හිරු ටීවී තුලින්  සෑම සතියේ දිනකම රාත්‍රී අටයි තිහට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය මේ වෙද්දී ගොඩක් දෙනා  අතර ජනප්‍රිය ටෙලි නාට්‍යක්. ඉති මේ වෙද්දී වින්ඩි අගස්තිට ආපු දුරකථන ඇමතුම ගැන සැකයෙන් තමයි සිටින්නේ. මන්ද එ ගැන කිසිවක් ඔහු ඇය සමඟින් නොකියන නිසයි.මේ වේලාවේ ඇය අගස්තිට ඔහුගේ ජිවිතයේ ඇති දේවල් ඇයත් සමඟින් බෙදා නොගන්නේ කියා ප්‍රශ්න කරනවා. ඒ වේලාවේ කවුරුන් හෝ කෙනෙක්ට ඔහුව රිමාන්ඩ් කරන්නට අවශ්‍යතාවයක් ඇති වී තිබෙන බවත් නමුත් එය මේ වතාවේ සිදු නොවන බවත් ඔහු වින්ඩි සමඟින් පවසනවා.  ඔය අතරේදී තරුපති සොයා පොලිස් නිළධාරින් දෙදෙනෙක් ඔහුලෙගග් නිවසට පැමිණෙනවා.. ඒලෙස පැමිණ ඔහුට පහුගිය දිනයක සිදුවූ සිද්ධිය ගැන විස්තර තරුපතිගෙන් අසා දැනගන්නවා. ඒ වේලාවේ පොලිසීය විසින් තරුපතිට ඔහුට පහර දීම සම්බන්ධයෙන් කවුරුන් හෝ කෙනෙකුගේ සැක කරනවාද කියා විසමනවා.ඒ වේලාවේ ඔහු මඳ වේලාවක් කල්පනා කරමින් හිඳ ඔහුට සැක කරන්නට කවුරුත් නැති බව පවසනවා.ඉතිං ඒ අවස්ථාවේ පොලිසිය විසින් කෙසේ හෝ ඔහුට පහරදුන් අය පිළිබඳව සොයා බලන්නම් කියා ඔවුන් පිටව යනවා..

 

ඉතිං විශාල්ගේ අම්මා සහ තාත්තා වන ශානිකා සහ විපුල ව්‍යායම් කරමින් එළිමහනේ සිටියදී තේමීයත් ව්‍යයාම් කිරීම සඳහා එතැනට පැමිණෙනවා විශාල්ගේ තාත්තා දකිනවා. ඉන්පසු ඔවුන් තේමිය ළඟට ගොස් ඔවුන් විශාල්ගේ දෙමාපියන් බව කියමින් තේමීයට ඔවුන්ව හඳුන්වා දෙනු ලබනවා. ඉතිං මේ විදියට මොවුන් ඔහු ළඟට ගොස් මෙසේ කතා කරන්නේ ඔහුගේන් උදව් ගන්න බලාපොරොතුත්වෙනි.ඒ විශාල්ට තරඟයේ ඉදිරියටම ගොස් ජයග්‍රාහණය කරවාගන්නට ඇති උවමනාව මතයි. මේ වේලාවේ තේමීය විසින් විශාල් කියන්නේ දක්ෂ ගායකයෙක් බවත් ඔහුට ඉදිරියටම යෑමේ හැකියාවක් තිබෙන බවත් ඔවුන් සමඟින් පවසනවා. ඉතිං මේ වේලාවේ විවිධ දේවල් කියමින් විශාල්ව ඉදිරියට ගෙන යෑමට ඔවුන් උත්සහා කරන බව වැටහුන තේමීය ඔවුන් කියනා දේවල් වැඩිය ගනන් නොගෙන සිනාසෙමින් අසා සිටියා.

 

ඉතිං මේ වේලාවේ ගිටාරය වාදනය කරමින් අගස්තී ගීතයක් ගායනා කරමින් ඉන්න අතරතුරේදී වින්ඩි අගස්ති ළඟට පැමිණ යළ වතාවක් ඔහු සිටින්නේ කුමක් හෝ ප්‍රශ්නයකද කියා විසනවා. ඒ අවස්ථාවේ අගස්ති , ඔහුට ඔහුගේ අම්මාව මතක් වුන බව වින්ඩි සමගින් පවසනවා.ඒ වේලාවේ ඔහුගේ අම්මා ගොඩක් දුක් වින්ද කෙනෙකු බව අගස්ති වින්ඩි සමඟින් පවසනවා. ඒ වේලාවේ එකසැරේටම වින්ඩි ඔහුගේ තාත්තා මොන වගේ කෙනෙක්ද කියා අසනවා.ඉතිං තාත්තා ගැන ඔහුට ලොකු හැඟීමක් නොතිබුන බවත් ඔවුන් ගැන සොයා බැලුවේ නැති බවත් අගස්ති පවසනවා. ඉතිං ඔන්න වජිරා ඇගේ නිවසේ ගීතයක් පුහුණු වෙමින් ඉන්න අතරතුරේදී ඇයගේ ගෙදර වැඩට සිටින කෙනා කලබලයෙන් වාගේ ඇය ළට පැමිණ යළි වතාවක් වින්ඩිගේ තාත්තා සහ තවත් කෙනෙකු පැමිණ සිටින බව පවසනවා..ඒ වේලාවේ දොර ඇරිනන්ට එපා කියා ඇය පවසනවාත් සමඟම එකදිගටම දොරට වින්ඩිගේ තාත්තා තට්ටු කිරීම නිසා දොර ඇරීමට ඔවුන්ට සිදුවනවා. ඉතිං ඔවුන් එනවාත් සමඟම වජිරා වින්ඩිට දුරකථන ඇමතුමක් ලබාගෙන ඇයගේ අම්මා සහ තවත් කෙනෙක් ඇවිත් සිටින බව වජිරා පවසනවා. ඒ වේලාවේ ඔවුන්ව එදින පමණක් ගෙදරට ගන්න කියා වින්ඩි බැගැපත්ව වජිරාගේන් ඉල්ලීම් කරනවා.   ඉතිං ඒ වේලාවේ නිවස ඇතුළට ආව වින්ඩිගේ තාත්තා සහ නැන්දා ඔවුන්ට සතියක් පමණ වින්ඩිගේ නිවසේ සිටීමට සිදුවන බව වජිරා සමඟින් පවසනවා. ඒ අවස්ථාවේ වජිරා අකමැත්තෙන් වාගේ සතියක් සිටිනවාද කියා වින්ඩිගේ තාත්තාගෙන් විමසනවා. එත් එක්කම බිත්තියේ ඇති වජිරාගේ  ඡායාරූප දකින වින්ඩිගේ නැන්දා වින්ඩි ඉතා මහත් වී ඇති බව පවසනවා. ඉතිං ඒ වේලාවේ වින්ඩිගේ තාත්තා විසින් එ සිටින්නේ වින්ඩි නොවන බවත් එ වජිරා බවත් ඇයට පැහැදිලි කර දෙනවා.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *