හිරු නාලිකාවේ මේ දින වල විකාශය වන තුර්කි නාට්‍යක් වන රුමා ටෙලි නාට්‍ය කා අතරත් ජනප්‍රිය ටෙලි කතාවකි.සෑම සතියේ දිනකම රාත්‍රි 9.00ට විකාශය වනවා.රුමාගේ අයියා වන මෙහෙමට් රැකියාවක් සොයා තැන තැන ඇවිදිමින් සිටිනවා.එතැනට රුමා පැමිණෙනවා.රත්‍රියේ චිරාත්ගේ නිවසට පැමිණෙන කුරායි සහ හන්ඩේ හට එතැනින් යන ලෙස චිරාත් පවසනවා.චිරාත් රුමා ගේ පස්සෙන් යන බව හන්ඩේ පවසා ඔහු ලැඡ්ඡාවට පත්කරනවා.කෝප වන හන්ඩේ කුරායි කැටුව එතැනින් පිටව යනවා.නිවසින් එළියට එන කුරායි චිරාත් හට එසේ සලකන්නේ ඇයි දැයි විමසනවා.ඉන්පසු හන්ඩේ හට ඔහු බැන වදිනවා.

රුමා හට දුන් මල් කළඹින් මලක් ගෙන රුමාගේ මව එය ඇගේ ඇඳේ තබා යනවා.උදෑසනම චිරාත් හන්ඩේ හමුවීමට යනවා.ඉන්පසු හන්ඩේ හට තමා කෙල්ලන් ගැන දන්නා නමුත් තවමත් රුමා ගැන නොදන්නා බව පවසනවා.මේ අතර රුමාගේ මව වැඩ කරන නිවසේ මහත්මයා හට ඇය සාදා දුන් දෙළුම් ජෑම් දෙනවා.ඒවා වෙළඳපොළට දැමීමට හැකි බව ඔහු කියනවා.මේ අතර රුමා හෝටලයේ වැඩට යනවා.රාත්‍රියෙදි චිරාත් කුරායිගේ නිවසට පැමිණෙනවා.උදෑසන වනතුරු ඔහු කුරායිගේ නිවසේ සිටිනවා.ඉන්පසු හන්ඩේද එතැනට එනවා.ඇය කුරායි නැති අතරවාරයේ කුරායි ළඟ ඇති CD එක සොයනවා.අවදිවන චිරාත් සොයන්නේ කුමක්ද කියා ඇගෙන් විමසනවා.රාත්‍රියේ රුමා හමු වීමට චිරාත් ඇගේ නිවසට අසලට එනවා.එහිදි ගොඩනැගිල්ලේ තවත් අයෙක් සිටි නිසා ඇය ඔහු හමුවීමට නොයනවා.පසුදින උදෑසන කුරායිගේ නිවසට පැමිණෙන හන්ඩේ ඔහුගෙන් CD එක ඉල්ලනවා.නමුත් ඔහු එය නොදෙනවා.මේ අතර ඔහුගේ නිවසේ සිටින ගුම්සේ එම CD එක රැගෙන යනවා.

ඉන්පසු ඇය එය හන්ඩේ හට දෙනවා.පසුදින රුමා හමුවීමට චිරාත් පැමිණෙනවා.ඉන්පසු ඔහුට ඇය සමඟ කතා කළයුතු බව කියනවා.ඇය එසේ කිරීමට හේතුව ඇය ඔහුගෙන් විමසනවා.CD එක ගත් හන්ඩේ නිවසට ගොස් එය බලමින් සිටිනවා.එතැනට නිවසේ වැඩ කරමින් සිටින රුමාගේ මව පැමිණෙනනවා.ඉන්පසු ඇය හන්ඩේගේ රූපවාහිනියේ දමා ඇති රුමාගේ වීඩියෝව දකිනවා.රුමා හමුවීමට එන චිරාත් ඇයගෙන් ඔහු සමඟ සිටින්නේද කියා විමසනවා.ඉන්පසු ඇය ඔහුට කැමති බව රුමා පවසනවා.කෝපයෙන් නිවසට පැමිණෙන රුමාගේ මව රුමා හට පහර දෙනවා.පසුදින රුමාගේ මව හට ඇය සිදු වූ දේ පවසනවා.මේ අතර ජාන්සු ඇගේ මව සමඟ රුමා කොල්ලෙක් සමඟ කතා කරමින් සිට බව පවසනවා.පසුදින රුමා රැගෙන යාමට චිරාත්පැමිණෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *