සතියේ දින වල ස්වර්ණවාහිනි  නාලිකාවේ විකාශය වන පාරදිගේ ටෙලි නාට්‍ය මේ දින වල ප්‍රේක්ෂකයන් අතර ඉතාම ජනප්‍රිය ටෙලි නාට්‍යකි.මෙම නාට්‍ය සතියේ දින පහේම රාත්‍රි 8.30ට විකාෂය වනවා.බන්ඩා රෙක්සි හමුවී නැවත බානු හා යහළුවන් සිටින තැනට පැමිණෙනවා.සිදු වූ දේ ඔහු ඔවුන්ට පවසනවා.නිවසට පැමිණෙන ටුටුව වෛද්‍යවරයෙක් වෙත ගෙන යාමට ඩාලිං අක්කා සැරසෙනවා.නමුත් ටුටු එහි යාමට අකමැති වනවා.බන්ඩා ජූඩා හට කතා කර වත්සලාගේ දුරකථනය දිමට යාමට එන ලෙස කියනවා.බන්ඩා සහ ජූඩා වත්සලා හට දුරකථනය බාරදීමට පැමිණෙනවා.ඉන්පසු වත්සලා නිවසින් පිටවීමට සුදානම් වනවා.ඇය ලෑස්ති වී එළියට එන විට බන්ඩා සහ ජූඩා නැවත සැඟ වෙනවා.මේ අතර වත්සලාව පැහැරගැනීමට නානායක්කාරගේ මැරයන් පැමිණෙනවා.

වත්සලාව ඔවුන් පැමිණි වෑන් රථයට දාගැනීමට හදනවා.එතැනට පැමිණෙන බන්ඩා සහ ජුඩා වත්සලාව බේරා ගන්නවා.ඇයව නිවසට ගෙන ගොස් බන්ඩා ඇයට බේත් දමනවා.නානායක්කාරගේ නිවසට ඩේමියන් පැමිණෙනවා.ඔහුගේ ක්‍රියාවන් සැක සහිත බව මානවී ඔහුට කියනවා.ඔවුන් දෙදෙනා කතා කරමින් සිටින තැනට නානායක්කාර පැමිණ ඩේමියන් හට කතා කර ඔහුට ඉවතට ගෙන යනවා.ඉන්පසු නානායක්කාර හට බන්ටි කතා කරන බව කියනවා.නානායක්කාර හට ඇමතුමක් ගන්නා බන්ටි ඔහු සිදු කල දේවල් ඇය දන්නා බවත්.ඔවුන්ගේ සල්ලි උවමනා බවත් පවසනවා.මේ අතර නානායක්කාරගේ නිවසට පොලිසියෙන් පැමිණෙනවා.වත්සලා නම් අයෙක් පැහැරගැනීමට  සම්බන්ධයෙන් නානායක්කාරගේ නම කියවී ඇති බවත් සැක පිට ඔවුන් ආ බවත් පවසනවා.රෙහාන් ආයතනයට ගිය පසු ඔහුට ඔහුගේ අධිකාරි කතා කර ඔහුට කාන්තාවක් කතා කර   සරනි යනු බොරු අයෙක් බවත් ඔහුට සොයා බලන ලෙස පවසනවා.එසේ කතා කලේ කාන්තාවක් බවත් පවසනවා.මේ අතර අධිකාරි තම දුවට කතා කර සරනිගේ නිවසට ගොස් එන ලෙස කියනවා.

මේ අතර බන්ඩා හට කතා කරන නානායක්කාර සල්ලි දීමට කැමති බව කියනවා.මේ අතර බන්ටිගේ දුරකථනය හොරෙන් ගන්නා අම්මා තාත්තාරෙහාන්ගේ දුරකථන අංක සොයා ගෙන ලියා ගන්නවා.ඉන්පසු බන්ටිගේ පියා පාරට පැමිණ අභිගේ දුරකථනයෙන් රෙහාන් හට ඇමතුමක් ගෙන තමාගේ දුවත් සමඟ ඇති සම්බන්ධය නවත්වන ලෙස කියනවා.වැරදිමක් වී ඇති බව කියනවා.අභි ජූඩා සහ බානු පුහුණු වීම් කරමින් සිටින තැනට ආණ්‍යා පැමිණෙනවා.ඉන්පසු ඇය ඔවුන් සමඟ සරනිගේ නිවසට ගොස් කෑම ගැනීමට එන බව කියනවා.ඉන්පසු සරනි එය රෙහාන් හට කියනවා.ඉන්පසු ඉක්මනින් ඇයට තම නිවසට යන බව රෙහාන් කියනවා.බන්ඩා සහ සරනි රෙහාන්ගේ නිවසට යනවා.මේ අතර බන්ඩා හට නානායක්කාර කතා කර ඔවුන් ඉල්ලු මුදල් දොරට යටින් දැමු බව කියනවා.ඔවුන් සල්ලි දමා ඇත්තේ වත්සලාගේ නිවසේ බව සරනි හට බන්ඩා කියනවා.රෙහාන් ආරියසේනට කතා කර ගේට්ටුව අරින ලෙස කියනවා.සරනි සහ බන්ඩා පැමිණෙන විට ආණ්‍යා ගේට්ටුව අසල සිටිනු දකිනවා.ඉන්පසු ආරියසේන සරනි ළඟ නිවසට ගිය බවත් ඇය ඉක්මනින් එන බවත් ඔහු කියනවා.

ඉන්පසු සියලු දෙනාම නිවසටපැමිණෙනවා.වත්සලා නිවසට පැමිණි විට සල්ලි දකිනවා.ඉන්පසු ඇය එයත් රැගෙන රෙහාන් හමු වීමට එනවා.ඉන්පසු තමා සල්ලි වලට ගැනීමට නොහැකි බව පවසනාව.බන්ඩා වත්සලාගේ නිවසට පනිනවා.ඉන්පසු එතැනට වත්සලා පැමිණෙනවා.ඉන්පසු බන්ඩා වත්සලාගේඔළුවට රෙද්දක් දමා එතැනින් පැන යනවා.වත්සලා නැවත ඇයගේ උදව්වට ආ නිලන්ත ලෙස අඳුරාගත් බණ්ඩා හට ඇමතුමක් ලබා දී තමාගේ නිවසේ පිරිමි අයෙක් සිටි බව කියනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *