හිරු නාලිකාවේ විකාශය වන රැල්ල වෙරළට ආදරෙයි ටෙලිනාට්‍ය සතියේ දින පහේම රාත්‍රි 8.30ට විකාශය වන කාගේත් සිත් සොරාගත් ආදරනීය කතාවකි.පසුගිය සති කීපයේ සිදුවූ දේ විමසා බලමු.අතුරුදහන් වූ සැම්සන් ගැන තෝමස් ශිවා හා බාබු අතර පවසනවා.මෙයට සැක කරන්නේ වීර වර්ණ බවත් සැම්සන් කිසි දිනක කරවල වාඩියට යාමට සිටි අයෙක් නොවන බව ඔහු දන්නා බවත් පවසනවා.මේ අතර ජුඩ්ගේ පියාගේ දානේ දවසේ වැල්ලේ සිටින අයට බත් පාර්සල් දීමට අම්මා සමඟ ජූඩ් සුදානම් වනවා.ශිවාගේ නිවසට එන ජුඩ් මාකස් හට බත් පාර්සලයක් දෙනවා.ශිවා හට පරිස්සම් වී සිටින්නට කියාත් ඔහුට ඔහුගේතරමට සිටින ලෙසත් පවසා ජුඩ් එතැනින් පිටව යනවා.ඉන්පසු ජුඩ් හා ඔහුගේ මව වීරවර්ණ හමුවීමට යනවා.එහිදි මෙරිල් ඇමතිගේ පුතා සත්‍යා හට තීන්දු කරඇතිද කියා විමසනවා.එසේ කර නැති බව වීරවර්ණ ඇයට පවසනවා.කෝප වන ජුඩ් ගේ අම්මා වීරවර්ණ හට බැන වදිනවා.මේ අතර සත්‍යාගේ නිවසට පියානෝ උගන්වන ගුරුවරියක් පැමිණෙනවා.

පසුව සත්‍යාද නිවසටපැමිණෙනවා.ඔවුන් පියානෝ එක පුහුණු වෙමින් සිටිනවා.ඉන්පසු එතැනට පැමිණෙන වීරවර්ණ ඇය සමඟ කතා කර නිවස තුලට ගොස් පැමිණි ගුරුවරිය ගැන විස්තර ජේරාඩ්ගෙන් විමසනවා.කැම්පස් ඉවර වී නිවසට පැමිණෙනවා.ඉන්පසු ඇය ශිවා හට ඇය ඇමතුමක් ගන්නවා.යාපනයේ සිට ආ පුංචි හට සත්‍යාව පෙන්වනවා.මෙරිල් ඇමති වීරවර්ණගෙන් පලිගැනීමට කල්පනා කරමින් සිටිනවා.සත්‍යා පල්ලියට යන බව ශිවා හට දැනුම් දෙනාවා සත්‍යා පල්ලියට ගිය පසු වීරවර්ණද පියතුමා හමුවීමට පැමිණෙනවා.රාත්‍රියේදි ජුඩ් මාකස් හමුවීමට පැමිණ ඔහුට වීරවර්ණ හමුවීමට යන ලෙස පවසනවා.පසුදින සුදානම් වී මාකස් ශිවා හටද පවසා වීරවර්ණගේ නිවසට යනවා.ඉන්පසු මාකස් දකින සත්‍යා ඔහුට ඉතාම ආදරෙන් සලකනවා.මාකස් වෙත පැමිණෙන සත්‍යාගේ අම්මාටද සත්‍යා මාකස් ශිවාගේ පියා ලෙස හඳුන්වනවා.වීරවර්ණ හමුවීමට එන මාකස් හට තලවිල යාමට ඔහු තීරණය කර ඇති බවත් එයට එක්කගෙන යාමට සියලු දෙනා රැස් කරන ලෙස පවසනවා.විස්තර දැනගන්නා මාකස් එතැනින් පිටව යනවා.බාබු හට ඇමතුමක් ගන්නා සත්‍යා මෙරිල් ඇමති සමඟ වීරවර්ණ තරහා වී ඇති බවත් මාලය ඔවුන් හට දීමට උවමනා බවත් පවසනවා.බාබු ළඟ එයට විසදුමක් ඇති බව පවසා සත්‍යා හට පවසනවා.

මේ අතර කැතරින්ගේ හෝටලයේ මැනේජර් ඇයගේ පස්සෙන් එන බව පවසනවා.ඔහුට බනින ලෙස පවසා එතැනින් පිටව යනවා.සත්‍යා කාමරයට වී සිටින විට යෙනුකි නිවසට පැමිණෙනවා.ඉන්පසු යෙනුකි හටද සත්‍යා මාලය ගැන පවසනවා.මේ අතර සත්‍යා එතැනින් පිටවූ විට සන්තුෂ් යෙනුකි හට පවසනවා.ඉන්පසු කතාවක් ඔහුට කීමට ඇති බව පවසනවා.පසුදින බාබු යෙනුකි හමුවීමට යනවා.ඉන්පසු යෙනුකිද එතැනට පැමිණෙනවා.යෙනුකි හට බාබු මාලය දෙන අයුරු ශිවා දකිනවා.එය දකින ශිවා කෝප වනවා.පසුව සන්තුෂ් හමුවීමට යන යෙනුකි සියලු දේ පවසා මාලයද ඔහු අතට දෙනවා.ඔවුන් කතා කරමින් සිටින අතරතුර සත්‍යා යෙනුකි හට ඇමතුමක් ගන්නවා.ඉන්පසු සන්තුෂ්ද ඇමතුම ගෙන සත්‍යා සමඟ කතා කරනවා.වීරවර්ණගෙන් පළිගැනීමට උවමනානම් කල යුත්තේ සත්‍යා හා ශිවා හට පැන යාමට උදව් කිරීම බවත් සත්‍යා ගැන ඇයට ඉරිසියාවක් ඇති බවත් යෙනුකි පවසනවා.තනිව කල්පනා කරමින් සිටින සත්‍යා හට යෙනුකි ඇය සමඟ කියු දේවල් මතක් කරනවා.යෙනුකි නැවතත් සත්‍යා හමුවීමට පැමිණෙනවා.ඉන්පසු ඇයගෙන් සත්‍යා සන්තුෂ් ඇයගේ කවුද කියා විමසනවා.ඉන්පසු සන්තුෂ් ඇයගේ පෙම්වතා බව පවසනවා.ඉන්පසු තමා හට ද්‍රෝහිකම් කලා යැයි පවසා යෙනුකි හටබැන වදිනවා.ඉන්පසු යෙනුකි කේන්තියෙන් එතැනින් පිටව යනවා.මේ අතර ශිවා බාබු හට පැමිණ සිදු වු දේ පවසනවා.ඉන්පසු කිසියම් දෙයක් හංගන බවත් පවසා ශිවා බාබු හට පහර දෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *