සතියේ දින පහේම සිරස ටීවී නාලිකාව ඔස්සේ රාත්‍රී හතයි තිහට විකාශනය කෙරෙන කිසා ටෙලි නාට්‍යය කාගේත් ආදරයක් සමඟින් හොඳ ප්‍රතිචාර ලබමින් ඉදිරියට ගලාගෙන යනවා.. මේ වේලාවේ කිස්මෙට් අරිෆ්ව හමුවන්නට බන්ධනාගාරය වෙත පැමිණ බහාර් දරුවන් සමගින් සිට ඇත්තේ මේසීර්ගේ නිවසේ බවත් ඔවුන්ව පසුදා රාත්‍රියේ නිදහස් කර ඇති බවත් ඇය පවසනවා.ඒ වේලාවේ එය ඇසු අරිෆ් ඉතා සතුටට පත් වුවා. ඉතිං මේ අවස්ථාවේ ඒ කෙසේ වෙතත් බහාර් ඇතුළු සියළුදෙනා ඔහු නිදහස් කර ඇත්තේ ඇය දැයි කියා ඇය නොදන්නා බවත් ඇයට ලැබුණු තොරතුරකට අනුව ඇය පොලිස් කණ්ඩායමක් එම නිවසට යවා ගත් බවත් නමුත් එම පිරිස එන විට බහාර්ව සහ අනිත් සියළුදෙනා මේසීර් විසින් නිදහස් කර යවා තිබෙන බවත් ඇය පවසා සිටියා.  දරු දෙදෙනාව පාසල් යැවීම සදහා සූදානම් කරමින් සිටින අවස්ථාවේ එතැනට පැමිණෙන සිරින් ඔවුන් සමඟින් කතා කරමින් ඉන්න අතරතුරේ බහාර් දරුවන් දෙදෙනවා කාමරයෙන් යවා දොර වසා සිරින් සමඟින් යමක් කතා කරන්නට තිබෙන බව පවසනවා.ඉතිං බහාර් ඒ වේලාවේ ඇයගෙන් සහ ඇගේ දරුවන්ගෙන් ඈත් වී සිටින්න කියා සිරින්ගේන් ඉල්ලීමක් කරනවා. මේ වේලාවේ කෝපයට පත් වුන සිරින් බහාර් ජිවත් වන්නේ ඇය නිසා බව කියනවාත් සමඟම සාප් නැවෙන් වැටී අනතුරකට පත් වුයේ ඇය නිසා බව බහාර් පවසනවා..

සියළුදෙනා කෑම මේසයේ කෑම ගැනීම සඳහා වාඩි වී සිටියදී බහාර් විසින් ඔවුන් ඔවුන්ගේ නිවසට යන්න තීරණය කල බව පවසනවා. ඒ වේලාවේ එන්වර් තවත් දින කිහිපයක් ඔවුන් සමඟින් සිටින්න කියා යෝජනා කරද්දී මිසන් විසින් සාප් කොහෝද සිටින්නේ කියා විමසනවා.. මේ අවස්ථාවේ ඔහුට කර ගැනීඹට වැඩ කිහිපයක් තිබෙන බව සාප් පවසනවාත් සමගම හිත රිදුන මිසන් ඔහු යන්නේ ඔහුගේ අනිත් දරුවන් ළඟට නේද කියා අසමින් ඔහු ආදරය කරන්නේ අනිත් දරුවන්ට බව පවසා එතැනින් කේන්තියෙන් නැගිට යනවා. ඉතිං ඉන්පසු සාප් ළඟට පැමිණෙන බහාර් මිසන් හිතුවක්කාර වී ඇති බවත් ඔවුන්ට මේ ගැන පැහැදිලි කර දෙන්නේ කෙසේද කියා ඇයට තේරෙන්නේ නැති බවත් පවසනවා. ඉතිං ඔවුන් දෙදෙනාට කාලය ලබා දිය යුතු බවත් කාලයත් සමඟින් ඒ දේවල් දෙදෙනාම තේරුම් ගනියි කියාත් සාප් ඇයත් සමඟින් පවසනවා. ඉතිං ඒ හේතුවෙන් ඔවුන් සියළුදේ තේරුම් ගන්නා තෙක් ඔහුට ඔවුන්ගේ තාත්තා හැටියට ටික කාලයක් එකට ඉන්නට ඉඩ දෙන්න කියා ඔහු ඉල්ලා සිටිනවා.

ඔය අතරේ අරිෆ් ඔහුගේ පියා සමඟින් හිරෙන් නිදහස් වෙනවා. ඉතිං මේ වේලාවේ ඔහු සතුටින් කිස්මෙට් සමගින් ඉවසිල්ලක් නැතිව බහාර්ව දැක ගන්නට ඇය වැඩ කරන තැනට යනවා. ඉතිං එලෙස බහාර් වැඩ කරන තැනට පැමිණෙන අරිෆ් ඈතට වී ඇය දෙස බලා සිටිනවා දකින් බහාර් පුදුම වී ඔහු දෙස බලා සිට කිසිවක් අදහාගත නොහැකිව ඔහු ළඟට පැමිණ සතුටින් ඔහුව වැළඳ ගන්නවා..ඒ වේලාවේ ඔහු නිදහස් වී ආවේ කෙසේද කියා අසන විට කිස්මෙට් විසින් ඔහුව නිදහස් කරගත් බවත් පවසා සිටිනවා. ඉතිං මේ වේලාවේ මේ සතුටුදායක අරංචි බහාර් සෙයිඩාට කියන්නට ගියත් සෙයිඩා බහාර් සමඟින් සිටියේ තරහිනි. ඒ ඇය සාප්ව ඇයගේ නිවසේ නතර කරගෙන සිටින නිසයි.. ඉතිං ඉන්පසු බහාර් බලෙන් ඇයව ඇඳගෙන ගොස් අරිෆ් ළඟට එක්කරගෙන යනවා. මේ වේලාවේ අරිෆ්ව දකින් සෙයිඩාටත් හිත සතුටින් පිරී ඉතිරි ගියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *