි බවත් ඔවුන්ගේ ජිවිත එක තැන නතර වී ඇති බවත් ඇය පවසනවා. එත් එකක්ම ඇයට මේ වෙද්දී සමාජයට මුහුණ දෙන්න බැරි බවත් විවාහා වෙන බව සියළුදෙනාට කියා සියළු දේ සූදානම් කර පසුව මෙවැනි තීරණ ගැනීමෙන් ඇයට මිනිසුන්ට මුහුන දීමට බැරි බව ඇය පවසනවා. එ අවස්ථාවේ හැමදේටම තාත්තාට වැරදි කියන්නට එපා කියාත් අමීෂාගෙත් වැරදි තිබෙන බවත් ඔහු දෙව්මිට පැහදිලි කර දෙද්දී අවන්තව ඇයට විශ්වාස බවත් අනිත් අය ඒ ගැන වද වෙන්නේ ඇයිද කියාත් දෙව්මි ඔහුගෙන් විමසනවා. ඒ වේලාවේ ඇය අවන්තව කසාද බැන්ඳත් ඇයට කරදයක් සිදුවුවහොත් එය ඇයට පමණක් නොව ඔවුන්ටත් වන කරදරයක් බවත් ඔහු පවසා සිටිනවා.

මේ වේලාවේ කේන්තියෙන් අනුහස්ට දුරකථන ඇමතුමක් ලබාදන ආනන්ද, අනුන්ගේ ගෑනු සහ ළමයි හොයන වැඩේට ඔහුගේ දුව වන දෙව්මිව යොදා ගන්නට එපා කියා අවන්තට කියන්න කියාත් එසේ නැති වුවහොත් ඔහු කුමක් කරයිද කියා සිතා ගන්නට බැරි බවත් එහෙයින් එය ඔහුට හොඳින් පැහැදිලි කර දෙන්න කියාත් ආනන්ද පවසා සිටිනවා.ඒ අවස්ථාවේ ඔහුවත් අවතන්තවත් දෙව්මිව එලෙස එයට යොදා ගත්තේ නැති බවත් පවසද්දී ඔහු සිදුවුන සියළුදෙ දන්නා බවත් පවසමින් මෙලෙස දෙව්මි පාරවල් ගානේ ගොස් ගෑනු සොයද්දී ඔහු ගමේ ජිවත් වෙන්නේ කොහොමද අසමින් ඔහු ඒ වේලාවේම අවන්තව හමුවන්නට ගොස් එය පැහිදිලි කර දී දේව්මිව යළිත් මෙවැනි දේවල් වලට ගාව ගන්නට එපා කියා තේරුම් කර දෙන්න කියමින් ඔහු අවන්තට සහ අනුහස්ට හොඳටම දොස් කියනවා. ඒ වේලාවේ කිසිවක් කර කියාගන්නට බැරිව සිටින අනුහස් ඔහුඑය කියන්නම් කියාත් යළිත් එවැනි දේවල් වලට දෙව්මිව සම්බන්ධ කරගන්නේ නැති බවත් කියමින් ඔහු එය ආනන්දට පොරොන්දු වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *