ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන පාර දිගේ ටෙලි නාට්‍ය සෑම සතියේ දිනකම රාත්‍රි 8.30ට විකාශය වනවා.මෙය ලොකු පොඩි කාගේත් සිත් දිනා ගනිමින් ඉතාමත් සාර්ථක අයුරින් ගලාගෙන යනවා.ජුඩ්,බානු,අභි සහ ආණ්‍යා සරනිගේ නිවසට දිවා ආහාරයට පැමිණෙනවා.සියලු දෙනා සිටින තැනට රෙහාන් හා රෙක්සි පැමිණෙනවා.මේ අතර බණ්ඩා නානායක්කාර වෙත ඇමතුමක් ගෙන මුදල් දුන්නේ වෙනත් නිවසකට බව පවසනවා.සියලු විස්තර පවසන බණ්ඩා සල්ලි දුන් කෙනා හමුවන බව පවසනවා.කෝප වන නානායක්කාර ඩේමියන් හමුවට පැමිණෙනවා.මේ අතර වත්සලා හමුවීමට එන නානායක්කාරගේ ගෝලයින් ඇයට දුන් ලක්ෂ දෙක ඉල්ලා සිටිනවා. එය ඇය ගාව නොමැති බවත් එය රෙහාන් හට දුන් බවත් පවසනවා.

බන්ඩා වත්සලා හමුවීමට පසුදා උදෑසන යනවා.නානායක්කාරගේ ගෝලයින් රෙහාන් හමුවීමට පැමිණ වත්සලා දුන් මුදල ඔවුන් හට දෙන බව කියනවා.නමුත් එම මුදල් සල්ලි වත්සලා හට දෙන බව ඔහු කියනවා.බන්ටිගේ පියා අළුවිහාරේ හට කතා කර දුව සමඟ ඇති සම්බන්ධය නවත්වන ලෙස කියනවා.පසුව අළුවිහාරේ හට ඇමතුමක් දුන් අංකයට අමතන අළුවිහාරේ හට බණ්ඩා උත්තර දෙනවා.සිදුව ඇති දේ බණ්ඩා පැමිණ බන්ටි හට පවසනවා.කෙසේ හෝ තාත්තා ළඟ ඇති රෙහාන්ගේ අංකය සොයාගන්නා ලෙස කියනවා.ජූඩ් සහ අභි ඩේමියන්ගේ ස්ටුඩියෝ එකට එනවා.මේ අතර බන්ටිගේ පියාගේ සාක්කුවේ තිබු රෙහාන්ගේ අංකය සොයාගන්නවා.ජූඩ් සහ අභි ඩේමියන්ගේ ස්ටුඩියෝ එකට හොර රහාසේ පැමිණෙනවා.ඉන්පසු ඔවුන් ඩේමියන්ගේ සියලු පරිගණක පරික්ෂා කරනවා.ඩේමියන් පැමිණෙන විට ඔවුන් දකිනවා.ඉන්පසු ඔහුගේ සියලු දේ ඉවත් කර ඔවුන් එතැනින් පිටව යනවා.

පසුදින බන්ඩා වත්සලාගේ නිවසට පැමිණෙනවා.දෙදෙනා නිවසේ කතා කරමින් සිටින විට රෙක්සි ආ බව වත්සලා හට ඇමතුමක් දි පවසනවා.ඉන්පසු එය ගන්නා ලෙස බන්ඩා ඇයට පවසනවා.ඇය ගොස් රෙක්සිගෙන් එම මුදල් ගන්නවා.රෙහාන්ගේ නිවසට පැමිණෙන ඔහුගේ මව විසික් කර ඇති කෑම පෙට්ටි දැක නිවසට පැමිණියේ කවුද කියා ආරියසේනගෙන් විමසනවා.නමුත් ඔහු කිසිවක් නොදන්නා බවත් පවසා එතැනින් පිටව යනවා.කෝප වන රෙහාන්ගේ මව ඔහුට ඇමතුමක් ගෙන බැන වදිනවා.මේ අතර බන්ඩා රෙක්සි හමුවීමට යනවා.ඉන්පසු වත්සලාගේ පිටුපස සිටින්නේ රුක්ෂානා බව පවසනවා.සියලු විස්තර රෙක්සි රෙහාන් හට ඇමතුමක් ගෙන සියලු විස්තර පවසනවා.වත්සලා හට පාටි එකේ පින්තූර යැව්වේ උදාරි බවත් රෙක්සි රෙහාන් හට පවසනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *