සතියේ දින වල රාත්‍රි 9.00ට ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන චලෝ ටෙලි නාට්‍ය කාගේත් සිත් දිනාගනිමින් මෙසේ ගලා යනවා.දුනුමෑව පාසලට අළුතින් ආ පිරිමි ළමයා සමඟ හංසි කතා බහ කරමින් සිටිනවා.ඔවුන්ගේ පිරිමි ළමුන් කැඩෙට් පුහුණුවට ගිය බව හංසි ඔහුට පවසනවා.ඔහුද කැඩට් වලට ආස බවත් නිශ්ශංක සර්ව ඔහු දන්නා බවත් පවසනවා.මේ අතර චින් හා පහළ පංතියක සිටින ගැහැණු ළමයෙක් පාපන්දු කණ්ඩායම ගැන කතා කරමින් සිටිනවා.ඇයටද කණ්ඩායමට බැඳෙන ලෙස චින් ඇයට කතා කරනවා.ඇය එයට කැමති බවත් නමුත් එයට බය බවත් පවසනවා.පසුදින පාසලේ තනියෙන් කල්පනා කරමින් සිටින චින් වෙත පුර්ණ පැමිණෙනවා.කවදාවත් ඔවුන්ට සමස්ථ ලංකා යාමට නොහැකි බව පවසනවා.පුර්ණ සඟවාගෙන තිබු ඔට්ටපාලු බෝලයක් දෙනවා.

පාසලට බෝලයක් ගන්නාතෙක් එයින් සෙල්ලම් කරන ලෙස පවසනවා.සුද්දි අළුතින් හමුවු පාපන්දු බෝලයක් අතැතිව සිටිනවා.එතැනට පැමිණෙන නිර්මලා පාසලේ බෝල නැති වු බවත් මෙය කාගෙද කියා විමසනවා.එය පාසලට දීමට කබලේ මුදලාලි දුන් බව පවසනවා.කෝප වන නිර්මලා එය නැවත ගිහින් දෙන බව පවසනවා.එයට අකමැති වන සුද්දි එය නැවත දීමට අකමැති වනවා.පසුදින බෝලය රැගෙන සුද්දි පාසල් යනවා.එය චින් අතට දුන් සුද්දිගෙන් එය හමුවුයේ කාගෙන්ද කියා විමසනවා.අඳුරන මාමා කෙනෙක් ගෙනැවිත් දුන් බවපවසනවා.පසුදින උදෑසන ක්‍රිඩා පිටියට යන විදුහල්පතිතුමා නැති වු ක්‍රිඩා භාණ්ඩ පිටියේ දමා ගොස් ඇති බව පවසනවා.එතැනට යන විදුහල්පතිතුමා හට ඔහු යමුනා මිස්ට කණ්ඩායමක් හදන්න කියා කියු දවස මතක් වනවා.චලෝ තනිව කල්පනා කරමින් සිටිනවා.ඉන්පසු එතැනට මින්චි පැමිණෙනවා.තමාගේ හිතේ දෙයක් ඇති බවත් එය මින්චි හට පැවසීමට හැකිද කියා විමසනවා.කබලේ මුදලාලි සුද්දි හට බෝලයක් ගෙනැවිත් දුන් බව පවසනවා.

මේ විස්තරය කාට නැතැත් යමුනා මිස්ට කිව යුතු බව පවසනවා.කණ්ඩායමේ සියලු ළමුන් කතා කරමින් සිටින තැනට පැමිණෙන සුද්දි බෝලය ඔවුන් හට දෙනවා.එය දකින සියලු දෙනා සිනාසෙනවා.එය වොලිබෝලයක් බවත් පාපන්දුවක් නොවන බවත් පවසනවා. පාසලේ සියලු දෙනා නිවාසාන්තර ක්‍රිඩා උත්සවය සඳහා සුදානම් වනවා.රාත්‍රියේ අසනීප වී ඇති අම්මා වෙත පුර්ණ පැමිණ ඇයට ප්‍රතිකාර කරනවා.සේම් සරා හමුවන හංසි අයියාහට අළුතින් පාසලට ආ පිරිමි ළමයෙකු සමඟ සම්බන්ධකමක් ඇති කරගෙන ඇති බව පවසනවා.පාසලේ සියලු ළමුන් තරඟ සඳහා රණ්ඩු වනවා.විදුහල්පතිතුමා රුවන් සමඟ කවුරුන් හෝ ජාතික මට්ටමෙන්හෝජාත්‍යන්තර මට්ටමින් ඉදිරියට ගෙන යායුතු බව පවසනවා.එයට රුවන් හටද උදව් කරන ලෙස පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *