ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන ටීච අම්මා ටෙලිනාට්‍ය සතියේද සෑම දිනකම රාත්‍රි 8.30ට විකාශය වෙනවා.එම කතාවේ අවසන් කොටස් කීපයේ මෙසේ ගලා යනවා.බන්ටි උදෑසන නිවසට වී බත් කමින් සිටිනවා.එතැනට පැමිණෙන බන්ටිගේ අම්මා නිවස තුලට ගොස් කන ලෙස පවසනවා.නමුත් ඔහු එයට අකමැති වනවා.සයොනාරා ටීච හට කතා කරන අම්මා රාසික් කියු ලෙස චින්තක හට මැණික පෙන්වන ලෙස කියනවා.නමුත් සයොනාරා ටීච හට එය හිතට මදි බවත් දැනෙන බව පසනවා.බන්ටිගේ නිවසට මහේෂ් පැමිණෙනවා.ඉන්පසු ඔවුන්ගේ නිවසේ ඇති සියලු දේ එළියට දමනවා.ඔවුන්ගෙන් ගත් මැණික් ගල කොහේද කියා ඔහු විමසනවා.පසුදින සීගිරි බන්ටිගේ නිවසට පැමිණෙනවා.ඉන්පසු එහු බන්ටිගේ අම්මා සමඟ කතා කරනවා.ඉන්පසු මැණික් ගල ගැන සීගිරි දන්නා බව පවසනවා.ඔහු සමඟ එකතු වී මැණික් ගල විකුණමු ලෙස පවසනවා.ඉන්පසු එතැනට බන්ටිගේ නංගි පැමිණෙනවා.සීගිරි එතැනින් පිටව යනවා.සීගිරි මැණික් ගලගැන දන්නා බව අම්මා බන්ටිගේ නංගි හට පවසනවා.එය බොරු බවත් අම්මාගෙන් එය දැනගැනීමට හදනා බවත් පවසනවා.සීගිරි තිලක් මුදලාලිගේ නිවසට පැමිණෙනවා.ඉන්පසු ඉක්මනින් බන්ටිගේ නිවසට පොලිසියෙන් යවන ලෙස පවසනවා.මේ අතර චින්තක බන්ටිගේ නිවසට පැමිණ මැණික් ගල බැලීමට පැමිණෙනවා.බන්ටිද නිවසට පැමිණෙනවා.ඉන්පසු බන්ටි අත ඇති මැණික් ගල චින්තක හට දෙනවා.

එය සැඟවී සිටින මහේෂ් හා සීගිරි එය දකිනවා.මැණික් ගල බෑග් එකට දමන චින්තක බෑග් එකෙන් තුවක්කුවක්ගෙන ඔවුන්ව බිය ගන්නවා එය රැගෙන යනවා.ඉන්පසු ඔහු පසු පස යන මහේෂ් හා පිරිස චින්තක හට ගසා එය රැගෙනයනවා.බන්ටි මුණගැසීමට නුවංග පැමිණෙනවා.ඉන්පසු බන්ටි හට නුවංග කෑම පාර්සලයක් ගෙනැවිත් දෙනවා.එහිදි බන්ටි ටීච කියු පරිදි බොරු මැණිකක් එතැනට රැගෙන ආ බව පවසනවා.ඇත්ත මැණික තමා ළඟ ඇති බව පවසනවා.නිවසට පැමිණෙන මහේෂ් තමා සොරකම් කර ඇත්තේ පළුඳු මැණිකක් බව තිලක් මුදලාලි හට පවසනවා.නමුත් එය බොරුවක් බවත් අනිවාර්යෙන් මැණිකක් බන්ටි ළඟ ඇති බව පවසනවා.තාත්තා හා අයියාගේ කතා බහ අසා සිටි අරුෂ්ගේ නංගි රාත්‍රියේදි සයොනාරා හට ඇමතුමක් ගන්නවා.මැණික් ගල සයොනාරා මරා හෝ එවුන් ගන්නා කියු බව ඇය සයොනාරා හට පවසනවා.රාත්‍රියෙදි මහේෂ් විදුහල්පතිගේ නිවසට පැමිණෙනවා.ඔහු ආවේ සයොනාර ටීච හට අනතුරු ඇඟවීමක් කර යන්න කියා පවසනවා.ටීච හට කතා කරන මහේෂ් ඉක්මනින් ඇයට කොළඹ යන ලෙසත් මැණික් ගල තාත්තා හට අරගෙන දීමට ඔහු ඕනම දෙයක් කරන නිසා ඇයට පරිස්සම් වන ලෙස කියනවා.ඉන්පසු සයොනාර ටීච සිදුව ඇත්තේ බන්ටි හට මැණික් ගල හමුව ඇත්තේ ගඟ අදින විට යැයි පවසනවා.ඉන්පසු මහේෂ් එතැනින් පිටව යනවා.

පිටරට සිට සයොනාරා ටීචගේ තාත්තා පැමිණෙනවා.අධිකාරම් ලෙස පැමිණි කෙනාගේ ඇත්ත නම චින්තක ලෙසත් ඔහු වික්‍රමගේ කෙනෙක් බවත් ඇත්ත අධිකාරම් හා රාසික් අද දින විනි හමුවීමට එන බව පවසනවා.කඩයට උපුල් මහතා පැමිණෙනවා.ඉන්පසු ඔහු සිහි විකාරෙන් මෙන් කියවනවා.සයොනාරා හට ඇමතුමක් ගන්නා තාත්තා බන්ටිව එදිනම කොළඹ එවන ලෙස පවසනවා.එතැනට පැමිණෙන නුවංග තමා බන්ටිව කොළඹ රැගෙන යාමට කැමති බව පවසනවා.බන්ටිගේ නිවසට පැමිණෙන සයොනාරා ටීච බන්ටි කොළඹ යන බව පවසනවා.කෝපයෙන් නිවසට පැමිණෙන මහේෂ් හා පිරිස බන්ටිගේ අම්මා හට පහර දෙනවා.එහිදි බන්ටිගේ අම්මා සිහි නැති වී වැටෙනවා.කෝපයෙන් අරුෂ්ගේ නිවසට චින්තක පැමිණෙනවා.තමාගේ ළඟ මැණික ගල නැති බවත් තමාගේ බිරිඳ හා දරුවා නිදහස් කරන ලෙස කියනවා.අරුෂ්ගේ තාත්තාගෙන් අරුෂ්ගේ නංගි කියු දේවල් අම්මා ඔහුගෙන් අහනවා.බන්ටි හා නුවංග සයොනාරා ටීචගේ නිවසට පැමිණෙනවා.විදුහල්පතිතුමා හා සයොනාරා ටීච පාරේ එන විට එතැනට තිලක් මුදලාලි පැමිණෙනවා.ඉන්පසු සයොනාරා ටීච හට තර්ජනය කර එතැනින් යනවා.අරුෂ්ගේ නංගි සයොනාරාගේ නිවසට පැමිණෙනවා.ඇය එහි නැවතීමට ආ බව පවසනවා.සයොනාරාගේ පියා හමුවීමට වික්‍රම පැමිණෙනවා.තමාට ආයතනයේ අයිතිය ඇති බවත් එහි යතුරු දෙන ලෙසත් පවසනවා.රාසික් විනි හමුවීමට පැමිණෙනවා.බන්ටි හට කතා කර මැණික් ගල ගේන ලෙස කියනවා.

නමුත් ඔහු මැණික් ගල නොගෙනා බවත් ටීච නොමැති විටමැණික් ගල නොගෙනයන ලෙස පැවසු බව කියනවා.නිවසින් ගිය අරුෂ්ගේ නංගි සොයා අරුෂ් හා තාත්තා පැමිණෙනවා.ඉන්පසු අකමැත්තෙන්ම ඇයව නිවසට එක්කගෙන යනවා.නුවංග හා සයොනාරා ටීච කතා කරමින් සිටිනවා.ඉන්පසු නුවංග තමා සයොනාරා ටීච හට ආදරය කරන බව පවසනවා.කිසිවක් නොකියා සයොනාරා ටීච එතැනින් පිටව යනවා.පසුදින සයොනාරා ටීචගේ තාත්තා හා බන්ටි නිවසටපැමිණෙනවා.ඉන්පසු එතැනට මහේෂ්ගේපිරිස පැමිණෙනවා.ඔවුන් දකින බන්ටි එතැනින් දිව යනවා.බන්ටිස සැඟවෙමින් පාරේ එන විට ඔහු තිලක් මුදලාලිට හමු වනවා.ඉන්පසු බන්ටි හට ගසා බන්ටිගෙන් මැණික් ගල ගන්නවා.සයොනාරා ටීච හා නුවංග කතා කරමින් සිටිනතැනට බන්ටි එනවා.ඉන්පසු ඔහු අත තිබී තිලක් මුදලාලි රැගෙන ගියේ බොරු මැණිකක් බව බන්ටි පවසනවා.ඇත්ත මැණික් ගල රැගෙන බන්ටි හා නුවංග පැමිණෙනවා.සයොනාරාගේ පියා වික්‍රමගේ වැඩ ගැන සොයාගත් බවත් එය පොලිසියට බාර දුන් බවත් පවසනවා.වික්‍රම හදිසියෙන් නිවසට පැමිණෙනවා.ඉන්පසු ඉක්මනින් පාස්පෝට් හා බෑග් දෙක ඉක්මනින් ලෑස්තිකරනලෙස පවසනවා.ඔවුන් කතා කරමින් සිටින විට එතැනට පොලිසියෙන් පැමිණෙනවා.ඉන්පසු වික්‍රම හා අරුෂ් පොලිසියට හසු වනවා.පසුදින රාසික් බන්ටි හමුවීමට එනවා.ඉන්පසු එය රාසික් පරික්ෂා කරනවා.එම මැණික් ගල කෝටි හැත්තෑවක් වටින බවපවසනවා.පසුදින ක්‍රිකට් කණ්ඩායම තරඟයට යාමට සුදානම් වනවා.එයින්ද පාසලේ දරුවන් ජයග්‍රහණය කරනවා.ජයග්‍රහණය කර පාසලට පැමිණෙන සයොනාරා පිලිගැනීමට මහේෂ් බලා සිටිනවා.

ඉන්පසු කවුදෝ අයෙක් සයොනාරා දෙස බලා සිටන අයුරු දැක ඔහුට මීට පෙර තිලක් මුදලාලි සල්ලි දුන් අයුරු මතක් වනවා.එම පුද්ගලයා අත ඇති තුවක්කුවගෙන වෙඩි තැබීමට හදනා විට එයට පනින් මහේෂ් හට වෙඩි වැදෙනවා.ඉන්පසු නැවතත් එම පුද්ගලයා වෙඩි තබනවා.එය සයොනාරා ටීච හට වැදෙනවා.ඇය අමාරුවෙන් විදුහල්පතිතුමා හට තමා වෙනුවෙන් තමාගේ දිනපොතේ ඇති වාසල මුදලිගේ නම් වෛද්‍යවරයා හට කතා කරන ලෙස පවසනවා.ඇයගේ ඇස් හිමිදිරි හට දෙන ලෙස පවසනවා.සියලු ප්‍රෙක්ෂකයන්ගේ හිත් හඩවමින් ටීච අම්මා ටෙලි නාට්‍ය අවසන් විය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *