සියත නාලිකාවේ මේ දින වල විකාශය වන රේස් ටෙලි නාට්‍ය සෑම සතියේ දිනකම විකාශය වනවා.මෙම ටෙලි නාට්‍ය සියලු දෙනාගෙම ආදරය දිනාගෙන අවසන්.උවිඳු හට බේත් දැමීමට ගිම්හානි ආරණ්‍යා හට ඔවුන් එන බව ඇමතුමක් දී පවසනවා.ආරණ්‍යා ගිම්හානි හට දේවානිත් එක්කගෙන එන බව පවසනවා.දේශාන් හා ඔහුගේ මව නිකේෂලාව පිටරට යවනවා.උවිඳු ගිම්හානි සහ දේවානි වෙද ගෙදරට යනවා.ආරණ්‍යා ළඟ උදව්වට සිටි චාරුණි හිතා මතාම දේවානි ගේ ඇඟට තෙල් බෝතලය වට්ටවනවා.ඉන්පසු ආරණ්‍යා ඇයට එය සොදාගැනීමට පෙන්වන ලෙස පවසා ඔවුන් එනතුරු සිටින බව කියනවා.ඇය එය සෝදා එනවිට ආරණ්‍යාගේ මව ඇයට සමඟ කතා බහ කරමින් සිටිනවා.දේවානිව දකින මහේන්ද්‍ර මහත්තයා ඒ මගේ දුව කියා කෑ ගසනවා.එය ඇසි දේවානි හැරී බලනවා.මේ අතර රාදිකගේ පියා රාදික හට කල්පනාවෙන් වැඩ කලයුතු බවත්.තේ ෆැක්ටරි එකට එන බව කියනවා.මේ අතර මහේන්ද්‍ර මහත්තයාගේ මතකය නැවතගැනීමට ආරණ්‍යා උත්සහ කරනවා.

ඔහු තමා සමඟ අනතුර සිදුවන දවසේ සුසිල් සමඟ සිටි බවත් කාර් එක අනතුරක් වන විට සුසිල් එහි නොහිටි බව කියනවා.ඉක්මනින් නිවසට ගොස් තම දියණිය සහ ප්‍රදීපා වන බිරිඳ බැලිය යුතු බව කියනවා.දේශිත නසිරා බැලීමට පැමිණෙනවා.නසිරා දේශිතට ඔවුන්ගේ ආදරය මිරිඟුවක් බව කියනවා.කාලිංග පොලිසියට ගොස් සිදු වූ දේවල් පොලිසියට පැවසු බව මහේන්ද්‍ර සහ නිවසේ අයට කියනවා.ඔවුන් නිවසට ගොස් සියලු දේ පැවසිය යුතු බව කියනවා.එසේ පවසා ආරණ්‍යා ප්‍රදීපාගේ නිවසට ඇමතුම ගන්නවා.එයට උත්තර දෙන්නේ සුසිල් නිසා ආරණ්‍යා ඇමතුම තියනවා.කාලිංග ප්‍රදීපාගේ දුරකථන අංක සොයා ඇයට කතා කරනවා.ඇයට සියලු විස්තර කියන අතරතුර එතැනට සුසිල් පැමිණෙනවා.ඉන්පසු ඔහුට එම කතා බහ ඇසෙනවා.රාදික පාරේ එන විට රාදික කාර් එක නවත්වා ඇයව දාගෙන යනවා.

දේශානි එතැනින් ගිය විට දේශිත සුසිල් ගෙන් එසේ සිටින්නේ ඇයි දැයි විමසනවා.උවිඳු හට ගිම්හානි මිස් දෙන ෆයිල් එකත් ගෙන නිවසට පැමිණෙනවා.ඉන්පසු උවිඳු එතැනින් යාමට හදනා විට රාදික එතැනට පැමිණෙනවා.උවිඳු සමඟ ඇති සම්බන්ධය කුමක්ද අසා උවිඳු තමාට ගැසු බව කියනවා.ඉන්පසු උවිඳු රාදික සමඟ බැනගන්නා විට සුසිල් සර් උවිඳු හට පහර දී එතැනින් යන ලෙස පැවසුවා.ප්‍රදීපාගේ දුරකථනය වැඩ නොකරන නිසා ආරණ්‍යා ගිම්හානිගෙන් දේවානිගේ දුරකථන අංකය ගෙන ඇයට කතා කරන්නට හදනවා.ඉන්පසු දේශානි ඇගේ ඇමතුම රැගෙන ඇගෙන් මව ගැන විමසනවා.රාත්‍රියෙදි නිවසින් පිට වුන අම්මා තවමත් නැති නිසා දේවානි තාත්තා හට අම්මා ගේ දුරකථනයද වැඩ නොකරන බව කියනවා.ගිය තැනක් නොදන්නා බවත් ඇය පවසනවා.හසන්ත කුණු කන්ටේනර් එකත් සමඟ පොලිසියට හසු වී ඇති බව හසන්තගේ බිරිඳ සුසිල් හට ඇමතුමක් දී කියනවා.උදෑසන වන විටත් අම්මා නිවසට නොපැමිණි නිසා දේවානි අඩමින් සිටිනවා.ඉන්පසු දේවානි සමඟ රාදික හට පොලිසියට යන ලෙස සුසිල් පවසනවා.පසුදින උවිඳු හා දේවානි ඔෆිස් එකට නොපැමිණි නිසා ගිම්හානි ඔවුන්ට ඇමතුම් අරගන්නවා.ඉන්පසු උවිඳු ඔහුට සිදු වූ දේ පවසනවා.ආරණ්‍යා දේවානිගේ නිවසට පැමිණෙනවා.

ඉන්පසු ඇය දේවානි හට මේඝා කියා කතා කරනවා.ඉන්පසු ඇය තමාගේ නම දන්නේ කෙසේද කියා ආරණ්‍යාගෙන් විමසනවා.තමාගේ අම්මා නැති වී ඇති බවත් දේවානි ආරණ්‍යා හට පවසනවා.සියලු විස්තර දැනගත් ආරණ්‍යා සියලු දේ අම්මාට සහ තාත්තාට කියනවා.මේ අතර සුසිල් නිවසට පැමිණෙනවා.මහේන්ද්‍ර බේරුනේ කෙසේදැයි ඔහු කල්පනා කරමින් සිටිනවා.ඔහු සිටින තැනට පොලිසිය පැමිණ ඔහුගේ යාළුවෙකුගෙන් ඇමතුමක් ඇති බව පවසා ඔහුට දුරකථනය දෙනවා.ඉන්පසු එයට කතා කරන්නේ දේශානුයි .ඉන්පසු ඔහුව අත්අඩංගුවට ගන්නාබව පවසා තමා දේශිත බවත් ඔහුට පවසනවා.ආරණ්‍යා සියලු දේ දේවානි හට පවසනා.තමාගේ තාත්තා ජීවත් වන බව ඇයට හිතාගත නොහැකි බව දේවානි පවසනවා.එවුන්කතා කරමින් සිටින තැනට දේවානිගේ පියා වන මහේන්ද්‍ර පැමිණෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *