සතියේ දින පහේම රාත්‍රි 9.30ට ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන නාඩගම්කාරයෝ ටෙලිනාට්‍ය පසුගිය දිනවල මෙසේ ගලා ගියා.රසිකා සොයා ජයන්ත නැවත පැමිණෙනවා.ඔහු දකින රසිකා නැවත ඔහුට යන ලෙස පවසා බැන වදිනවා.මෙය ඔහුගේ ගේ බවත් දරුවා ඔහුගේ බවත් පවසනවා.කේළම් අහන්නේ නැතිව තමා කියන දේ අසන ලෙස පැවසුවත් රසිකා ඔහුට තවත් බැන වැදි එතැනින් පිටව යනවා.මේ අතර බිංදු මුදලාලි කැලෑවට වී කසිප්පු විකිණීමට සුදානම් වනවා.පසුදින උදෑසන කඩයට යන මාලන් මුදලාලි හා සිරිසේන හමුවෙනවා.ඔහු ඉතාම සතුටින් සිටින අයුරු ඔවුන් දෙදෙනා දැක එයට හේතුව විමසනවා.තමා විවාහ වීමට යන බවත් විවාහ වීමට යන කෙනා කියන්නම් කියා පවසනවා.ඉන්පසු මාලන් රසිකාගේ නිවසට යනවා. ඉන්පසු ඔහු ඉතාම සතුටින් කතා කර තමා හට වටින දෙයක් කීමට ඇති බවත් රසිකාගේ පියාට පවසනවා.රසිකාගේ අම්මා එනතුරු ඔහුට සිටිය යුතු බව පවසනවා.

මේ අතර සරා හා යහළුවන් පාරේ පැමිණෙන විට සංවර්ධන මිස් පැමිණ තමාට සරාගේ හැඳුනුම්පත උවමනා බව පවසනවා.එහෙනම් තමා සමඟ බයිසිකලයේ නැග නිවසට යමු කියා පවසනවා.ඉන්පසු සරා ඇගේ බයිසිකලයට නැග නිවසට යනවා.ඔවුන් දෙදෙනා යන අයුරු පාඨලි හා ගීතිකා දකිනවා.මේ අතර රසිකාගේ පියා සමඟ මාලන් කතා කරමින් සිටිනවා.ඔවුන් කතා කරමින් සිටින තැනට රසිකාගේ අම්මා පැමිණෙනවා.ඉන්පසු තමාගේ හිතේ ඇති දේ කීමට මාලන් සුදානම් වනවා.ඔවුන් අසලට ඉන්පසු ජයන්ත පැමිණෙනවා.ඔහු රසිකා විවාහ වී සිටින කෙනා බව පවසනවා.ඉන්පසු මාලන් ඉතාම දුකින් එතැනින් පිටව යනවා.ඔහු කාර් එකට නැග නිවසට යාමට සුදානම් වන විට ඔහු ඉදිරියට සරා පැමිණෙනවා.ඔහුට සිදුව ඇති දේ කුමක්ද කියා විමසුවද ඔහු කිසිවක් නොකියා එතැනින් පිටව යනවා.සරා ඉන්පසු නිවසට පැමිණෙනවා.රසිකා වෙත යන සරා තවදුරටත් ජයන්ත උවමනාද කියා විමසනවා.තමාට ඔහු උවමනා නැති බව ඇය පවසනවා.කෝප වන සරා ජයන්ත හට බැන නැවත ඔහු පැමිණෙන විට ඔහු සිටිය නොහැකි බව පවසා පිටව යනවා.සරා හා යහළුවන් පොල්ලෙලි ගොඩගැසීමට මඩුවක් සුදානම් කරනවා.මාලන් දුකින් කඩය අසලට පැමිණෙනවා.මේ අතර ඔහු දුකින් සිටින්නේ ඇයි දැයි ඔහු විමසනවා.මේ අතර ජයන්ත ගැන විස්තර මුදලාලිගෙන් විමසනවා.සරා සොයාගෙන පාඨලි සරාගේ වාඩියට පැමිණෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *