සතියේ දින පහේම රාත්‍රි 9.00ට හිරු නාලිකාවේ විකාශය වන රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නාට්‍ය ගලා යන්නේ මෙසේයි.තමා සමඟ තරහා වී සිටින යෙනුකිව යහළුකරවා ගැනීමට සත්‍යා පැමිණෙනවා.ඉන්පසු ඇයගෙන් සමාව ඉල්ලා සිටිනවා.පසුදින ශිවාද බාබු මුණගැසීමට යනවා.ශිවා සමඟ බාබු කතා නොකර සිටිනවා.කඩය අසලට පැමිණෙන ශිවාගෙන් බාබුගේ අම්මා බාබු හට කුමක් සිදුවීද කියා විමසනවා.ඔහු ශිවා සමඟ තරහවී ඇති බව පවසා ශිවා බාබු හමුවීමට යනවා.ශිවා බාබු අසලට ගියද බාබු ඔහු සමඟ කතා නොකර සිටිනවා.ඉන්පසු අඬමින් බාබු ශිවා වැළඳගනිමින් ශිවා හට සමාව දෙනවා.මේ අතර සත්‍යා හට ඇමතුමක් දෙන ශිවා යෙනුකිගේ මාලයක් බාබු හට දුන්නාද කියා විමසනවා.එය ශිවා හට කිව්වාද කියා සත්‍යා විමසනවා.සන්තුෂ් හට මාලය ගැන විස්තර කිව්වාද කියා විමසා ඔහු හට නොරැවටෙන බව පවසනවා.මේ අතර ශිවා හට යාපනය යාමට සුදානම් වන ලෙස ශිවාගේ පුංචි පවසනවා.එහි යාමට නොහැකි බව ශිවා බාබු හට පවසනවා.කුමක් හෝ දෙයක් කළ යුතු බවත් ඔවුන් දෙදෙනා එකතු වී මින්මැදුරක් දාමු කියා කතාකරනවා.රාත්‍රියේද් ශිවා හට ඇමතුමක් දෙන සත්‍යා ඇය පාක් එකට එන ලෙසත් ඇය හමුවීමට ඔහුටද පැමිණෙන ලෙස පවසනවා.පසුදින සත්‍යාගේ බසයට නගින බාබු සත්‍යා හට තමාට ප්‍රශ්ණයක් ඇති බව පවසනවා.

තමා යෙනුකිට ආදරේකරන බව සත්‍යා හට පවසනවා.කරවල වාඩියේ සිටින සැම්සන් බෝට්ටුවකට නැග සැවෙනවා.කැම්පස් එකට යන සත්‍යා යෙනුකි හට බාබු ඇයට ආදරේ බව පවසනවා.වැල්ලේ කොල්ලන්ට ආදරේ කර දුක් විදින්න බැරි බව යෙනුකි පවසා ඇය බාබු හට අකමැති බව පවසනවා.සවස සත්‍යා අම්මා පාක් එකට යනවා.ඔවුන් පැමිණෙන තැනට ජුඩ්ද පැමිණෙනවා.සත්‍යාගේ පියා ඔහුව එවු බව ඔහු පවසනවා.මුහුද අසලට නවතා ඇති තෝමස්ගේ බසයට සැම්සන් නැග තමා කරවල වාඩියෙන් පැන ආ බව පවසනවා.බාබු හා ශිවාද පාක් එකට පැමිණෙනවා.ඔවුන් දෙදෙනා මින්මැදුරක් දැමීමට යන බව සත්‍යා හට බවසනවා.මේ අතර සන්තුෂ්ද ඔවුන් සිටින තැනට පැමිණෙනවා.යෙනුකි හා සන්තුෂ් ඉන්පසු එතැනින් පිටව යනවා.කෝප වනබාබු ඔවුන් හට පහරදීමට යනවා.ඉන්පසු එය ශිවා නවත්වනවා.බාබු ඉතාම දුකින් එතැනින් පිටව යනවා.රාත්‍රියේදි බාබු හට කෑම එක ගෙනැවිත් දෙන අම්මා බාබුගේ හිත හදනවා.බාබු තනිව කල්පනා කරමින් සිටින තැනට සැම්සන් පැමිණෙනවා.ඉන්පසු බාබුගේ බත් එක ඉල්ලාගෙන් සැම්සන් එය කනවා.බාබුව සොයා ශිවා බාබුගේ නිවසට යනවා.පසුදින කැම්පස් එන සත්‍යා යෙනුකි සමඟ කතා කර යෙනුකි සන්තුෂ් හට කේලම් කියු බව පවසනවා.කෝප වන යෙනුකි සත්‍යා හට බැනවදිනවා.

සැම්සන්ව පාරේ එමින් සිටින විට වීරවර්ණගේ පිරිස ඔහුට රැගෙන යනවා.ඉන්පසු සැම්සන් හට පහර දෙනවා.වීරවර්ණ හට ඇමතුමක්දෙන මන්ත්‍රිතුමා සැම්සන්ව නිදහස් කරන ලෙස පවසනවා.මන්ත්‍රිතුමා සැම්සන්ව තම නිවසට ගෙන්වා ගන්නවා.ඉන්පසු වීරවර්ණගේ සියලු දේ ඔහුට පවසනවා.ශිවා හා බාබු මින්මැදුර දැමීමට සුදානම් වනවා.රාත්‍රියේදි සැම්සන් තෝමස් සොයා පැමිණෙනවා.මේ අතර යෙනුකි හට දුරකථනයක් සන්තුෂ් එවනවා.ඉන්පසු සත්‍යාගේ හිත රිදෙන අයුරින් යෙනුකි කතා කර ඇය ලැඡ්ඡාවට පත්කරනවා.පසුදින බාබු හා ශිවා කුලියට කඩකාමරයක් සොයා යනවා.නිවසට යන සත්‍යා ශිවා හට යෙනුකි තමාගේ හිත රිද්දන බව පවසනවා.මේ අතර ඔවුන් කඩයක් බැලු බවත් එය අයිති වීරවර්ණ මුදලාලිට බවත් එය අඩු මුදලකට ඔවුන් හට අරන් දෙන ලෙස සත්‍යා හට බාබු පවසනවා.ඉන්පසු ඒ ගැන සත්‍යා ජේරාජ්ගෙන් විමසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *