සතියේ දින පහේම රාත්‍රි 8.30ට හිරු නාලිකාවේ විකාශය වන රැල්ල වෙරළට ආදරෙයි ටෙලි නාට්‍ය මේ අයුරින් ගලාගෙන ප්‍රේක්ෂක
හදවත් දිනාගනිමින් විකාශය වන ටෙලි නාට්‍යකි.අසනීප වී සිටි ශිවා බැලීමට සත්‍යා තෝමස් හට පවසා ඔහුගේ නිවස ඇති පාර
අසලින් යනවා.මේ අතර ශිවා සිටි තැනට පැමිණෙන තාත්තා සත්‍යා ශිවා හට අත වනනන අයුරු දකින තාත්තා මේ දේ නවත්වන
ලෙස ඔහුට හැඟවූවා.පියා දකින සත්‍යා ඉක්මනින් ඉවත බලා ගන්නවා.සත්‍යා නිවසට පැමිණි විට ජූඩ් පැමිණ තාත්තා ඇයව තමා හට
එක්කගෙන එනලෙස කියු බව පවසා සත්‍යාව එක්කගෙන යනවා.සත්‍යා හා ජුඩ් බයිසිකලයේ යන අයුරු බාබු දැනගන්නවා.ඉන්පසු
එය කෙසේ ශිවා හට කිව යුතුද කියා විමසනවා.සත්‍යා තාත්තා සිටි තැනට යනවා.

ඉන්පසු ඔවුන් බෝට්ටුබත් කනවා.පසුදින ශිවා සත්‍යා බැලීමට බස් එක පිටිපස්සෙන් යනවා.ඉන්පසු ශිවා බස් එකට නැග දෙදෙනාම
යනවා.බාබු හට බස් එක පිටුපස එන ලෙස කියනවා.කැම්පස් එක අසලට එන විට එතැන ජුඩ් සිටිනු තෝමස් දැක සත්‍යා හට
පවසනවා.ඉන්පසු ශිවා හට ශීට් එක යටට යන ලෙස සත්‍යා පවසනවා.ඉන්පසු ජූඩ් වෙත යන සත්‍යා ඔහුට බොරු ආදරයක් පෙන්වා
ඔහු සමඟ කතා කරනවා.මේ අතර කැම්පස් එකේ සත්‍යා හා යහළුවන් පුහුණු කිරීම සඳහා ආදේෂ් පැමිණෙනවා. ඔහුගේ හැසිරීමට
අකමැති සත්‍යා පුහුණුවීම් නවතා පිටව යනවා.මේ අතර ඇමතිවරයාගේ පුතා රට සිට පැමිණි නිසා ඔහු වෙනුවෙන් පාටි එකක් සුදනම්
කර ඇති බවත් එහි යාමට සත්‍යා හට සුදානම් වන බව කියනවා.දෙදෙනාම පාටි එකට යනවා.ඇමතිවරයාගේ පුතා පැමිණ සත්‍යා
සමඟ කතා කරනවා.සත්‍යාගේ මව ලියුමක ලියා තමාගේදුව ඇමතිගේ පුතා හට විවාහ කර නොදෙන බව වීරවර්ණ හට පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *