සතියේ දින පහේම මේ දින වල රාත්‍රි 9.00ට හිරු නාලිකාවේ විකාශය වන රුමා තුර්කි කතා මාලාවකි.එය මේ වෙද්දිත් ප්‍රේක්ෂක හදවත් සොරාගෙන අවසන්.විශ්ව විද්‍යාලය අවසන් වී රුමා එළියට එන විට ඇයට ගුම්සේ කතා කර ඇගේ මාලය පන්තියේ වැටි ඇති බවත් එය රුමාට ගන්නා බවත්පවසනවා.ඉන්පසු ඇ එතැනට යනවා.මේ අතර හන්ඩේ රුමා ගැන මුහුණු පොතේ සොයනවා.රුමා පන්තියට ගිය විට චිරාත් එතැනට පැමිණ එහි දොර වසා ගන්නවා.ඉන්පසු මෙය චිරාත්ගේ උපක්‍රමයක් ලෙස රුමා දැනගන්නවා.ඇය එතැනින් පිට වෙන්නට හැඳුවත් ඇයට චිරාත් යන්නා නොදි සිදු වූ දේවල් පහදනවා.මේ අතර ගුම්සේ සහ කුරායි එක කාමරයේ සිටිනු හන්ඩේ දකිනවා.

ඉන්පසු ඇය එතැනින් පිටවයනවා.ඇය පාසලේ යතුරු ඇති කෙනාගෙන් ඉල්ලාගෙන චිරාත් සහ රුමාව පන්ති කාමරයේ හිර කරනවා.ඉන්පසු ඔවුන්ගේ දුරකථන ක්‍රියාවිරහිත වී ඇති නිසා ගුම්සේ සහ කුරායි එතැනට පැමිණ ඔවුන් එළියට ගන්නවා.රුමා තවමත් නොමැති නිසා අම්මා සහ තාත්තා බිය වී සිටිනවා.පසු දින පාසලට එන රුමා හට ඇය චිරාත් සමඟ තනි වූ බව පාසලේ ළමුන් කතා වෙනු ඇසෙනවා.මෙයට හේතුව හන්ඩේ බව ගුම්සේ රුමා හට පවසනවා.කෝප වන රුමා හන්ඩේ හට පහර දෙනවා.එතැනදි ඇය හා පැවසු දේ කියන්න කියා රුමා ගුම්සේ හට කියනවා.නමුත් ඇගේ සියලු දේ හන්ඩේ එළි කරාවි බියෙන් ඇය එය නොකියනවා.එයට කේන්ති යන රුමා එතැනින් පිටව යනවා.කේන්තියෙන් සිටින හන්ඩේ හමු වීමට චිරාත් ඇගේ නිවසට පැමිණෙනවා.මේ අතර සිදු වූ දෙයට සමා වන ලෙස පවසා රුමා පසු දින චිරාත් වෙත එනවා.එහිදි තම මල්ලිගේ පාපන්දු තරඟයක් තිබෙන බවත් පවසා ඇයට එහි එන ලෙස පවසනවා.ඉන්පසු දෙදෙනාම ගොස් එය නරඹනවා.එතැනට නොදන්වාම එන හන්ඩේ හට කේන්ති යනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *