සතියේ දින පහේම සිරස ටීවී නාලිකාව ඔස්සේ රාත්‍රී හතයි තිහට විකාශනය කෙරෙන කිසා ටෙලි නාට්‍යය කාගේත් ආදරයක් සමඟින් හොඳ ප්‍රතිචාර ලබමින් ඉදිරියට ගලාගෙන යනවා..ඉතිං බහාර්ව හමුවී කිස්මෙට් සමඟින් යන අරිෆ් ඔහු සහ ඇය සහෝදරයින් බව තවදුරටත් හංගාගෙන සිටින්නෙ ඇයි දැයි කියා කිස්මෙට්ගෙන් විමසනවා. මේ වේලාවේ ඔහුගේ තාත්තා ඇයට කිසිදිනක ප්‍රශ්නයක් ඇති කරයි කියා සිතා එය නොකියා ඉන්නවා නම් එ ගැන කිසිසෙත් ඇයට බය වන්නට එපා කියා අරිෆ් පවසනවා. ඉන්පසු කිස්මෙට් ඇයත් ඔහු ඇගේම අයියා බව සියළුදෙනා දැනගන්නවාට කැමති බව පවසනවා.

ඉතිං මේ වේලාවේ හිරෙන් නිදහස් වී පැමිණි අරිෆ් මිසන්ව සහ දොරුක්ව පුදුම කරනන්ට හිතාගෙන ඔවුන්ව අරගන්නට පාසල වෙත යනවා. ඉතිං මේ වෙලාවේ සාප්පුත් දරුවන් රැගෙන යාමට පාසලට පැමිනයි සිටින්නේ. ඉතිං තවමත් සාප් අරිෆ් එතැනට පැමි සිටිනවා දැක්කේ නැහැ. එත් එක්කම මිසන් සහ දොරුක් පාසල් අවසන් වී සතුටින් සාප් ළඟට දිව ඇවිත් ඔහු වැළඳගන්නකොටයි අරිෆ් දකින්නේ සාප් එතැනට පැමිණ සිටිනවා. ඉතිං මේ වේලාවේ අහම්බයෙන් වගේ අරිෆ් දකින මිසන් ඔහුව දැක පුදුම වී සාප්ගේ අත අත්හැර ගොස් අරිෆ්ව වැළඳගන්නවා. මේ වේලාවේ සාප්ට කිසි දෙයක් කර කියාගන්නට නොහැකිව කෙන්තියෙන් එ දෙස බලා හිඳමින් මිසන්ට දොරුක්ව පංතියෙන් එක්කගෙන එන්න කියා ඔහු අරිෆ් ළඟට පැමිණ ඔහු දරුවන්ව බැලීමට එතැනට පැමිණියේ ඇයි ද කියා විමසා සිටිනවා.ඉතිං ඒ වේලාවේ ඔවුන් දෙදෙනා විවිධ දේවල් කියමින් බැන ගනිමින් සිටිනවා. ඔය අතරේ එම්රේට දුරකථන ඇමතුමක් ලබා ගන්නා ආනිස් විසින් ඔහුට එදින රාත්‍රී කෑම සඳහා ඔවුන්ගේ නිවසට පැමිණෙන ලෙස ආරාධනා කල නිසා එම්රේ ඇගේ නිවසට පැමිණෙනවා..ඉතිං එලෙස කෑම ගනිමින් ඉන්න අතරතුරේ එම්රේ විසින් ඔහු සෙයිඩාගේ අම්මාව හමුවන්නට ගිය බව පවසනවාත් සමඟම ආනිස්ට එකපාරට කෑම සිරවී කැස්සක් එනවා. ඉතිං ඒ වේලාවේදී ඇය බය වුවා සෙයිඩාගේ අම්මා විසින් සෙයිඩාගේ දරුවා ගැන එම්රේ සමඟින් පවසා ඇති බව සිතා.නමුත් සෙයිඩාගේ අම්මාව හමුවන්නට ගියත් ඇය නිවසේ නොසිටි නිසා ඔවුන් යළිත් හැරි ආ බව එම්රේ පවසනවා.

අරිෆ් සමඟින් සෙයිඩා රෑ කෑම ගනිමින් කතා කරමින් සිටින අතරතුරේ බහාර් යළිත් ඔවුන්ගේ නිවසට පැමිණෙන්නේ කවදාද කියා අරිෆ්ගෙන් විමසනවාත් සමඟම ඇය ඒ ගැන ඔහුගෙන් අහන්නේ ඇයි දැයි කියා අසනවා. ඉතිං එ අවස්ථාවේ ඇයගෙන් එැ ගැන අහන්නට අමතක වුන බව කියමින් සෙයිඩා ප්‍රශ්නය මඟ හරින්නට උත්සහා කලත් අරිෆ්ට තේරුණා සෙයිඩා කුමක් හෝ දෙයක් ඔහුගෙන් සඟවන බව. මේ වේලාවේ සෙයිඩාගේ කටින් ඇයට බහාර් සමඟින් ප්‍රශ්නයක් නැති බවත් නමුත් සාප් ඔවුන්ගේ නිවසේ සිටින නිසා ඒ ගැන ඇයට කේන්ති බවත් කියැවෙනවා. ඉතිං මේ වෙනකන් අරිෆ් දැනගෙන සිටියේ නැහැ සාප් සිටින්නේ බහාර් සමඟ කියා. ඒ අවස්ථාවේ ඒ ගැන දැනගත් අරිෆ් කේන්තියෙන් සාප් ඇය එලෙස නිවසේ තියාගන්නේ ඇයි දැයි අසමින් බහාර් ඔහුත් සමඟින්ම ජිවත් වුනදෙනක් කියා එතැනින් අරිෆ් පිටව යනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *