මේ දින වල කාගේත් සිත් දිනාගත් නව නිර්මාණයක් වන රේස් සතියේ දින පහේම රාත්‍රි 8.30ට සියත නාලිකාවේ විකාශය වනවා.මේ අතර නසිරා හට තමා හමුවන ලෙස දේශිත ඇය අමතා කියනවා.මේ අතර ශෙරිල් අමතන ක්ලිෆර්ඩ්ගේ පෙම්වතිය වන ෆැලන් ඇගේ දුරකථනයේ ක්ලිෆර්ඩ්ගේ නම සඳහන් නොකරන ලෙස කියනවා.ඇයට ක්ලිෆර්ඩ් ගැන බියක් ඇතිබව කියනවා.මේ අතර එතැනට පැමිණෙන ක්ලිෆර්ඩ් එසේ බය නොවෙන ලෙස කියනවා.මේ අතර දේශිත හමුවීමට නසිරා පැමිණෙනවා.ඉන්පසු දේශිත ඇයට ඔහු සමඟ එන ලෙස කියනවා.උවිඳු ඔෆිස් ආව නැති එක ජොන් අනෙක් අය සමඟ කතාබහ කරමින් සිටිනවා.ඔහු ඇත්තටම සිදු වූ දේ නොදන්නා නිසා ඔහුට උවිඳුට සිදු වූ දේ පිළිබඳව දේශානි පවසනවා.ඉන්පසු ඔහු උවිඳු බැලිමට යාමට සිතනවා.නමුත් ඔහුගේ නිවස නොදන්නා නිසා එය මඟ හරිනවා.මේ අතර ඔහු හා සිටින අනෙක් අයගෙ නිවාස නොදන්නා නිසා සියලු දෙනාගෙන්ම ඔහු නිවසේ ලිපිනය ඉල්ලනවා.මේ අතර නිකි සහ රාදික අතර කතා බහක් සිදු වෙනවා.

මෙහිදි රාදික උවිඳු හට කල දේට උවිඳුගෙන් සමාව ගන්නා ලෙස නිකි කියනවා.නමුත් එය නොකරන බව රාදික කියනවා.ඉන්පසු එය නොකරොත් නැවත කිසි දිනක නිකි ඔහු සමඟ කතා නොකරන බව පවසා එතැනින් පිටව යනවා.මේ අතර ගිම්හානි මුණ ගැසීමට ආරණ්‍යා පැමිණෙනවා.ඇය පැමිණෙන ආපනශාලාවට ඇගේ කාර් එක අනතුරකට ලක් වූ දොස්තර ඉරෝෂ් එතැනට පැමිණෙනවා.ඉන්පසු ඇය දකින ඔහු ඇය සමඟ කතා කරනවා.දේශිත නසිරාවත් කාර් එකේ දමාගෙන යනවා.මේ අතර දේශිත ඇයට වීඩියෝවක් පෙන්වා ශෙරිල් යනු ලංකාවේ සිටින කුඩු ජාවාරම් වලට සම්බන්ධ අයෙක්බවත් ඇයට ඔහු ළංව ඇත්තේ ක්ලිෆර්ඩ් අල්ලා ගැනීමට බවත් පවසනවා. මේ අතර ආරණ්‍යා ගිම්හානිගේ ඔෆිස් එකට පැමිණෙනවා.ඉන්පසු ඇය දේශානි ගැන විමසනවා. මේ අතර රන්දුලිගේ දුරකථනය ගෙනැවිත් දුන් පිරිමි ළමයාගෙන් ඇගේ දුරකථනය හමු වුයේ කෙහෙන්ද කියා විමසනවා.ඉන්පසු ඔහු එය නොකියන නිසා ඇය ඔහුගේ බයිසිකලයේ යතුර ගෙන යනවා.අත්ත පවසා එය රැගෙන යන බව කියනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *