සතියේ දින පහේම ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන චලෝ ටෙලි නාට්‍ය සතියේ දින වල රාත්‍රි 9.30ට විකාශය වනවා.තරඟය ජයග්‍රහණය කල පසු පසුදින පාසල් යන අතරමඟ චලෝ හා පුර්ණ එය කතා කරමින් සිටිනවා.උදෑසන පාසලට සීතා ටීච පැමිණෙනවා.ඉන්පසු ඇය ඉදිරියට එන නිශ්ශංක සර් හට දැරියන් තරඟය ජයග්‍රහණය කල එකට බනිනවා.ඔවුන් හට උදව්කිරීමට උවමනා බව නිශ්ශංක සර් පවසනවා.ගුරුනිවාසයට යන සීතා ටීච එතැන සිටි ගුරුවන් හට ද මේ බව පවසනවා.චලෝගේ අම්මා හමුවීමට කබලේ මුදලාලි පැමිණෙනවා.ඉන්පසු ඔවුන්ගේ දුක ඔහු අඳුරනබවත් ඇය හට රස්සාවක් නොකරන බව පවසනවා.චලෝගේ නිවසට පැමිණෙන පුර්ණගේ මව හට නිවසේ ඇති අඩුපාඩුකම් ගැන පවසනවා.

 

රාත්‍රියෙදි චලෝ සමඟද මේ බව චලෝ හට පවසනවා.ඉන්පසු ඇය තරඟයෙන් නැවතීමට සුදානම් වනවා.පසුදින සේම් සරා හංසිගේ අයියා හට හංසි බුල්ටෝ සමඟ සම්බන්ධයක් ඇති බව පවසනවා.සේම් සරා හා හංසි ගේ අයියා කතා කරමින් සිටින තැනට හංසි හා බුල්ටෝ කතා කරමින් පැමිණෙනවා.කෝප වන හංසිගේ අයියා හංසි හට බැන වදිනවා.බුල්ටෝ වැරදි නැතිබවත් සියලු දේට වැරදි ඇය බවත් හංසි පවසනවා.ඉන්පසු එය අසා සිටින බුල්ටෝ හංසි හට ගහන්න එපා යැයි පවසා සියලු දේට වැරදි ඔහු බව පවසනවා.ඉන්පසු සේම් සරා හා හංසි ගේ අයියා බුල්ටෝ හට ගහනවා.එය නවත්වන ලෙස බවසා හංසි අයියා හට වඳිනවා.පසුදින චලෝ හා පුර්ණ පංසලට පැමිණෙනවා.පාසලට අවසන් වී බුල්ටොහා තවත් යහළුවෙක් පැමිණෙනවිට සේම් සරාගේ බයිසිකලය නවත්වා තිබෙන අයුරු දැක එය පාර මැද නවත්වා එතැනින් පිට වනවා.සුද්දි පාරේ තනිව යන විට ඇය යන මගට කබලේ මුදලාලි පැමිණෙනවා.උදෑසන අවදිවන චලෝ මිදුලේ වාහන පාරවල් තිබෙනු  දකිනවා.ඉන්පසු  එය දකින අම්මා ඉක්මනින් නිවසේ දොරවල් සාදා ගතයුතුබව කියනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *