සෑම සතියේ දිනකම රාත්‍රි 9.00ට ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන රුමා ටෙලි නාට්‍ය මේ දින වල මෙසේ ගලාගෙන ගියා.රුමා හට කැම්පස් යාමට උවමනානම් විවාහ වීමට සුදානම් වන බව පවසනවා.ඉන්පසු එය අසා සිටින රුමාගේ අම්මා දිව ගොස් එසේ නොකරන ලෙස පවසනවා.කෝප වන රුමාගේ පියා අම්මා හට ගැසීමට යනවා.එයට කෝප වන අම්මා තමා හට අතද ඔහු එසවූ බව පවසා එතැනින් පිට වනවා.පසුදිනද මේ ගත් තීරණ නොගන්නා ලෙස සේරා රුමා ගේ පියා හට පවසනවා.සේරා නිවසින් පිටට පැමිණෙන විට විරාත් ඔවුන්ගේ ගොඩනැගිල්ල ඉදිරිපිට සිටිනු සේරා දකිනවා.ඉන්පසු නිවසට දිව යන සේරා රූමා හට ඔහු ඇවිත් ඇති බව පවසනවා.ඉන්පසු සේරා රූමාව එළියට රැගෙන විත් විරාත් සමඟ කතා කිරීමට ඉඩ සලස්වනවා.විරාත් වෙත එන රුමා ඉදිරියේදි කිසිදු දෙයක් නැති බව පවසනවා.එය පවසා රුමා එතැනින් පිට වනවා.මේ අතර සෙලීන් නිවසේ ඇති දේ වෙනස් කිරීමට සුදානම් වනවා.පසුදින හලීල් සහ දෙමව්පියන් රුමා බැලීමට නිවසට පැමිණෙනවා.නමුත් රුමා ඔහුට කිසිදු කැමත්තක් දක්වන්නේ නෑ.

හලීල් සහ පිරිස රුමාගේ නිවසින් පිටව යන විට ජාන්සු හා සෙලීන් එය බලා සිටිනවා.රුමා විවාහ වීමට හදන බව දෙදෙනා කතා වනවා.නමුත් එයට කෝප වන ජාන්සු ඒ දේවල් වලින් වැඩක් නැති බව පවසනවා.පසුදින රුමා හලීල් සමඟ කැම්පස් එකට එනවා.එහිදි ගුම්සේ මෙච්චර දවසක් කැම්පස් නොආ එකට හේතුව රූමාගෙන් අසනවා.අසනීප වී සිටි බව රුමා පවසනවා.මේ අතර නිවස වෙනස් කිරීමට යන එක ගැන ජාන්සු අකමැති වනවා.ඉන්පසු සෙලින් එය ජාන්සුගේ පියා හට පවසනවා.ඔවුන් දෙදෙනාගේ ප්‍රශ්න වලට ඔහු මැදිහත් කර නොගන්නා බව පවසනවා.ගුම්සේ සිටින තැනට හන්ඩේ පැමිණෙනවා.ඉන්පසු රුමා විරාත් හට කුමක් කලාද කියා විමසනවා.ඉන්පසු කිසිවක් නොකියන නිසා ගුම්සේ හට තමා කුරායිගෙන් දරුවෙකු ලැබීමට සියා නේද කියා ඔවුන් හට ලැඡ්ඡ කර එතැනින් පිට වනවා.ඉන්පසු කුරායි ලඟ තිබු CD එක හන්ඩේ හට දුන්නේ ගුම්සේ බව හන්ඩේ පවසනවා.තමා එසේ කලේ කුරායි හට ලංවීමට බවත් එහි ඇති කිසි දෙයක් ඇය නොදන්නා බව පවසනවා.

ඉන්පසු කුරායි තමාගේ යහළුවෙක් හට ඇමතුමක් ගෙන එම CD එකේ පිටපතක් ඉල්ලා සිටිනවා.ඉන්පසු එය ගුම්සේ හට බලන ලෙස පවසනවා.පසුදින රුමා කැම්පස් එකට ගෙනැත් දැමීමට හලීල් පැමිණෙනවා.ඉන්පසු රුමා තමාගේ දුරකථනය කාර් එකේ දමාගොස් ඇති බව හලීල් දකිනවා.ඉන්පසු හලීල් එය රුමා හට දීමට කැම්පස් එක ඇතුලට යනවා.ඉන්පසු විරාත් රුමා සමඟ බලෙන් කතා කිරීමට යන අයුරු හලීල් දකිනවා.ඉන්පසු රුමා හට කරදර කිරීමට එපා කියමින් හලිල් විරාත් සමඟ රණ්ඩු වීමට යනවා.ඉන්පසු රුමා හලීල් එතැනින් පිටතට රැගෙ යනවා.ඉන්පසු හලීල් රුමාගෙන් විරාත් කවුරුන්ද කියා විමසනවා.ඔහු ඇගේ යහළුවෙක් බව රුමා පවසනවා.සිදු වූ දේ නිවසේ අය හට නොකියන ලෙස රුමා හලීල් හට පවසනවා.මේ අතර සේරා හලීල්ගේ මව හමුවීමට යනවා.තමා මෙයට අකමැති බව සේරා ඇයට හඟවනවා.නැවතත විරාත් රුමා සමඟ කතා කිරීමට සුදානම් වනවා.කිවදා හෝ රුමා ඔහුව අතහැරියත් ඔහු රුමා කිසි දිනක අතනොහරින බව පවසනවා.

සවස රුමාව නිවසට ගෙනවිත් දැමීමට ආ හලීල් ඇයට කොණ්ඩ කටුවක් තෑගි කරනවා.ඉන්පසු ඔවුන් දෙදෙනා කතා කරමින් සිටින අයුරු ලාරා දකිනවා.පසුදින හන්ඩේ හට විරාත් තමාගේ දේවල් ගැන නොසොයන ලෙස පවසනවා.පසුදින රාත්‍රියේ හන්ඩේ හඩමින් කරායි වෙත පැමිණ සමාව ඉල්ලනවා.ඉන්පසු කුරායි හන්ඩේ හට සමාව දෙනවා.කැම්පස් එකට යන කුරායි ගුම්සේගෙන් හන්ඩේගේ CD එක ඉල්ලනවා.ඉන්පසු එය දීමට ගුම්සේ අකමැති වනවා.එය ඔහුට උවමනානම් හන්ඩේව අතහරින ලෙස ගුම්සේ කුරායි හට පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *