සතියේ දින පහේම සිරස ටීවී නාලිකාව ඔස්සේ රාත්‍රී හතයි තිහට විකාශනය කෙරෙන කිසා ටෙලි නාට්‍යය කාගේත් ආදරයක් සමඟින් හොඳ ප්‍රතිචාර ලබමින් ඉදිරියට ගලාගෙන යනවා…බහාර් දරුවන් දෙදෙනා සහ සාප් සමඟින් නිවසට යමින් සිටියදී සාප් විසින් ඇයගේ නමින් තිබු ලියුමක් බහාර්ට ලබා දෙනවා. ඒ අවස්ථාවේ එය විවෘත කරන බහාර්, අලි සහ ඕමර්ගේ උපන්දිනයට ඔවුන්ට ආරාධනා කර තිබෙන බව මිසන් සමඟින් කියද්දී මිසන් ඉතා සතුටින් එයට යන්නට කැමති වනවා. ඒ වේලාවේ දොරුක් සහ මිසන් දිගින් දිගටම බහාර්ට එයට සහභාගී වෙමු කියද්දී ඇය නැතිව ඔවුන්ට සාප් සමඟින් එම සාදයට යාමට හැකි බව පවසා සිටිනවා. මේ අවස්ථාවේ කේන්තියෙන් පිරල් ළඟට පැමිණෙන ඇගේ තාත්තා වන ස්වාඩ් බහාර්ට සහ සාප්ට දරුවන් සමඟින් ඔවුන්ගේ උපන්දින සාදයට එන්න කියා අරාධනා කළේ ඇයි දැයි අසමින් ඇයට බැන වදිනවා. ඒ අවස්ථාවේ ඇයට කිසිදෙයක් කිසි අයෙක්ට සඟවන්නට අවශ්‍ය නැති බවත් ඇය මේ වෙද්දී සාප්ගෙන් අයින් වී සිටින නිසා එය සමාන්‍ය දෙයක බව පවසද්දී සාප් බහාර් සමඟින් එම සාදයට පැමිණෙන එක සමාන්‍ය දෙයක් නොවන බව ස්වාඩ්ස් පවසා සිටිනවා. ඉතිං මේ වේලාවේ බහාර් සාප් සහ දරුවන් සමගින් උපන්දින සාදයට යන්නට සූදානම් වෙමින් තමයි සිටින්නේ.

ඉතිං ඔය අතරේ පිරල් උපන්දින සාදයේ වැඩ කටයුතු සූදානම් කරමින් සිටියදී ඇගේ යහළුවන් සමඟින් එදින් සාප්ගේ කලින් බිරිඳ සහ දරුවනුත් එම සාදයට පැමිණෙන බව පවසද්දී ඔවුන් පුදුමයෙන් වාගේ ඔවුන් පැමිණෙන්නේ ඇයි දැයි අසනවා. මේ වේලාවේ බහාර් කියන්නේ ගතිගුණ අතින් හොඳ කෙනෙකු බවත් ඇය චාම් විදියට සිටින තැනැත්තියක් බවත් පවසමින් කෙදිනක හෝ දරුවන් ඒ දේවල් ගැන දැනගත යුතු නිසා මෙලෙස ඇය ඔවුන්ට සාදයට ආරාධනා කල බව පවසනවා.ඉතිං මේ විදියට පිරල් බහාර් ගැන එලෙස හොඳ කියමින් සිටියදීම බහාර් දරුවන් සහ සාප් සමඟින් පිරල්ගේ නිවසට පැමිණෙනවා. මේ වේලාවේ බහාර් ඇඳ සිටින ඇදුමත් ඇයවත් දකින පිරල්ට කර කියා ගන්නට දෙයක් නොමැති වෙනවා.මන්ද ඇය ඇයගේ යහළුවන් සමගින් ඇය ඉතා චාම් කෙනෙකු බව පැවසු නිසයි. මේ වේලාවේ ඇය එ කියු දේවල් නිසා සියළුදෙනා ඉදිරියේ පිරල් අපහසුතාවය පත් වුවා.

ඔය අතරේ දරුවන් සෙල්ලම් කරමින් ඉන්න අතරේදී බහාර් තනිව පැත්තකට වී සිටිනවා දකින සාප් ඇය ළඟට පැමිණෙනවා. මේ වේලාවේ බහාර් විසින් ඇයට එතැන සිටිීමට අපහසු බවත් සියළුදෙනා ඇය දෙස බලා සිටින බවත් පවසද්දී මඳ සිනහාවකින් යුක්තව සාප් ඒ සියළුදෙනා ඇය දෙස බලන්නේ ඇය එදින ලස්සන නිසා බවත් පසද්දී පිරල්ගේ යහළුවන් තිදෙනා ඇය සාදයට පැමිණිනු අවස්ථාවේ සිට මේ වනතුරුම ඇය දෙස බලා සිටින බව පවසනවා. ඉතිං ඉන්පසු ඒ වේලාවේ එතැනට පැමිණෙන පිරල්ගේ යහළුවෙක් වන ඒබ්‍රෝ සාප්ගෙන් සැප දුක විමසනවා. ඉන්පසුව ඇය අනිත් යහළුවන් දෙදෙනා ළට ගොස් ඔවුන් සමඟින් බහාර් ලස්සන කෙනෙකු බව පවසමින් සාප් බහාර් ළඟින්ම සිටින බවත් කතා වෙමින් සිටිනවා පිරල්ට ඇසෙනවා. මේ වේලාවේ එ කියනා දේවල් දරා ගැනීමට නොහැකි වුන පිරිල් සාප් සහ බහාර් දෙස බලා හිඳිමින් ඇගේ දුරකථනයත් රැගෙන එළියට ගොස් එම දුරකථනයේ තිබු සාප්ගේ සහ සිරින්ගේ සියළු ඡායාරූප බහාර්ගේ දුරකථනයට යවනවා. මේ වේලාවේ එතැනට කලබලයෙන් පැමිණෙන ස්වාඩ්ස්ට ඇය එම ඡායාරූප සියල්ල බහාර්ට යැවු බව පවසා සිටිනවා. ඉතිං ඉන්පසු ස්වාඩ් විසින් මුනීර්ට එ බව කියමින් එම ඡායාරූප ටික කෙසේ හෝ බහාර්ගේ දුරකථනයෙන් ඇයින් කර දමන්න කියා උපදෙස් දෙනවා. එත් එක්කම සාප් ළඟට පැමිණෙන මුනීර් ඔහුට එළියට කතා කර ප්‍රශ්නයක් සිදුවෙන්නට යන බව පවසා සිටිනවා. ඉතිං මුනීර් විසින් පිරල් බහාර්ගේ දුරකථනයට සිරින්ගේ සහ සාප්ගේ ඡායාරූප යවා ඇති බව පවසනවා. ඉතිං මේ වේලාවේ සාප් සහ මුනීර් බහාර්ගෙ බෑගය තුළ තිබෙන ඇගේ දුරකථන කෙසේ හෝ ඔවුන් ළඟට ගැනීමට හැකි ක්‍රමයක් ගැන කල්පනා කරමින් සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *