සෑම සතියේ දිනකම රාත්‍රි 8.00ට ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන රේස් ටෙලි නාට්‍ය මෙසේ ගලාගෙන යනවා.රයන් හමුවන රාදික චමරි හට ලංවෙන ලෙස පවසනවා.ඉන්පසු උවිදු ගැන විස්තර චමරිගෙන් දැනගැනීමට හැකි බව පවසනවා.නැවත පුහුණුවීම් වලට පැමිණෙන උවිදු හට නැවත රස්සාව ලැබුනු බව චාමරි හා යහළුවන් හට පවසනවා.ඉන්පසු එතැනට පැමිණෙන රාදික හා රයන් උවිදු දෙස බලා හිඳ එතැනින් පිටව යනවා.මේ අතර රයන් චාමරි හට හිනා වෙමින් යනවා.ඉන්පසු එය දකින යහළුවන් චාමරි හට විහිළු කරනවා.මේ අතර නසිරාගේ පියා කෝපයෙන් නිවසට පැමිණෙනවා.ඉන්පසු නසිරා කතා කරමින් සිටින කොල්ලා කවුදැයි පවසනවා.ඉන්පසු එහි සිටියේ දේශිත බව පවසනවා.පසුදින ආරණ්‍යා ඉරෝෂ්ගේ මවගේ කකුළ බැලීම සඳහා නිවසට පැමිණෙනවා.ඉන්පසු එහිදි ආණ්‍යාගෙන් ඉරෝෂ්ගේ මව ඇය සිටින්නේ කොහෙද කියා විමසනවා.ඉන්පසු ඇය සිටින තැන කියු විට ඉරෝෂ්ගේ අම්මා ඇයට බැන වදිනවා.තමාගේ ස්වාමියා හිරේ යැව්වේ ඔවුන් බව දැනගත් ඇය ආරණ්‍යා හට නිවසින් යන ලෙස බවසා බැන වදිනවා.ඉන්පසු එතැනින් ආරණ්‍යා පිටව යනවා.කෝප වන ඉරෝෂ් අම්මා හට බැන වදිනවා.

මේ අතර දේශිතගේ මව දේශිත හමු වී නසිරාව අමතක කරන ලෙස පවසනවා.නැවත ඒ ගැන ඇයත් සමඟ කතා නොකරන මෙන් ඇය කිසා සිටිනවා.රාත්‍රියේ නිවසට පැමිණෙන ආරණ්‍යා සිදු වූ දේ ඇගේ අම්මා සමඟ පවසනවා.ඉරෝෂ් රාත්‍රියේදි ආරණ්‍යා හට කතා කර ඇගෙන් සමාව ඉල්ලනවා.පසුදින උවිඳු නැවත ආයතනයට පැමිණෙනවා.ඉන්පසු ගිම්හානි උවිඳු සමඟ සිනාසෙමින් කතා කරනවා.මේ අතර එය දකින දේවානි හට ඉරිසියාවක් ඇතිව ඇති බව ඇය සිතින් සිතනවා.මේ අතර රන්දුලි හමුවන එෂාන් ඇය සමඟ වීඩියෝ එකක සිටීමට කැමති බව පවසා පසුදින ඇය සමඟ වීඩියෝවකට සිටිනවා.එම වීඩියෝව බලන විට එය දකින රන්දුලිගේ අම්මා එයට බනිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *