දෙරණ නාලිකාව ඔස්සේ සෑම සතියේ දින පහේම රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාර මැද ගලාගෙන යනවා. මේ වේලාවේ රදීෂ් නැති අතරේ ලිහිණිව හමුවීමට ඇයගේ බොඩ්මට පැමිණෙන ඩිලාන් රදීෂ් ගැන විස්තර කියමින් ඔහු ඉතා සංවේදී කෙනෙක් බවත් පහුගිය ටිකේ ඔහු හිත හොඳින් නොසිටි බව ඔහුට දැනුන බවත් පවසනවා. ඒ වේලාවේ ඔහු කෙලින්ම ලිහිණීගෙන් ඇය හා රදීෂ් අතර කුමක් හෝ ආදර සම්බන්ධතාවයක් පටන්ගෙන තිබෙනවාද කියා විමසනවා.ඉතිං ඊට පිළිතුරු සෙමින් ඔවුන් තවමත් හොඳ යහළුවන් බව පවසනවාත් සමඟම ඩිලාන් සිනාසෙමින් තවම හොඳ යළුවෝ පමණක් නම් ඉදිරියට වෙනස් වෙන්නට ඉඩ තිබෙනවාද නේද කියා අසා සිටිනවා. ඉතිං ඔහුට ඒ අවස්ථාවේ තේරුණා ඇය කෙලින් නොකිවාට ඇයගේ හිතේ රදීෂ් ගැන කැමැත්තක් ඇති බව. එත් සමඟම ඔවුන් අතරේ සම්බන්ධයක් තිබුනත් නැතත් ඔහු ලිහිණිට තාත්තා කෙනෙක් මෙන් ආදරේ බව කියා එතනින් පිටවී යනවා.

ඔය අතරේ රදීෂ් පවනි සහ මිලාන් සමඟින් පාරට වී කතා කරමින් ඉන්න අතරතුරේ එතැනට පැමිණෙන මේනකගේ ගෝලයෙක්  වන ශාමෙන් එකසැරයටම රදීෂ් පවනි සහ මිලාන් සමඟින් යනවාත් සමඟම ඔහුගේ බඩට පහරක් එල්ල කරනු ලබනවා… ඉතිං ඒ අවස්ථාවේ කෝපයට පත් වුන රදීෂ් ඔහු ළඟට පැමිණ එලෙස ඔහුට පහර දුන්නේ ඇයි දැයි විමසන විට ඔහුත් සමඟින් බේරා ගන්නට ගණුදෙනුවක් ඇති හෙයින් එය විසඳ ගන්නට අවශ්‍ය බව කියමින් තවත් පිරිසක්ද පැමිණ ඔවුන්ව වට කරගනු ලබනවා. ඒ අවස්ථාවේ ඔහුත් සමඟින් නම් ප්‍රශ්නය තිබෙන්නේ එයට ඔුගේ යහළුවන් මැදිහත් නොකර ගන්න කියමින් මිලාන්ට සහ පවනිට එතැනින් පිට වෙන්න කියනවා.ඒ වේලාවේ රදීෂ් එහි සිටින පිරිසට පහර දී ශමෙන්ටත් පහර දෙනු ලබවනවා. එ අවස්ථාවේ එතැනට යළි දිව එන මිලාන් රදීෂ්ව එතැනින් බේරා ගෙන ලිහිණීගේ බෝඩිමට එක්කන් එනු ලබනවා.මේ වේලාවේ රදීෂ් දෙස බලන ලිහිණි දකිනවා ඔහුට තුවාල වී තිබෙනවා. ඒ අවස්ථාවේ කුමක්ද සිදු වුයේ කියා අසද්දී එළියේදී පොඩි ප්‍රශ්නයක් ඇති වු බව මිලාන් පැවසුවා. මේ වේලාවේ මැරයන් සමඟ රණ්ඩුවට ගියේ දැයි අසමින් ලිහිණි හොඳටම රදීෂ්ට බැන වැදුනා. නමුත් ඒ අවස්ථාවේ රදීෂ් එක වචනයක්වත් කතා නොකර ඇය කියන සියළු දේ අසාගෙන සිටියා.

ඉතිං ඉන්පසු රදීෂ් බෝඩිමෙන් ගිය පසු පවනිත් සමඟින් ලිහිණි හඬමින් ඩිලාන් එදින ඇය හමුවීමට පැමිණ රදීෂ්ව බලා ගන්න කියා ඇගෙන් පොරොන්දුවක් ගත්තත් රදීෂ් මෙලෙස මැරයන් සමඟ පැටලෙමින් ප්‍රශ්න ඇති කරගන්නා නිසා ඇයට ඩිලාන් මුහුණ දීමට නොහැකි වන බව කියමින් ඇය හඬනවා. ඉතිං මේ අවස්ථාවේ රදීෂ්ට කරදරයක් සිදු වුයේ නැති බව කියමින් ඔහුව හොඳින් බලාගමු කියා පවනි ලිහිණිත් සමඟින් කියනවා. ඉතිං මේ වේලාවේ අනුහස් සමඟින් අක්ෂා ඔහුගේ නිවසට ගිය පසු එතැනට පැමිණෙන උදේනිව දකිනවාත් සමඟම අනුහස් ඔහුගේ නළලේ තිබු තුවාලයට සඟවාගෙන කතා කරන්නට උත්සහා කලත් ඔහුට එය උදේනියට සඟවන්නට නොහැකි වුව.ත ඒ වේලාවේ එය දැක එසේ තුවාල වුයේ කෙසේද අසමින් කාත් සමඟින් හෝ රණ්ඩුවක පැටලුනාද අසනකොට අනුහස් බොරු කියු නිසා එ ගැන අක්ෂාගෙන් විමසනවා. ඒ අවස්තාවේ සිදු වු සියළු දේ ගැන අක්ෂා උදේනිට පැහිදිලි කර දෙනවා..

ඔය අතරේ කම්පැනියේ ඇති වී තිබෙන ප්‍රශ්න හේතුවෙන් අනුහස් උදේනිත් සහ අක්ෂා සමඟින් රට යන්නට සූදනාම් වන බව දැනගත් අනාන්දගේ හිත රිදී ඔහු එදින අක්ෂා සහ අනුහස් සමඟින් ගරාජයට වී කතා කරමින් සිටිනවා. ඒ අවස්ථාවේ ඔහුගේ පියා නැති දා සිට ඔහුව ඔහු බලාගත්තේ තමන්ගේම පුතකු මෙන් බව කියමින් එදා වගේම අදත් ඉදිරියටත් එලෙසම ඔහුට අවශ්‍ය වන්නේ අනුහස් සහ උදේනි ඔහුගේ ඇස් මානේ තබාගැනීමට බව පැහැදිලි කර දෙනවා. ඉතිං මේ වේලාවේ අනාන්දගේ වේදනාව තේරුම් ගත් අනුහස් ඔහු හැමදාම ඔහුගේ ළඟම සිටින බවත් කිසිදිනක ඔවුන් අතහැර නොයන බවත් පවසා සිටිනවා.

One Reply to “අනුහස් මැරයන් සමඟින් රණ්ඩු කර ඇති බව උදේනි දැනගනී”

  1. min pasuva sudulunu magadiyak ganada asannata labenava dolar nathi kamin jus bar ekada vasadamannata vena bava kiyauna

Leave a Reply

Your email address will not be published. Required fields are marked *