දෙරණ නාලිකාව ඔස්සේ රාත්‍රී අටයි තිහට විකාශනය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය ‍ප්‍රරේක්ෂකයන්ගේ හොඳ ප්‍රතිචාර මැද ගලාගෙන යනවා.. ඉතිං ඔන්න මේ මේ වේලාවේ ලිහිණි ළඟට පැමිණෙන පවනි එදා දවසේ සිදු වු සිදුවීමෙන්වත් රදීෂ්ගේ ආදරයට දැනුනේ නැති ද කියා අසමින් රදීෂ් ඇයට ආදරය කර බව තේරුම් කර දෙනවා. ඉන්පසු පවනි ඇයට පුළුවන් උපරිමෙන් තේරුම් කරදී එතැනින් කේනතියෙන් යන්නට යනවා. ඉතිං එත් එකක්ම පවනි කියු දේවල් ගැන සිතමින් ලිහිණි හඬන්නට පටන් ගන්නවා. ලිහිණි රදීෂ්ට ආදරය කලත් ඇය එය ඔහුට පෙන්වන්නට කැමති නැත්තේ ඇයි දැයි කියන එක මේ කතාවට ආදරය කරන ලිහිණි සහ රදීෂ් එකතු වනවාට කැමති හැමෝටම කුතුහලයක්.. ඉතිං ඔය අතරේ අනාන්ද හමුවීමට පැමිණෙන උදේනි කම්පැනියේ ඇති වී තිබෙන ප්‍රශ්න මොනවාදැයි අසමින් එ ගැන විස්තර විමසනවා. ඒ අවස්ථාවේ අනාන්ද විසින් කම්පැනිය ඉතාම බරපතළ තත්තවකට ඇඳ වැටී ඇති බව කියමින් ඒ ගැන විස්තර පවසනවා. ඒ වේලාවේ එම ප්‍රශ්න විසඳා ගැනීමට අපහසු බවත් ඔහු ඇයට තේරුම් කරදෙනවා. ඉතිං මේ වේලාවේ අනුහස්ගේ හිත හදමින් ඔහුට ශක්තිය වී සිටින්න කියා උදේනි අනාන්දගෙන් ඉල්ලීමක් කරනවා.

 

ඔය අතරේ කම්පැනියට පැමිණෙන අදායම් බදු නීලධාරින් දෙදෙනෙක් සියළුදෙනා සිටින තැනට පැමිණ ඔවුන්ගේ කම්පැනියෙන් අවුරුදු තුනක කාලයක් සිට බදු නොගෙවා ඇති බව දැනුම් දෙනවාත් සමඟම එය ඇසු අක්ෂා සහ අනුහස් කලබල වී එසේ සිදු වන්නේ කෙසේද කියා ඩිලාන්ගෙන් අසන අවස්තාවේ ඔහු විසින් නියමිත දිනයට ඒ සියළු දේ ගෙවා ඇති බව පවසනවා. ඉතිං මේ වේලාවේ කම්පැනියට ප්‍රශ්න පිට ප්‍රශ්න පැමිණිම නිසා අනුහස් සහ අක්ෂා ඉතා කලකිරීමෙන් තමයි සිටින්නේ. ඉතිං මේ සියළු දේ පිටුපස සිටින්නේ මේනක කියා තවමත් අක්ෂාට සහ අනුහස් සාක්ෂි ඇතිව ඔප්පු කිරීමට හැකි වුයේ නැහැ. ඉතිං මේ වේලාවේ අක්ෂා සහ අනුහස් ළඟට පැමිණෙන ඩිලාන් ඉතාමත් වේදනාවෙන් කෑගසමින් අනුන්ගේ පව් වලට ඔවුන් කර ගසන්නට එපැ කියමින් ඔවුන් මෙරටින් පිටව යන්න කියා පවසනවා. මේ වෙද්දී අනුහස්ට සහ අක්සාටත් කුමක් කරනන්ටද කියා සිතා ගත් නොහැකිවයි සිටින්නේ. ඉතිං මඳ වේලාවක් කල්පනා කරමින් සිටින අනුහස් වේදනාවෙන් ඔහුගේ තාත්තා වන රවී ගැන මතක් කරමින් ඔහු හොඳ කෙනෙක් බව පවසමින් හඬන්නට පටන් ගන්නවා. ඉතිං එත් එකක්ම සියළු දේවල් ගැන කලකිරුණ අනුහස් මේ සියළු දේ අත්හැර උදේනිවත් රැැගෙන පිටරට යමු කියා පවසනවා.

 

ඉතිං මේ වේලාවේ කටත් හොරෙන් ලිහිණිගේ බෝඩිමට පැමිණෙන රදීෂ් පවනි සහ ලිහිණි කතා කරමින් සිටින්නේ මොනවාද කියා හැංගී අසාගෙන සිටිනවා. එ වේලාවේ නිවසේ කුලීය ගෙවීමට සල්ලි නැති බව කියන ලිහිණි එය සොයා ගන්නේ කෙසේද කියා පවනිත් සමගින් කල්පනා කිරමින් සිටිනවා. මේ වේලාවේ එ ගැන දැනගත් රදීෂ් ඔවුන් දෙදෙනා එතන නැති අතරේ මේසය ළඟට පැමිණ ලිහිණිගේ පොතක් තුළ සල්ලි හංගා කටත් නොපෙනි  පිටව යනවා. ඉතිං ඉන්පසු එතැනට පැමිණෙන ලිහිණි එම සල්ලි දකිනවාත් සමඟම ඒ සල්ලි පවනිගේද කියා අසනවා. ඉතිං ඒ සල්ලි දකින පවනි එය දැක පුදුම වී ඇය ළඟට සල්ලි නැති බව පවසනවාත් සමඟම ලිහිණි එම සල්ලි වල ඇති සුවඳ බලනාවත් සමඟම ඇයට තේරේනවා එම සල්ලි රදීෂ්ගේ බව. ඒ වේලාවේ එ සල්ලි කාගේද කියා ඇය දන්නා බව කියමින් කාමරයට යනවා..  මේ සමඟම දේව්මි අවන්තත් සමඟින් රාත්‍රියේ පන්සලට පැමිණ පහන් පත්තු කරමින් ඇති වී තිබෙන සියළු ප්‍රශ්න ඉක්මනින්ම විසඳා දෙන්න කියා ප්‍රාර්ථනා කරනවා. ඉතිං අවන්තත් මේ වේලාවේ අනුහස් වගේම කම්පැනියට ඇති වී තිබෙන තත්ත්වය ගැන ඉතාමත් වේදනාවෙන් තමයි සිටින්නේ. මේ වේලාවේ දෙව්මි ඔහුගේ හිත හදමින් ඔහුගේ හිත ශක්තිමත් කරන්නට උත්සහා කරනවා.

 

ඉතිං පසුදිනයේ උදෑසන අනුහස්ගේ නිවසට පැමිණෙන අක්ෂාගෙන් උදේනි කම්පැනියේ ඇති ප්‍රශ්න ඉක්මනින් විසඳා ගැනීමට හැකිවෙයිද කියා විමසනවා. එ අවස්ථාවේ ඔවුන් මහන්සී වි තිබෙන ප්‍රශ්න විසඳා ගැනමට ගොඩක් උත්සහා කරන බව උදේනිට අක්ෂා පැහිදිලි කර දෙනවා. ඒ වේලාවේ අනුහස් සහ අක්ෂා දුකින් සිටිනවාට ඇය අකමැති බව උදේනි පවසමින් ප්‍රශ්න සියල්ල ඉක්මනින්ම විසඟන්නට පුළුවන් වෙන්න කියා ප්‍රාර්ථනා කරනවා. ඉතිං ඇය එලෙස කියනවාත් සමඟම අක්ෂා ඇයට යෝජනාවක් කරනවා. ඒ සියළු දේ අතහැර පිටරටක යන්නටයි. ඒ අවස්ථාවේ එකපාරම ඇය එයට කැමති වෙමින් ඇය පිරටරකට යන්නට කැමති බව අක්ෂා සමඟින් පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *