ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන ටීච අම්මා ටෙලි නාට්‍ය සතියේ දින පහේම විකාශය වෙනවා.තරඟය සඳහා යාමට සුදානම් වන දරුවන් හට සයොනාරා ටීච තරඟය ගැන විස්තර පවසනවා.එතැනට ශිරෝමාලා මිස් ද පැමිණෙනවා.සයොනාරා ටීච හා මහේෂ් කතා කරමින් සිටින අයුරු බන්ටි හා නංගි බලා සිටිනවා.ඉන්පසු කෙසේ හෝ ටීච තමන්ගේ කරගත යුතු බව පවසනවා.ටීච ඔහුට මුණ ගැසෙන්නේ සල්ලිකාරයෙක් උවහොත් පමණක් බව නංගි පවසනවා.පසුදින හිමිදිරි බැලීමට සයොනාරා ටීච පැමිණෙනවා.නිවසට පැමිණෙන අහිංසාගේ පියා සයොනාරා ටීචගේ සෙරෙප්පු දෙක දැක එතැනින් පිට වනවා.මේ අතර විදුහල්පතිගේ නිවසට අරුෂ්ගේ පියා පැමිණෙනවා.අරුෂ් අතුරුදන් වී ඇති බවත් අවසන් වතාවට සයොනාරා බැලීමට ආ බව පවසනවා.අරුෂ් ගැන ආරංචියක් හමුඋවහොත් ඔහුට කතා කරන ලෙස පවසා ඔහු එතැනින් පිට වනවා.අරුෂ් නිවසට පැමිණෙනවා.එය දකින අම්මා කලන්තය දමා වැටෙනවා.ඉන්පසු සිහිය එන අම්මා අරුෂ් හට බැන වදිනවා.

නංගිගේ කීමට බන්ටි මැණික් ගලක් සෙවීමට යනවා.පසුදින අරුෂ්ගේ පියා සයොනාරා ටීචගේ නිවසට ගොස් දෙදෙනාගේ විවාහය ඉක්මන් කරන ලෙස පවසනවා.මේ අතර සයොනාරා නුවංග සමඟ සම්බන්ධයක් ඇති බව පවසනවා.ගඟේ මැණික් ගරන බන්ටි හට මැණික් ගලක් හමු වනවා.ඉන්පසු එය රැගෙන බන්ටි නිවසට දිව එනවා.සීතලෙන් වෙව්ලමින් බන්ටි සිටිනවා.බිය වන නංගි අම්මා හට කතා කරනවා.ඉන්පසු කිසිවක් බන්ටි හට කියාගත නොහැකි වනවා.ඉන්පසු ඔහු තමන් හට මැණිකක් හමු වූ බව පවසනවා ඉන්පසු එයට කුමක් කරන්නේද කියා සයොනාරා ටීචගෙන් විමසන ලෙසපවසනවා.පසුදින රාත්‍රියේ විදුහල්පතිගේ නිවසට බන්ටි හා නංගි පැමිණෙනවා.ඉන්පසු විදුහල්පතිතුමා හා බිරිඳ ආ නිසා කිසිවක් නොකියා ඔවුන් එතැනින් පිට වනවා.පාරේදි හමුවන මහේෂ් ටීච හ ට තරඟයට යාමට බස් රථයක් කතා කර දෙන බව පවසනවා.ඔවුන් කතා කරමින් සිටි තැනට උපුල් සර් පැමිණෙනවා.ඉන්පසු තරඟය සඳහා ඔවුන්ට යාමට නොදෙන බව පවසනවා.පසුදිනද රාත්‍රියේ බන්ටි හා නංගි නැවත සයොනාරා ටීච හමුවීමට එනවා.ඉන්පසු ඇයට මැණික් ගල ගැන සියලු දේ පවසනවා.පසුදින සයොනාරා ටීච මැණික් ගල බැලීමට පැමිණ එය තාත්තාසමඟ කතා කරන්නම් ලෙස පවසනවා.මේ බව සයොනාරා ටීච අම්මා සමඟ පවසනවා.නිවසට එන අරුෂ් එය අසා සිටිනවා.ඉන්පසු තමා හට සයොනාරා ටීච එය පැවසු බව අම්මා හට පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *