සතියේ දිනව රාත්‍රි 9.30ට ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන නාඩගම්කාරයෝ ටෙලි නාට්‍ය මේ දින වල මෙසේ ගලා යනවා.පාඨලී බැලීමට මනමාලයෙක් එන බව පාඨලීගේ අම්මා ඇයට පවසනවා.කලායතනය ඉවර වී නිවසට පැමිණෙන පාඨලි හා අංජලී පසුදින සොකරි බැලීමට යන බව පවසනවා.නමත් එයට අම්මා එපා යැයි පවසනවා.නමුත් ඇය කෙසේ හෝ යන ලෙස පවසනවා.සරා හා යහළුවන් පොල්ලෙලි විකිණීමට සුදානම් වනවා.ඔවුන්ගේ වාඩියට ලොකු හාමුදුරුවන් වඩිනවා.ඉන්පසු ඔවුන් හට ණය මුදලක් දෙන බවත් එය මාස කීපයකින් ගෙවන ලෙස පවසනවා.රාත්‍රියේදි මාස්ටර් පාඨලි සියලු දෙනා සොකරි බැලීමට යනවා.සියලු දෙනා නාට්‍ය බැලීමට යනවා.පාඨලී හා පිරිස සිටින තැනට සරා හා යහළුවන් පැමිණෙනවා.ඉන්පසු පාඨලි ඔවුන්ගේ නිවසේ සිදුවීමට යන දේ කියන්න යනවා.නමත් ඇයට එය කීමට නොහැකි වනවා.පසුදින පාඨලි බැලීමට මනමාලයා හා දෙමාපියන් පැමිණෙනවා.ඉන්පසු ඔවුන් එන අයුරු සරා දකිනවා.සරා හා කවඩියා මාස්ටර්ගේ නිවසට යනවා.පාඨලිගේ නිවසට පැමිණෙන සරා මාස්ටර් හට කතා කරනවා.ඉන්පසු මාස්ටර් ඔහු අසලට ගොස් ඔවුන්ටද තේ බීමට ආරාධනා කරනවා.

ඉන්පසු දෙදෙනාම නිවස තුලට යනවා.ඉන්පසු සරා එය දකිනවා.නිවසින් පිටතට පැමිණෙන කවඩියා හා සරා සිදු වූ දේ පවසනවා.මන්ත්‍රි ජානු හා එකතු වී දෙදෙනාගේ කසාදය ගැන කතාවෙමින් සිටිනවා.නමුත් එයට අකමැති බව ජානු පවසනවා.ඉන්පසු එතැනට මාලන් පැමිණෙනවා.කෝප වන මන්ත්‍රි ජානු හට ඔහු පන්නා දමන ලෙස කියනවා.මාලන් හා මන්ත්‍රි අතර ඉන්පසු රණ්ඩුවක් ඇති වනවා.පාඨලි හා මනමාලයා එළියට ගොස් කතා බහ කරමින් සිටිනවා.ඔවුන් සිටින තැනින් සරා හා කවඩියා පොල්ලෙලි ද රැගෙන එතැනින් යනවා.පාඨලි ඉතාම දුකින් ඒ දෙස බලා සිටිනවා.පාරේ එමින් සිටින සරා හට කවඩියා සිදුව ඇති දේ ගැන පවසනවා.ඔහුගේ කතා වලට සරා හට කේන්ති යනවා.ඉන්පසු ඔහු කවඩියා හට සරා පහර දෙනවා.පාර පුරා පොල්ලෙලි සමඟ සරා පාරේ වාඩිවනවා.සරා එසේ සිටින තැනට පාඨලී බැලීමට ආ මනමාලයා පැමිණෙනවා.ඉන්පසු පොල්ලෙලි අයින් කරන ලෙස ඔවුන් බැන වදිනවා.කෝප වන සරා ඔහුට පහර දෙනවා.සරා නැවත වාඩියට පැමිණෙනවා.එතැනදිත් කවඩියා සරා හට නැවත බැන වදිනවා.පහර කෑ පාඨලීගේ මනමාලයා මාස්ටර්ගේ නිවසට පැමිණ සිදුවූ දේ පවසනවා.මාලන් සරාගේ නිවසටපැමිණෙනවා.

එතැනට පැමිණෙන රසිකා හා අම්මා නැවත නිවසට නොපැමිණෙන ලෙස අම්මා මාලන් හට පවසනවා.සිදු වූ දේට කෝප වන මාස්ටර් වාඩියට පැමිණෙනවා.කෝපයෙන් මාස්ටර් සරා හට බැන වදිනවා.නිවසින් බැන පන්නාගත් මාලන් සොයා රසිකා පැමිණෙනවා.අම්මා අතින් සිදු වූ දේට රසිකා ඔහුගෙන් සමාව ඉල්ලනවා.නැවත සරා මාස්ටර්ගෙ නිවසට පැමිණෙනවා .ඉන්පසු නැවතත් සරා මාස්ටර්ගෙන් සමාව ඉල්ලනවා.දියෝගබදු බිංදු මුදලාලි හට ගමේ නිධානයක් ඇති බව පවසනවා.ඔවුන් කැලෑවේ නතර වී කතා කරමින් සිටින අයුරු මාලන් දකිනවා.ඔහු එතැනට ගොස් ඔවුන් එතැන කරන්නේ කුමක්ද කියා විමසනවා.කතාකරමින් සිට බිංදු සහ පිරිස එතැනින් පිටව යනවා.මාලන් ඔවුන්ගේ පසුපස යනවා.ඉන්පසු ටික දුරක් යන විට බිංදු හා පිරිස මාලන් දකිනවා.මාලන්ව අල්ලා ගන්නා ඔවුන් ඔහුට පහර දෙනවා.ඉන්පසු මාලන්ගේ කකුළ තුවාල වී කෑ ගහනවා.පාඨලී හා ගීතිකා පාරේ එන විට සරා මුණ ගැසෙනවා.සරා පාඨලිගෙන් සමාව ඉල්ලනාවා.පාඨලි එසේ විවාහ වී යන එක ගැන ඔහුට සතුටු බව පවසනවා.ඔහුද විවාහයට එන බව පවසනවා.කෝප වන පාඨලි සරා හට කම්බුල් පහරක් එල්ල කරනවා.මේ අතර මන්ත්‍රි කුකුළා මුදලාලිගේ නිවසට අම්මා හා අක්කා සමඟ ගොස් කසාදය ඉක්මන් කරන ලෙස පවසනවා.එයට කෝප වන ජානුගේ අම්මා ඔවුන් හට බැන එළවා ගන්නවා.

මන්ත්‍රි සරාගේ වාඩියට පැමිණෙනවා.නමුත් සරා වාඩියේ නැති නිසා ඔහු නැවත පැමිණෙනවා.පසුදින උදෑසන සරාගේ පියා හට මාලන් කාර් එකට වී කෑ ගසමින් සිටින අයුරු දකිනවා.රසිකාද මාලන් වෙත පැමිණෙනවා.ඉන්පසු තමා තවත් අයෙක් උදව්වට කතා කරගෙන පැමිණෙන්නම් කියා එතැනින් පිටව යනවා.සිරිසේන මහතා හා රසිකා නැවත මාලන් වෙත පැමිණෙනවා. සරා හමුවන මන්ත්‍රි සරාගේ කසිප්පුවලට වස ගෙනත් දුන්නේ මාලන් බව පවසනවා.මාලන් හමුවීමට යන සරා ඔහුලගෙන් වස ගෙනාවද කියා අසනවා.නමුත් ඔහු නැති බව පැවසුවද ඔහුව උස්සාගෙන යනවා.වාඩියට රැගෙන යන මාලන් හට සරා සහ පිරිස මාලන්ගේ කකුළට බේත් බඳිනවා.මේ අතර පාඨලි බැලීමට ආ මනමාලයා ඇයට කැමති බව පවසනවා.නැවතත් මාලන් සරාගේ වාඩියෙන් පිටව යනවා.සරා හා යහළුවන් හට උදව් කිරීමට කැමති බව පවසා අයෙක් ග්‍රාමසේවක මහත්මයා එක්කගෙන එනවා.ඔහු සරා හට උදව් කිරීමට කැමති බව පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *