මේ දින වල රාත්‍රි 8.30ට ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන පාරදිගේ ටෙලි නාට්‍ය මේ දින වල කාගේත් අතර ජනප්‍රිය ටෙලි නාට්‍යකි.රුක්ෂානා හමුවී පැමිණෙන බන්ඩා සිදු වූ දේ යහළුවන් සමඟ පවසනවා.මේ අතර බන්ටි අවුලෙන් කල්පනා කරමින් සිටින අයුරු දැක එතැනට යනවා.මේ අතර අළුවිහාරේ බන්ටි හට ඇමතුමක් ගන්නවා.ඉන්පසු තාත්තා සමඟ බන්ටි හට සිදු වූ දේ බන්ඩා හට ඇය පවසනවා.අළුවිහාරගේ බොස් පිටරට යන බවත් ආණ්‍යා ඔවුන් සමඟ සිටින බවත් පවසනවා.නිවසින් පිටව ආ බන්ටි බන්ඩා හා යහළුවන් සමඟ සිටීමට උවමනා බව පවසනවා.එදින රාත්‍රියේ බන්ටිගේ තාත්තා බන්ටි සොයා බන්ඩා හා යහළුවන් සිටින තැනට පැමිණෙනවා.ඉන්පසු ඔවුන් සමඟ ඇය නැති බව බන්ඩා පවසනවා.මේ අතර රෙහාන්ගේ අම්මා හා නංගි නිවසින් යාමට සුදානම් වනවා.ඉන්පසු ඔවුන් ගිය බව මාටින් රෙක්සි හට කතා කර සියලු දේ පවසනවා.

මේ අතර බන්ඩා ඩේමියන්ගේ වීඩියෝව නානායක්කාරගේ දුව වෙත යවනවා.එය දකින ඇය ඩේමියන් හට කතා කර බැන වදිනවා.ඩේමියන්ගේ මැරයන් ඔහුගේ කීමට සිකුරාගේ නිවසට පැමිණෙනවා.ඉන්පසු සිකුරා හට පහර දෙනවා.ඉන්පසු ඔවුන් තවත් කාට හෝ වීඩියෝව නොයවන ලෙස පවසනවා.ආණ්‍යා අළුවිහාරේගේ නිවසට පැමිණෙනවා.ඉන්පසු ඇය වෙත යන මාටින්ගෙන් ආණ්‍යා සරනි ගැන විමසනවා.ඉන්පසු ඔහු සරනි ලෙස කවුරුත් නැති බවත් රෙහාන් විවාහ වී නොමැති බව පවසනවා.ඉන්පසු ආණ්‍යා සරනි හට ඇමතුමක් ගන්නවා.ඉන්පසු ඇයට මාටින් කියු දේ පවසනවා.ආණ්‍යා සරනි එනතුරු සිටින බව පවසනවා.මෙය රෙහාන් හට පවසන සරනි හට රෙහාන්ගේ නිවසට යන ලෙස පවසනවා.නිවසට පැමිණෙන බන්ටි තමාගේ ඇඳුම් බෑගයද ගෙන එතැනින් පිට වනවා.රෙක්සිද රෙහාන්ගේ නිවසට පැමිනෙනවා.

මේ අතර ආණ්‍යා නිවසින් පිට වූ විට රෙහාන් බන්ටිවද රැගෙන ඇයව නිවසින් දැමීමට පිට වනවා.ඉන්පසු බන්ඩා හට ඇමතුමක් ගන්නා බන්ටි ඔවුන් නිවසට එන බව දැනුම් දෙනවා.ඉන්පසු බන්ඩා ඔවුන් සිටින නිවස සුද්ද කරනවා.බන්ටිගේ තාත්තා මේ අතරතුර එතැනට පැමිණෙනවා.බන්ඩා කපටිකමින් එතැනින් ඔහු පිටව යවනවා.රෙහාන් හා සරනි වෙත පැමිණෙන බන්ඩා ඇඹිලිපිටියේ තාත්තා රොහලේ කියමින් කෑ ගසාගෙන පැමිණෙනවා.ඉන්පසු බන්ඩා හට සරනිවත් දමාගෙන ඔවුන්වා බස්හෝල්ට් එකට දැමීමට යනවා.මේ අතර වත්සලා උදාරි හට ඇමතුමක් ගන්නවා.ඉන්පසු ඇයට උදව්වක් උවමනා බව පවසනවා.ඉන්පසු උදාරිගෙන් රෙහාන් සමඟ තරහින් සිටින අයෙක් ගැන විමසනවා.නමුත් උදාරි කිසිවක් නොකියා දුරකථනය විසන්ධි කරනවා.නැවතත් රෙහාන්ගේ අම්මා හා නංගි නැවත නිවසට පැමිණෙනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *