සියලු දෙනාගේ ආදරය දිනාගත් කොළඹ ඉතාලිය ටෙලිනාට්‍ය මේ දින වල කාගේත් ප්‍රතිචාර මැද ඉතා ජනප්‍රියත්වයේ පවතිමින් ගයා යන කතාවකි.ආශාගේ නිවසට පැමිණ ආශා ඝාතනය කරන අජිත් එම නිවසින් පිටව යන්නට හදනාවිට එම නිවසට පොලිසියෙන් පැමිණෙන බව දැනගන්නවා.ඉන්පසු අජිත් ඉක්මනින් ගොස් සැඟ වෙනවා.මේ අතර රාත්‍රි කෑමත් ගෙන සුලලිත ටිකිරා සිටින තැනට පැමිණෙනවා.මේ අතර චන්දන කඩයකට වී කෑම ගනිමින් සිටින විට ආශාගේ මරණය පිළිබඳ විස්තරයක් රූපවාහිනියේ විකාශය වනවා.මෙය සිදු කලේ රංජි බව දැනගත් චන්දන ඔහුව මරණ බව පවසනවා.මේ අතර කුමාර හා අජිත් තමන් කල දේ ගැන කතා වෙමින් සිටිනවා.පසුදින ටිකිරා මුදල් බෑගය ගෙන යනයන තැන රැගෙන යන විට සුලලිත එසේ කරන්නේ තමාව සැක නිසාද කියා විමසනවා.පසුදින චන්දන ආශාගේ නිවස අසලට යනවා.ඉන්පසු එතැන පොලිසිය සිටි බවත් තමා සිම් එක අයින් කරන බවත් සුලලිතට ඇමතුමක් දි පවසනවා.ආශා මිස්ගේ නිවසේ CCTV කැමරා චෙක් කරනවා.ඉන්පසු අජිත් හා කුමාර ද ආ බව දකිනවා.ඉන්පසු අජත්ගේ පින්තූරයක් සමාජමාධ්‍ය ලෙස දෙන බව පවසනවා.

මේ අතර අජිත් හා කුමාර මේ වැඩේ බාර දුන් ගගන හට ඇමතුමක් ගන්නවා.නමුත් ඔහු දුරකථනය ක්‍රියා විරහිත කර ඇති බව දැනගන්නවා.මේ අතර මලීෂාගෙන් කටඋත්තරයක් දැනගැනීමට කැදවනවා.ඉන්පසු ආශා මිස් හා ඇයගේ සැලෝන් එක සමඟ ඇති සම්බන්ධය විමසනවා.ඉන්පසු අජිත්ගේ පින්තූරයක් පෙන්වන මලීෂාගෙන් ඔහුව හදුනනවාද කියා විමසනවා.මේ අතර ආශාගේ රත්තරන් බඩු ද රැගෙන එය විකිණීමට පුද්ගලයෙකු වෙත යනවා.ඉන්පසු ඔවුන් එම නිවසේ සිටින විට අජිත්ගේ පින්තුරයක් යන බව දුටු ඔවුන් දෙදෙනා එතැනින් පිටවනවා.මේ අතර හංසි හා අම්මා කතා කරමින් සිටින විට ඔවුන් ගේ නිවසට පැමිණෙන රංජිගේ ගෝලයෙකු ආශාගේ මරණයට සතුට පළකරමින් එයට හංසිගේ මව කොටස්කරුවෙකුද වන බව කියමින් ඇයට මුදල් දෙනවා.එයට කෝප වන හංසි ඔහුව බැන එලවා ගන්නවා.පසුදින ප්‍රියන්වදාවද පොලිසියට ගෙන්වා කටඋත්තරයක් ගන්නවා.රාත්‍රියේ බීමතින් චන්දන සුලලිත හට ඇමතුමක්ගෙන ආශාගෙ මරණයට වගකිව යුත්තේ සුලලිත බව පවසා සුලලිත හට බැන වදිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *