සතියේ දින වල රාත්‍රි 9.00ට හිරු නාලිකාවේ විකාශය වන රුමා ටෙලි සිතුවම මෑතකාලයේ පටන් ගත් තුර්කි කතාමලාවකි.මෙහි එන ගැහැණු දරුවාගේ නම රූමායි අය තට්ටු නිවාසයක ජීවත් වන එම නිවාසයේ සියලු ගෙවල් වල වැඩකාරකම් කරන සේරා සහ රිසා ගේ දියණියයි.ඔවුන් දෙදෙනා මෙම මහල් නිවාසයේ සිටින පොහොසත් පවුල් වල බැල මෙහෙවරකම් කරනවා.මේ කතාවේ එන රූමා හට සහොදරයින් දෙදෙනෙක් සිටිනවා.එතැනින් වැඩිමහල් සොහොයුරා මෙහෙමට් නම් වෙනවා.අනෙක් සොහොයුරා තවමත් බාල වයසක පසු වෙනවා.මේ අතර මෙහෙමට් ඉගෙනීම කඩකප්පල් කරගනිමින් ගරාජ් එකක රස්සාවක් කරනවා.නමුත් රූමා හොඳින් ඉගෙන ගන්නා දැරියකි.එයට ඇගේ අම්මා කැමති වූවත් ඇගේ පියා එයට අකමැති වෙනවා.මොකද ඇගේ පියාට උවමනා වන්නේ ඇය විවාහ කර දීමටයි.නමුත් තමන් විදි දුක රුමාට දිය නොහැකි බව පවසන සේරා නිතරම රූමා හට ඉගෙන ගැනීමට උදව් කරනවා.මේ අතර විභාගයට මුහුණ ප්‍රතිඵල එනතුරු රුමා බලා සිටිනවා.මේ අතර රූමා සිටින මහල් නිවාසයට ජාන්සෝ නම් රූමාගේ යහළුවෙක් පැමිණෙනවා.ඉන්පසු ඇය සහ ඇගේ කුඩම්මා මෙහි නවතින බව ඔවුන් කියනවා.ජාන්සෝගේ කුඩම්මා ඉතා දරුණ අයෙක් උවද ජාන්සෝ රූමා හට ලැදියාවකින් සිටිනවා.මේ අතර රූමාට ඔවුන්ගේ වැඩ වලට උදව් කරන ලෙස ජාන්සෝගේ කුඩම්මා කියනවා.ඉන්පසු ජාන්සෝට උදව් කරන රුමා හට කුඩම්මා ඇඳුමක් දෙනවා.

ඉන්පසු තමාටද උදව් කරන ලෙද ඇයට කියනවා.මේ අතර රුමාට දෙන ජාන්සෝ ඇඳුම් දෙනවා.ඉන්පසු එය දකින රුමාගේ අයියා ඔහුට බැන වදිනවා.ඇයට පෝසත් අයෙක් මෙන් සිටින්නට නොහැකි බව කියනවා.ඉන්පසු එතැනට පැමිණෙන රුමාගේ අම්මා ඇගේ හිත හදනවා.පසු දින විභාගයේ ප්‍රතිඵල ඇවිත් බව දැනගත් රූමා ජාන්සෝ වෙත යනවා.ඉන්පසු දෙදෙනාම ප්‍රතිඵල බැලිමට යනවා.ඉන්පසු රුමා ඉහලින්මා පාස් වී ඇති බව කියනවා.එතැනට පැමිණෙන ජානසෝගේ අම්මා ජාන්සෝ වෙත බැන වදිනවා.ඇයට මේච්චර සැප සම්පත් තිබිලත් ඇයට විභාගය පාස් නොවීම පිළිබඳව.ඉන්පසු පසු දින විශ්ව විද්‍යාලයට යන රුමා හට නව යාළුවෙකු හමු වෙනවා.මේ අතර සිදු වූ සියල්ල ගැන සෙනිම් මැඩම් කනස්සල්ලෙන් සේරා සමඟ පවසනවා.ඉන්පසු පාසලේ සහ සියලු දෙන අතර ප්‍රසිද්ධ එක පුද්ගලයෙක් ඉන්නවා.ඉන්පසු ඔහැ ගැන විස්තර රුමා ඇගේ යෙහෙළියගෙන් අසනවා.ඔහු තරුණියන්ගේ සිහින කුමාරයා බවත් ඔහු චිරාත් බවත් ඔහුට සිතු සිතු විදිහට පෙම්වතියන් මාරු කරන බවත් ඇය කියනවා.ඉන්පසු ඔහු සමඟ සිටින අනෙක් යහළුවන් ගැන ඇය රුමාට කියනවා.චිරාත්ගේ අනෙක් යහළුවන් වන්නේ හන්ඩේ සහ කුරායි.ඔවුන් ඉතා පොහොසත් අය බව ඇය රුමාට කියනවා.රූමා ඇත්තේ ඉතා පොඩි පරණ ආකාරයේ දුරකථනයකි.ඉන්පසු රුමා හට අම්ම අමතන විට එයට ලැඡ්ඡා වන රුමා එතැනින් නැගිට ගොස් පාරේ යන ගමන් ඇයට උත්තර දෙනවා.ඉන්පසු එතැනින් යන චිරාත්ගේ කාර් රථයේ වැදි රුමාගේ දුරකථනය බිම වැටෙනවා.ඉන්පසු එය අහුලා දිමට චිරාත් පැමිණියත් ඇය එය ඉක්මනින් අහුලා බැගයට දමාගන්නවා.තමන් අළුත් දුරකථනයක් රැගෙන දෙන බව චිරාත් කියනවා.නමුත් ඇය තමන්ගේ දුරකථනය හදන්නට දි ඇති බවත් එය ලැබෙන තුරු මෙය පාවිච්චි කල බවත් කියනවා.සිදු වූ දේට චිරාත් සමාව ඉල්ලනවා.මේ අතර රුමා ගෙදර යන වේලාවේදි චිරාත් ඇය අසලට එනවා.ඉන්පසු ඔහුගේන බේරිමට රුමා කුලි රථයකට නගිනවා.නමුත් එයින් ඇයට නිවසට යාමට තරම් මුදල් නොමැති නිසා ඇය චිරාත් ගිය පසු නැවත එයින් බසිනවා.පසු දින රුමා එනතුරු බලා සිටින චිරාත් ඇයට කතා කරනවා.සිදු වූ දේට සමාව ඉල්ලනවා.මේ අතර රුමා යහළුවා සමඟ කතා කරමින් සිටින විට එතැනට ඇගේ පියා පැමිණෙනවා.තමන් ඇමතුමට උත්තර දෙන්නේ නැති නිසා ඔහු ආ බව කියනවා.ඉන්පසු ඔහු ඇය ඇඳු සිටි ඇඳුම දැක එය ගලවන බව කියනවා.ඉන්පසු ඇයකෙසේ හෝ උත්සහ කර රිසා එතැනින් යනවා.ඔහු ගිය පසු ඔහු කවුරුන්දැයි රුමාගේ මිතුරිය අසනවා.ඉන්පසු ඔහු ඇගේ පියාගේ රියදුරා බව ඇය බොරු කියනවා.නිවසට පැමිණෙන රුමා දුරකථනය කැඩි ඇති බව කියනවා.අළුත් දුරකථනයක් ලබා දෙන බව ඇය පවසනවා.එසේ කිරිමට සල්ලි නොමැති බව කියනවා.පසු දින චිරාත් රුමා හමු වෙනවා.ඉන්පසු රුමා ඔහුගෙන් සමාව ගන්නවා.ඇය කතා කරපු දෙයට එතැනට පැමිණෙන හන්ඩේ සියලු දෙනාට කෝපි බීමට ආරාධනා කරනවා.ඉන්පසු බැහැයි කිමට නොහැකි නිසා රුමා ඔවුන් හා යනවා.සියලු දෙනා විවිධ කෑම ඕඩර් කරනවා.

නමුත් රුමාට සල්ලි නොමැති නිසා ඇය වතුර පමණක් ඇනවුම් කරනවා.මේ අතර ඔවුන් සිටින තැනට රුමාගේ නිවාස සංකිර්ණයේ සිටින එක්තරා ගැහැණු ළමයෙකු පැමිණ රුමා දෙස පුදුමයෙන් බලනා.ඉන්පසු එයට කලබල වන රුමා එතැනින් ඇයට අමාරුයි බව පවසා යනවා.ඉන්පසු චිරාත් ඇය ගෙනත් දැමීමට යනවා.රුමාට නොදැනෙන්න චිරාත් ඇගේ බැගයට දුරකථනය දමනවා.ඉන්පසු නිවසට පැමිණ රාත්‍රි ආහාර ගන්නා අවස්ථාවේ දුරකථනය නාද වෙනවා.ඉන්පසු එයට කෝප වන රුමාගේ පියා එය කාගේද කියා අසනවා.ඉන්පසු එය තමාට ජාන්සෝ දුන් බව කියනවා.පසුදින කැම්පස් යන රුමා හට හන්ඩේ මුණ ගැසෙනවා.රුමා වෙත පැමිණෙන ඇය චිරාත් හොඳ නැති කෙනෙක් බවත් ඔහුගෙන් ඇත් වී සිටින බවත් කියනවා.ඉදිරියට ඔවුන් යහළුන් බව කියනවා.ඉන්පසු චිරාන් ඇයට දුන් දුරකථනය හන්ඩේ හට දෙනවා.මේ අතර කැම්පස් ඉවර වී නිවසට යමින් සිටින රුමා වැස්සට හසු වෙනවා.ඇගේයහළුවා කුලි රථයක නැග නිවසට යනවා.ඉන්පසු රුමා වෙත චිරාත්ගේ කාර් එක එනවා.ඉන්පසු එයට නගින ලෙස ඇයට කියනවා.අකමැති උවත් ඇය එයට නගිනවා.ටික දුරක් යන විට එම කාර් එක කැඩෙනවා.ඉන්පසු එය සැදිමට එන්නේ ඇගේ අයියා බව ඇය දැනගන්නවා.ඉන්පසු කලබල වන ඇය කාර් රථයෙන් බැස දිව යනවා.මේ අතර නිවසට පැමිණෙන රුමාගේ පියා ඇයට දුරකථනයක් රැගෙන එනවා.ඉන්පසු ජාන්සුගේන රුමා හට දුරකථනයක් දුන් බවට රුමාගේ මව අසනවා.නමුත් ඇය එය නොදුන් බව කියනවා.

එය රුමාගේ පියාද අසා සිටිනවා.ඉන්පසු නිවසට පැමිණෙන රුමා හට ඇගේ පියා ගසනවා.මේ අතර දුරකථන ඇමතුමක් එන චිරාත් එතැන කාර් රථය දමා දිව යනවා.ඉන්පසු එය තමාට රැගෙන යන බව මෙහෙමට්ට කියවනවා.එදින රාත්‍රියේ රුමා නොකා නිදා ගන්නවා.ඉන්පසු එතැනට පැමිණෙන රුමාගේ අයියා තමාට හමු වූ කාර් එක ගැන කියනවා.මේ අතර රුමාගේ පියා නැවත රුමාට කැම්පස් නොයන ලෙස කියනවා.චිරාත් රත්‍රියේදි හදිසියේ දිව ආවේ තමන්ගේ මල්ලි අසනිප වී සිටින නිසාවෙනි.මේ අතර රුමා අම්මාට උදව් කරමින් සිටිනවා.ජාන්සු සහ සෙලින් මැඩම් අතර බහින්බස් වීමක් වනවා.ඉන්පසු එතැනින් සෙලින් පිටව යනවා.මෙය රුමාට සහ මවට ඇසෙනවා.මේ අතර ජාන්සු ගේ ගුරුතුමියක් පැමිණ සිටිනු සේරා සහ රුමා දකිනවා.නමුත් ජාන්සු කතා නොකරන නමුත් එතැන කිසියම් හෝ දෙයක් සිදුව ඇතැයි සිතා රුමා එතැනට යනවා.එතැනට යන විටත් ජාන්සු වස බී හමාරය.මේ අතර කුරායි හන්ඩේ හමුවීමට යනවා.කුරායි සහ චිරාත් සිටි තැන ඇය අසනවා.ඉන්පසු සියලු දේ කුරායි කියනවා.ජාන්සෝව රෝහලට රැගෙන එනවා.ඉන්පසු සෙලින් මැඩම් සේරාට සහ හන්ඩේ හට ස්තූතිවන්ත වනවා.මේ අතර රුමා එළියේ බන්කුවක් මත වාඩි වි සිටිනවා.මේ අතර එතැනට චිරාත් පැමිණෙනවා.ඔවුන් දෙදෙනා එතැන කතා කරමින් සිටිනවා.හන්ඩේද චිරාත්ගේ මල්ලි බැලිමට එනවා.ඒ එන අවස්ථාවේ රුමා දැක ඇය කෝපයට පත්වනවා.එතැනට පැමිණෙන අම්මා දැක රුමා එතැනින් ඉවත්ව යනවා.ඉන්පසු පසුදින ජාන්සෝ නිවසට යනවා.මේ අතර කුරායි ඇයට බොරු කි බවත් චිරාත් සිටින්නේ රුමා සමඟ බවත් පවසා කුරායි හට හන්ඩේ බනිනවා.පසු දින නිවසට කැම්පස් පැමිණෙන චිරාත් හට කුරායි බැන වදිනවා.තමා හට ඔහු බොරු කියු බව පවසා.ඉන්පසු සිදු වූ දේ චිරාත් කුරායි හට කියනවා.මේ අතර රුමාගේ අයියා මෙහෙමට් ඔහුගේ යහළුවන් සමඟ චිරාත්ගේ කාර් රථය පදිමින් සිටිනවා.ඉන්පසු එය අනතුරකට ලක් වෙනවා.

 

 

 

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *