සතියේ දින පහේම සිරස ටීවී නාලිකාව ඔස්සේ රාත්‍රී හතයි තිහට විකාශනය කෙරෙන කිසා ටෙලි නාට්‍යය කාගේත් ආදරයක් සමඟින් හොඳ ප්‍රතිචාර ලබමින් ඉදිරියට ගලාගෙන යනවා. අරිෆ්ගේ කඩය ළඟට පැමිණෙන සෙයිඩා එදින හවස සාප් දරුවන් රැගෙන ඔහු අලුතින් නැවතී සිටිමට ගත් නිවස වෙත යන හෙයින් අරිෆ්ට එදින් දරුවන් ගන්නට පසලට යන්න එපා කියනවා. ඒ වේලාවේ සාප් නැවතී සිටින්නට නිවසක් අරන් තිබෙන්නේ ඒ අවටින්ම නේද කියා සෙයිඩාගෙන් විමසමින් ඒ කොහේද කියා අසනවා. මේ වේලාවේ ඇය ඒ ගැන නොදන්නා බවත් නමුත් ඉක්මින්නම ඒ ගැන දැනගන්නට ලැබෙයි කියාත් සෙයිඩා පවසනවා. මේ වෙනකන් බාහර්වත්,අරිෆ්වත් ,සෙයිඩාවත් දන්නේ නැහැ සාප් නැවති සිටින්නට ගත් නිවස අරිෆ්ගේ නිවසක් බව. සාප් ඒ සියළුදේ ඔවුන්ට හොරෙන් සැලසුම් කරලයි කරේ.ඉතිං ඉන්පසු දරු දෙදෙනා සමඟින් ඔහුගේ නිවස තිබෙන තැන පෙන්වන්නට යන සාප්ගේ නිවස ඔවුන්ගේ නිවසට උඩ තට්ටුවේ තිබෙන බව දැනගත් දොරුක් සහ මිසන් ජනේලයෙන් එබී සෙයිඩාට කතා කරමින් සාප්ගේ නිවස ලස්සන බව පවසනවා. මේ වේලාවේ ඔවුන් උඩ තට්ටුවේ සිටින බව දුටු බහාරුත් ,සෙයිඩාත් ,අරිෆුත් ඒ දෙස පුදුමයෙන් බලා සිටිනවා.

ඉතිං මේ වේලාවේ සාප්ව දැක කෝපයට පත් වුන සෙයිඩා ඒසේ සාප් එතැනට පැමිණිය එක අදහාගත නොහැකිව සිටින අරිෆ් ළගට පැමිණ සාප්ට එම නිවස දුන්නේ ඇයි දැයි අසමින් ඔහුට බැන වදිද්දි ඔහු ඒ කිසිවක් නොදන්නා බවත් එය දැනගෙන සිටියා නම් ඔහුට එම නිවස ගන්නට ඉඩ නොදෙන බවත් කෑගසා පවසනවා. එත් එක්කම සාප්ව දැක කබලබයට පත් වුන බහාර් නිවස වටේ ඇවිදිමින් එය සිතාගත නොහැකිව ඇය අරිෆ්ට සහ සෙයිඩාට මුහුණ දෙන්නේ කෙසේද කියා කල්පනා කරමින් සිටිනවා. ඉන්පසු කලබල වී කේන්තියෙන් සිය තාත්තා හමුවන්නට යන අරිෆ් , ඉතාමත් සද්දනේ ඔහුගෙ තාත්තාගෙන් සාප්ට නිවස දුන්නේ ඇයි ද කියා අසමින් බැන වදිනකොට එම කතාව මැද්දට පනින සෙයිඩා ඔහු එලෙස නිවස ලබා දී ඇත්තේ බහාර්ගේ කලින් සැමියාට බව පවසනවා. ඒ වේලාවේ එතැනට එන්නේ සාප් කියා නොදන්න යුසුෆ් ඔහු ඒ බව දැනගෙන නොසිටි බවත් ඔහු කිසිදින බහාර්ගේ සැමියාව දැක තිබුනේ නැති බවත් පවසනවා.ඔය වේලාවේ සාප් ගැන කේන්තියෙන් සිටින බහාර් ඔහු ළඟට පැමිණ ඔහු කලේ වරදක් බව කියමින් චෝදනා කරනවා.  ඉන්පසු කේන්තියෙන් නිවසට යමින් සිටියදී බහාර්ට සෙයිඩා හමු වු අවස්ථාවේ ඇය මේ කිසිදෙයක් ගැන නොදැන සිටි බවත් මෙලෙස කපටිකමෙන් ඔවුන් සිටින නිවසටම ඔහු පැමිණියාට ඇයට ඔහු ගැන ඇත්තේ කියා ගන්නට බැරි තරමේ වෛරයක් බවත් ඇය පවසනවා.

සෙයිඩා සමගින් දරුවන්ව පාසලෙන් අරගන්න යන්න සූදානම් වෙද්දී ඇයට අරිෆ්ට කතා කල යුතු බව සෙයිඩාට කියමින් බහාර් අරිෆ්ගේ කඩය ඇතුළට පැමිණෙනවා. එලෙස පැමිණ ඇය සාප් මෙලෙස ඔවුන්ගේ නිවස ළගට පැමිණෙනවා කියා දැනගෙන නොසිටි බව දිව්රා පවසනවා. එ වේලාවේ එය දැනගෙන සිටියා නම් ඇය කිසිසෙත්ම ඔහුට එතැනට එනන්ට ඉඩ නොදෙන බව පවසද්දී ඇයව ගානකට නොගෙන එය දැනගත්තා නම් ඔහුට එනන්ට ඉඩ හරින්නේ නැත්තේ ඇය දැයි විමසනවා. ඒ වේලාවේ එය ඔහුගේ තැනක් බැවින් ඔහුගේ හිත රිද්දවන්නට ඇයවට උවමනාවක් නැති බවත් මේ ගැන යුසුෆ්වත් දැනගෙන සිටියේ නැනේද කියා බහාර් අරිෆ්ගෙන් විමසනවා. ඒ වේලාවේ ඔහු දන්නේත් නැ බහාර් දන්නෙත් නැ කිසිම කෙනෙක් ඒ ගැන දන්නේ නැති බවත් සාප් මැජිකාරයෙක් වෙන්නට ඇති බව කියමින් බහාර්ව ගනන් නොගෙන ඉන්නවා. මේ වේලාවේ ඔහු සාප්ව ගෙදරින් එළියට ඇඳ දම්මහොත් ඇයට හිත රිදෙනකක් නැ නේද අසමින් ඔහු සාප්ව ඔහුගේ ඇස් ඉදිරිපිට දකින්නටය අකමැති බව පවසද්දී එය ඇයට ප්‍රශ්නයක් නොවන බවත් ඔහු කැමති දෙයක් කරන්න කියාත් පවසමින් බහාර් එතැනින් යනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *