සතියේ දින පහේම සිරස ටීවී නාලිකාව ඔස්සේ රාත්‍රී හතයි තිහට විකාශනය කෙරෙන කිසා ටෙලි නාට්‍යය කාගේත් ආදරයක් සමඟින් හොඳ ප්‍රතිචාර ලබමින් ඉදිරියටම ගලාගෙන යනවා.. ඉතිං මේ වේලාවේ බහාර් නිදා සිටි ඇඳෙන් නැගිටින විට මිසන් සහ දොරුක් නැති බව දකින බහාර් කලබල වී ඔවුන් කතා කරමින් දොර ඇරගෙන එළියට යනවාත් සමඟම ඇයව එතැන තිබු පෙට්ටියක් ළඟ ඇඳ වැටෙනවා. ඒ වේලාවේ ඇය එය විවෘත කරනවාත් සමඟම එහි තිබෙන මංගල ඇඳුම දැක එ දෙස බලා ඉන්නවාත් සමඟම මිසන් සහ දොරුක් ඇය ළඟට දිවවිත් ඇයව වැළඳ ගන්නවා. ඒ වේලාවේ ඔවුන් බය වෙනවා බහාර්ට යළිත් අසනීප වෙලා කියා. ඒ වේලාවේ මේසීර් එතැන සැඟවී ඔවුන් කතා කරන්නේ මොනවාද කියා අසගෙන සිටිනවා..ඒ වේලාවේ ඇයට අසනීපයක් නැති බවත් ඇය නැගිටින විට ඔවුන් කාමරේ සිටියේ නැති නිසා ඇය කලබල වී ඔවුන් සොයාන්නට ආ බවත් කියමින් බහාර් මිසන්ට එය තේරුම් කර දෙනවා.

ඔය අතරේ එදින රාත්‍රියේ කවුරුන් හෝ පැමිණ එන්වර්ගේ නිවසේ දොරට තට්ටු කරනවා ඇසෙන ආනිස් නැඟට එ බව එන්වර්ට පවසමින් ඒ පැමිණ ඇත්තේ බහාර් බව කියමින් එන්වර් සමඟ දොර අරින්නට යනවා. එ අවස්ථාවේ දොර අරිනවිටම බහාර් සාප් සහ දරුවන් සමඟින් පැමිණ සිටනවා දකින ආනිස්ට සතුට දරාගත නොහැකිව ඇය ළඟට ගොස් ඇයව වැළඳ ගන්නවා. ඉතිං ඉන්පසු සාප් දරුවන්ව සහ බහාර්ව බාර දීමට පැමිණි බව කියමින් ඔහු යන්නට සූදානම් වෙද්දී මිසන් පැමිණ ඔවුන්ව දාලා යන්නට එපා කියමින් ඔවුන් සමඟින් එම නිවසේ සිටින්න කියා පවසනවා. ඉන්පසු දරුවන් දෙදෙනා හඬමින් ඔහුට එම නිවසේ ඉන්න කියා නිසාවෙන් බහාර් කැමති වනවා සාප් එම නිවසේ ටික දිනකට නවත්වා ගන්නට. ඉන්පසු ඔවුන් ආ බව කියන්නට බහාර් සෙයිඩාට දුරකථන ඇමතුමක් ලබා දුන් අවස්ථාවේ බහාර් නිවසට ආපු බව දැනගත් සෙයිඩාගේ සතුට ඉතිරි ගියා. ඉතිං ඔවුන් සියළුදෙනා හොඳින් සිටින බවත් ඇයව බැලීමට ඔවුන් ඉක්මනින්ම පැමිණෙන බවත් කියනවාත් සමඟම සෙයිඩාට ඇසෙනවා එතන සාප් සිටිනවා. ඒ වේලාවේ කොපයට පත් වුන සෙයිඩා සාප්ව එම නිවසේ නතර කරගත්තෙ ඇයි දැයි අසමින් බහාර්ට දොස් කියා දුරකථනය විසන්ධි කරනවා.

ඔන්න ඔය අතරේ පසුදින අරිෆ්ගේ ලොයර් වන කිස්මෙට් බහාර් සිටින නිවසට ඇයව සොයා පැමිණෙනවා.ඒ අවස්ථාවේ බහාර්ව දකින කිස්මෙට් බහාර්ව ඇය දන්නා බවත් අරිෆ් හැම අවස්ථාවේම බහාර් ගැන කතා කරන බවත් ඇයත් සමඟින් පවසද්දී සාප් කේන්තියෙන් එ දෙස බලා සිටිනවා. මේ වේලාවේ කිස්මෙට් අරිෆ්ව හිරේ දාන්න වුවමනාවක් ඇත්තේ සාප්ට බව කියමින් ඔහුට චෝදනා කරනවා. එත් එක්කම මේසීර්ගේ නිවසින් ඔවුන් පැන ගත්තේ කෙසේද කියා බහාර්ගෙන් ඇය විමසද්දී එය සිදුවුයේ කෙසේද කියා ඔවුන් දන්නේ නැති බවත් ඇය දන්න සියළුදේ ගැන ඇය කියන්නම් කියාත් කියනවා. ඉතිං ඒ අවස්ථාවේ එහිදි සිදු වු සියල්ල ගැනම බහාර් කිස්මෙට් සමඟින් පවසනවා. ඉතිං සිරගතවෙලා සිටින අරිෆ් රාත්‍රියේදී අමුතු හීනයක් දකිනවා. ඒ බහාර් ගැනයි. නමුත් එ හීනය ඔහුට නම් එතරම් හොඳ හීනයක් වයේ නැහැ. මන්ද ඔහු එලෙස සිහිනෙන් දැක්කේ බහාර් සහ සාප් ඉතාමත් ආදරයෙන් සිටිනවායි.එය දකිනවාත් සමඟම ගැස්සි නැගිටින අරිෆ් ඇස් වල කඳුළු පුරවාගෙන ඒ ගැන කල්පනා කරමින් සිටිනවා.

පසුදින උදෑසන බහාර් දරුවන් දෙදෙනාත් සමගින් හරිම සතුටින් සෙයිඩාව බලන්නට ඇය වැඩ කරන තැනට පැමිණෙනවා. ඉතිං එලෙස පැමිණ දොරුක් සහ මිසන් කෑගසගෙන සෙයිඩා ළඟට ගොස් ඇයව වැළගන්නවා. මේ වේලාවේ සෙයිඩාත් ඉතාම සතුටින් දොරුක් සහ මිසන් සමඟින් කතා කරනවා. ඉතිං මේ වේලාවේ එතැනට පැමිණෙන එම්රේ බහාර්ව දැක ඇය කැමති නම් ඇයට වැඩ කරන්නට එන්න පුළුවන් බව පවසද්දී බහාර් ඉතා සතුටින් ඇය පසුදින සිටම වැඩ කරන්නට එන බව පවසනවා. ඉන්පසු වැඩ අවසන් වී හවස සෙයිඩා සමඟින් බහාර් සහ දරු දෙදෙනා යනවා. ඒ අවස්ථාවේ යෙලිස්ගේ නම කියමින් දොරුක් කෑගසාගෙන නිවසට යන අවස්ථාවේ බහාර්ට සහ සෙයිඩා කුමක් කරන්නද කියා සිතා ගත නොහැකිව එ දෙස බලා සිටිනවා. ඉතිං මේ වේලාවේ යෙලිස් එම නිවසේ නැති බව සිහිවුන බහාර් එළියට පැමිණ මහ හයියෙන් හඬනවා එන්වර් දකිනවා. නමුත් ඔහු ඇය ළඟට පැමිණෙන්නේ නැ මන්ද ඔහු දන්නවා ඇයට යෙලිස්ව මතක් වු නිසයි ඇය මෙලෙස හඬන්නේ කියා.

ඉතිං පසුදින සෙයිඩාත් බහාර්ත් වැඩ කරමින් සිටින අතරතුරේ එකසැරේටම සාප් තවතමත් ඇැගේ නිවසේ සිටිනවාද කියා බහාර්ගෙන් සයෙිඩා අසනවා. ඒ වේලාවේ දරු දෙදෙනා නිසා ඇයට ඔහුත් සමඟින් ඉන්න සිදුවන බව බහාර් පවසනවාත් සමගම කෝපයට පත් වුන සෙයිඩා ඇයට බැන වදිමින් යෙලිස් මිය ගියේ ඔහු නිසා බවත් අරිෆ්ට සිරගෙදර ඉන්නට සිදු වුයෙත් සාප් නිසා බව කියාත් සෙයිඩා බහාර්ට දොස් කියනවා. ඉති මේ අවස්ථාවේ ඇයට සාප් සමින් ජිවත් වන්නට අවශ්‍ය නැති බවත් ඔහුදින කිහිපයයි එම නිවසේ සිටින්නේ කියාත් බහාර් ඇයට පැහිදිලි කර දෙන්නට උත්සහා කලත්සෙයිඩා එය පිළිගන්නට කැමති වුයේ නැහැ. ඔන්න ඔය අතරේදීම එම්රේ ඔහුගේ නංගී සමඟින් සෙයිඩාගේ අම්මාව හමුවීමට ගමට ගිය අවස්ථාවේ ඇයගේ නිවසේ කිසිවෙකු සිටියේ නැහැ. එතනදී එ අසළ සිටි කෙනෙක් සෙයිඩාගේ මව සෙයිඩාගේ දරුවා සමඟින් දරුවාට අසනීප වු නිසා රෝහලට ගිය බවත් කියනවාත් සමඟම එ සිටින දරුවා සෙයිඩාගේම දරුවෙකුද කියා එම්රේ විමසනවා. ඉතිං ඔහු එදින තමයි දැන ගන්නේ ආර්ඩා යනු ඇගේ දරුවා බව. නමුත් ඔහු තවමත් දන්නේ නැහැ ආර්ඩා ඔහුගේ පුතා බව..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *