සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ  රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා..අලීව සහ උදුල්ව හමුවන්නට අසපුවට පැමිණෙන ඊෂා එළිමහනට වී ඔවුන් එනතුරු බලා සිටිනවා. ඉන්පසු එතැනට පැමිණෙන උදුල්ට සහ අලීට, ඇය එදින පාන්දර නරක සිහිනයක් දුට බව පවසමින් ඇයට ඒ ගැන කියන්නත් බය බව පවසනවා. ඒ වේලාවේ ඊෂාගේ හිස අතගාමින් ඇය කැමති නම් පමණක් ඔවුන්ට ඒ කුමක් ගැනද කියා පවසන්න කියා උඳුල් කියනවා. ඉන්පසු ඇයට අගස්ති විසින් යමක් ලබා දී එය පානය කිරිමෙන් පසු ඇයට කටහඬ නැති වී ගිය බව ඊෂා පවසනවා. මේ වේලාවේ අගස්ති කොයි මොහොතක හෝ පැමිණ ඇයට අනතුරක් සිදු කරයි කියා ඇගේ හිතට බය බව ඊෂා වේදනාවෙන් යුතුව පවසා සිටිනවා. මේ වේලාවේ යළිත් ඊෂාට ලංවී ඇගේ හිස අතගාන උඳුල් , ඇයට කිසිම කරදරයක් නොවන බවත් එය හීනයක් පමණක් වන බවත් කියමින් ඇයට බය නොවි ඉන්න කියා පවසනවා. ඉන්පසු ඇයට ඒ ගැන ඔවුන්ට කියා හිත නිදහස් කර ගැනීමටයි ඕනෑ වුනේ බව කියමින් ඇය එකපාරටම හිඳගෙන සිටි තැනින් නැගිට යන්නට යනවා. ඒ වේලාවේ ඊෂාව උඳුල් නතර කරගන්නට උත්සහා කලත් ඇය නැවතුනේ නැහැ.

ඔය අතරේ අගස්ති පැරිසියට යාමට සූදානම් වෙමින් සිටියදී වින්ඩිත් ඔහු ළඟට පැමිණ ඔහුට ගෙන යන්නට අවශ්‍ය කරන දෑ ගැන සොයා බලමින් ඔහුට උදව් කරනවා. එ අතරදී වින්ඩි ඔහුව එයාර්පොට් එකටය ගොස් ඇරලවන්නට අවශ්‍ය බව කියද්දී එලෙස ඇය කරදර විය යුතු නැති බවත් , ඔහුට තනිව යාමට හැකි බවත් පවසනවා. එත් එකක්ම පැරිසියට ගිය සැණින් තේමීයට කතා කරන්න කියාත් ඔහු යළිත් එනකක් නැති වෙයි කියා තේමීය බයෙන් සිටින බවත් වින්ඩි පවසා සිටිනවා. ඉතිං ඉන්පසු අගස්ති නිවසින් පිට වෙන්නට සූදානම් වෙනවාත් සමඟම අගස්ති ළඟට යන වින්ඩි ඇයට ඔහු නැති පාළුව ඉතා තදින් දැනෙන බව කියද්දී එය එසේම ඔහුටත් දැනෙන බවත් ඉතා ඉක්මනින් යළි ඔහු එන බවත් කියමින් වින්ඩිට අගස්ති පොරොන්දුවක් දෙමින් පිටව යනවා.

යළිවතවක් ලියනගේ තරුපති හමුවීමට තවත් පුද්ගලයකු සමඟින් පැමිණ ඔහුට නියම තැන කිහිපයක්ම අසපුව දාන්නට හමුවුන බව කියනවා. ඒ වේලාවේ ඔහුට අසපුව තිබෙන තැනින් යනන්ට තව කාලයක් තිබෙන බැවින් එය ඒ කාලයේදී බලමු කියා තරුපති පවසා සිටිද්දී ලියනගේ සමඟින් පැමිණි අනිත් පුද්ගලයා ඔවුන්ගේ කතාවට මැදිහත් වෙමින් මාස තුනක් කියන්නේ ලොකු කාලයක් නොවන බව පවසනවාත් සමඟම ඔහු කවුරුන්ද කියා තරුපති ලියනගේගෙන් විමසනවා. ඒ වේලාවේ ඔහු එම හෝටලය හදන්නට යන පුද්ගලයාගේ ගෝලයකු බවත් එහි වැඩකටයුතු සියල්ල බලා ගනු ලබන්නේ ඔහු බව ලියනගේ පවසා සිටිනවා. ඉන්පසු එම පුද්ගලයා විසින් ඔවුන් මාස තුනක් වැනි කාලයක් ඇතුළත අසපුව කඩා ඉවත් කර එහි හෝටල සාදන බව කියමින් එයට ඉඩ දෙන ලෙස ඉල්ලා සිටිනවා. ඉන්පසු අසපුව දෙස බලමින් කල්පනා කරමින් සිටින තරුපති ළඟට උඳුල්, ඊෂා සහ අලී පැමිණ ඔහු මොනවාද කල්පනා කරන්නේ කියා විමසනවා. ඒ වේලාවේ ඔවුන්ට තෙරම් කාලයක් පංති කරන්නට අසපුවේ හැකිවෙයිද දන්නේ නැ කියා වේදනාවෙන් පවසනවා.මේ වේලාවේ හෝටලය හදන්නට යන පිරිස කෙසේ හෝ ඉඩම ගනන්ට උත්සහා කරනා බව තරුපති පවසද්දී එය කිසිසෙත් ඔවුන් සිටින තෙක් කරන්නට ඉඩ නොදෙන බව උඳුල් සහ අලී පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *