සෑම සතියේ දින පහේම දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාරත් සමඟින් ගලාගෙන යනවා.නිවසට පැමිණෙන අවන්තත් සමඟින් දෙව්මි ඔවුන්ගේ විවාහය ගැන කතා කරමින් සිටින අතරේ කම්පැනි එකේ ඇති වී තිබෙන ප්‍රශ්න හේතුවෙන් ඔවුන්ගේ විවාහය තවත් කල් යයි කියා අම්මා හිතේ දුකෙන් සිටින බව දේව්මි අවන්ත සමඟින් පවසා සිටිනවා. ඒ අවස්ථාවේ මේ දින කිහිපය පමණක් ඔහුට එම ප්‍රශ්නය විසඳා ගැනීමට කල් දෙන ලෙස ඉල්ලමින් ඉන්පසු විවාහයේ වැඩකටයුතු සියල්ල ඉක්මනින්ම සූදානම් කරමු කියාත් අවන්ත පවසද්දී දේව්මි විසින් ඇයට කලබලයක් නැති බවත් නමුත් ඇය ඒ ගැන ඔහුට කිවේ අම්මා ඒ ගැන සිතන නිසා බවත් පවසා සිටිනවා. ඔය වේලාවේදී එතැනට පැමි‍ණෙන අනාන්ද අවන්තගෙන් කම්පැනියේ තත්ත්වය කෙසේද අසමින් නමුත් විවාහයට එම ප්‍රශ්න බධාවක් කරගන්නට එපා කියාත් ඔහු පවසනවා.

ඔය අතරේ අනුහස් අනාන්දගේ ගරාජයේ වැඩ කරමින් සිටින අතරතුරේ එතැනට තේ හදාගෙන පැමිණෙන උදේනි ඔහුට අක්ෂා ගරාජයට එන විට එම ඇඳුමෙන් සිටින්නට එපා කියාත් එලෙස සිටිනවා ඇය දුටුවහොත් ඇයට දුක හිතෙන බවත් පවසනවා. ඒ වේලාවේ එතැනට පැමිණෙන අනාන්ද ඇය ගරාජයට පැමිණියේ ඇයි දැයි විමසද්දී ඇය එපා කියද්දීම අනුහස් ඇය කියනා දේ නොඅසා අනාන්දට උදව් කිරීමට අවශ්‍ය බව කියමින් එම දින කිහිපයේ වැඩ වැඩි වී ඇති හෙයින් ඔහුට උදව් කරන්නට අවශ්‍ය බව කියා මෙලෙස පැමිණි බව කියනවා. නිලූ සහ මේනක අමීෂාගේ නිවසට පැමිණ කම්පැනියේ ප්‍රශ්නය ගැන කතා කරමින් සිටියදී නිලු විසින් අවන්ත එතරම් මේනකත් සමඟින් වෛරයෙන් සිටින්නේ ඇයි දැයි අමීෂාගෙන් විමසනවා.  එත් එක්කම ඔවුන් හැම වතාවකම ඔවුනට උදව් කල බවත් මේ වතාවෙත් කම්පැනිය විකුණන්නට හොඳ කෙනෙකු සොයා දෙන්න මේනක  මහන්සි වෙන බවත් ඇය පවසා සිටිනවා. මේ වේලාවේ නිලූගේ කපටිකම් වලට රැවටෙන අමීෂා අවන්ත එලෙස හැසිරෙන්නේ ඔහුගේ තාත්තාගේ කම්පැනිය විකුණන්නට සිදු වන නිසා බව අමීෂා ඇයට පැහැදිලි කර දෙනවා. එ වේලාවේ අමීෂාගේ කතාවට එකතුන වුන මේනක කම්පැනිය මෙවැනි තත්තවයකට වැටී තිබෙන්නේ ඔහුගේ වරදින් පමණක් නොවන බව පවසනවා. ඉතිං එ විදියට නිලූ සහ මේනක එකතු වී අමීෂාගේ හිත ඔවුන් ගැන විශ්වාසයක් ඇති වන ලෙස විවිධ දේවල් කපටිකමින් කියමින් කම්පැනිය විකුණා දමන්නට කැමති කරවා ගන්නවා.

ඉන්පසු දිනයේ කම්පැනියේ සියළුදෙනා එක්රැස් වී කම්පැනිය විකුණා දැමීමට අවශ්‍ය කරන ලියකිවිලි සූදානම් කරගෙන එම කම්පැනිය මිලදී ගන්නා කෙනා මුදල් රැගෙන එනතෙක් කතා බහා කරමින් ඉන්නවා. ඒ වේලාවේ ඩිලානුත්, අනුහසුත් , අක්ෂාත් සිටියේ ඉතාමත් දුකෙන්. මන්ද ඔවුන් කිසිදින කම්පැනිය විකුණන්නට බලාපොරොත්තුවෙන් සිටියේ  නැති නිසයි.එත් එක්කම එතැනට එකපාරටම පැමිණෙන අවන්ත ඔහුගේ නිවසේ ඇති ඔප්පුවත් රැගෙන එමින් ඔහු කම්පැනිය විකුණන්නට ඉඩ නොතියන බවත් කම්පැනිය බේරා ගන්නට එදින ඔහු ඔහුගේ නිවස විකුණන බවත් කියනවාත් සමඟම සියළුදෙනාට එය අදහාගත නොහැකි වනවා.  ඒ අවස්ථාවේ ඔහු අවශ්‍ය කරන සියළු මුදල් රැගෙන ආ බවත් දේව්මිට එතැනට මුදල් රැගෙන පැමිණෙන ලෙස දැනුම්  දෙනවාත් සමඟම ඇය මුදල් බෑගයත් රැගෙන ඔවුන් සිටින තැනට පැමිණෙනවා. ඉතිං මෙලෙස පැමිණෙන දෙව්මි මුදල් බෑගය මේසය මත තබමින් අවන්තගේ අතින් අල්ලගෙන කම්පැනිය යළි වතාවක් ඔවුන්ගේ බව මේනක ඉිදිරියේ පවසා සිටිනවා. හේ වේලාවේ කිසිදෙයක් කර කියාගන්නට බැරි වුන මේනක ලැජ්ජාව ඉවසා ගත නොහැකිව එතැනින් නැගිට පිටවී යනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *