සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ  රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා.. පසුදින උදෑසන ඊෂා විශාල්ව බලන්න රෝහලට පැමිණෙන අවස්ථාවේ ඔහු අම්මා සහ තාත්තා පැමිණි සිටිනවා දැක ඇය බියෙන් ඇතුළට පැමිණ විශාල් කරදරයේ වැටුනේ ඇය නිසා බවත් ඇයට එයට සාමව දෙන්න කියාත් ඉල්ලා සිටියදී , විශාල්ට එලෙස සිදුවුයේ ඇය නිසා කියා නොදැන සිටි ශානිකා වරද කර සමාව ඉල්ලුවාම හරිද කියා අසමින් ඇයට බැන වදින්නට පටන් ගනිද්දි විපුල ඇයව සන්සුන් කරවමින් විශාල්ට කරදරයක් සිදු වුයේ නැති හෙයින් මේ වෙද්දී ඔහු සුව අතට හැරෙමින් සිටින නිසා එය කමක් නැති බව කියමින් විපුල බියෙන් සිටින ඊෂාගේ හිත හදනවා.ඉන්පසු එලෙස කියමින් ඔහු ශානිකාවත් රැගෙන එළියට ගිය අවස්ථාවේ ඊෂා ඔහු ළඟට ගොස් ඔහුගේ සැප දුක් අසමින් යළිත් ඔහුගෙන් සමාව ඉල්ලද්දී සිදුවන්නට තිබු දේ සිදු වු බවත් යළිත් ඒ ගැන කතා කරන්නට එපා කියාත් කියමින් ඇගේ හිත හදනවා. ඉන්පසු ඔහු කරපු දේවල් වලට ඇයට කිසිදින එම ණය ගෙවා ඉවර කරනන්ටය බැරි බව කියනවාත් සමඟම විශාල් ඇය කටවත් ණය නැති බව කියමින් ඇගේ අතින් අල්ලා ගන්නවා. ඉතිං එලෙස ඔහු ඇගේ අතින් අල්ලාගෙන සිටිනවාත් සමඟම අලී සහ උඳුල් කාමරයට පැමිණෙද්දි ඔවුන් දෙදෙනාව දකින උඳුල්ගේ හිත රිදෙනවා.

ලියනගේව මගදි දකින තරුපති ඔහු ළඟට පැමිණ වාහනය නතර කරමින් ඔහු උත්සහා කලේ තරුපතිව මරා දමා හෝ අසපුව තිබෙන ඉඩම ගන්නට වුවත් එය ලෙහෙසි වන්නේ නැති බව පවසද්දී ඔහුට සිදු වු දේ ගැන ආරංචි වු බවත් නමුත් ඔවුන් අතර කුමන ප්‍රශ්න තිබුණත් මෙවැනි දෙයක් කරන්නෙ නැති බව ලියනගේ පවසද්දී ඔවුන් ප්‍රශ්නය විසඳා ගන්නට සූදානම් වෙන්නේ මෙවැනි ආකාරයකට නම් ඔහු එකට ලෑස්ති බව කියද්දී ඔහුට ඉඩම විකුණා ගැනීමට අවශ්‍ය වුවත් මෙවැනි පහත් ක්‍රියාවක් කරන්නේ නැති බව කියමින් බොරු ගොතා ලියනගේ පැවසුවත් තරුපති ඔහු කියනා කිසි දෙයක් විශ්වාස කලේ නැහැ. ඉන්පසු දිගින් දිගටම ඔහු කල වරද පිළිනොගත් හෙයින් තරුපති ඔහුගේ බෙල්ල තද කරමින් විශාල් කුමක් හෝ දෙයක් සිදුවුවහොත් ඔවුන් කිසි කෙනෙකුට හොඳින් ඉන්නට ඉඩ නොතබන බව කියමින් තරුපති එතනින් පිට වෙනවා.ඉන්පසු විශාල්ව බලනන්ට රෝහලට පැමිණෙන තරුපති , ඔහුගේ අසනීප ගැන අසමින් ඔහුට සිදු වු දේට යළිත් සමාව ඉල්ලමින් ඔහු එතැන නොසිටින්නට ඔහු අද මේ විදියට සිටින්නේ නැති වෙන්නට ඉඩ තිබුණු බව තරුපති පවසනවා.

වින්ඩිට බොරු කියමින් පැරිසියට ගිය අගස්ති වෙනතු අයකු සමඟින් අතින් අල්ලාගෙන සතුටින් කතා කරමින් ඇවිද යනවා කවුරුන් හෝ කෙනෙකු විසින් ඡායාරූප ගෙන සමාජ මාධ්‍යට මුදා හරිනවා. මේ වේලාවේ මුහුණුපොතේ සිටින වින්ඩි එකපාරටම එම ඡායාරූප දකිනවාත් සමඟම කලබල වී ඇයට කරන්නට ඕනේ කුමක්ද කියා සිතා ගන්නට නොහැකිව අගස්තිට දුරකථන ඇමතුමක් ලබා ගනිමින් ඔහු කොහේද ඉන්නේ කියා අසද්දී ඔහු ප්‍රසංගයේ වැඩකට එළියට ආ බවට බොරු ගොතා පවසනවා. මේ වේලාවේ ඔහු ඇයට බොරු කරනා බවත් ඔහු කෙල්ලෙක් සමගින් අතින් අල්ලාගෙන යන ඡායාරූප මේ වෙද්දී සමාජ මාධ්‍ය පුරාම පැතිරි ගොස් ඇති බව වින්ඩි හඬමින් පවසනවා. ඉන්පසු වජිරාගේ නිවසට හඬගෙන පැමිණෙන වින්ඩි ඇය දුටු දේ ගැන කියමින් අගස්තිට ඇය දුරකථන ඇමතුම් දිගින් දිගටම ගත්තත් ඒවාට ඔහු පිළිතුරු නොදෙන බවත් ඇය හඬමින් පවසනවා. ඒ වේලාවේ වජිරා ඇයට ඇගේ දුක තේරෙන බවත් නමුත් කුමක් සිදු වුවත් ඇයට මේ ගමන තනිව යාමට ශක්තියක් තිබිය යුතු බව පවසමින් ඇගේ හිත හදන්නට උත්සහා ගන්නවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *