ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන පාරදිගේ ටෙලි නාට්‍ය මේ වන විට ප්‍රේක්ෂක හදවත් සොරාගෙන අවසන්.මෙය සෑම සතියේ දිනකම රාත්‍රි 8.30ට විකාශය වනවා.බන්ටිගේ දෙමාපියන් අසන ප්‍රශ්ණ වලට කේන්ති යන බන්ටි ටුටු සොයා පැමිණෙනවා.ඉන්පසු ටුටු හට වැරෙන් කම්බුල් පහරක් එල්ල කරනවා.ටුටු සමඟ රණ්ඩු වී බන්ටි එතැනින් පිටව යනවා.ඉන්පසු බානු සිටින තැනට එන බන්ටි සියලු දේ පවසනවා.මේ අතර බන්ටි සහ බානු අතර සම්බන්ධයක් ඇතිද සැකෙන් එය දැනගැනීමට බන්ටිගේ පියා පැමිණෙනවා.ටුටු මුණ ගැසීමට එන බණ්ඩා ඇයට බැන වදිනවා.බානු සහ බන්ටි කතා කරමින් සිටින තැනට පැමිණෙන බන්ටිගේ පියා ඔවුන්ට කෑ ගසනවා.මේ අතර සිකුරා සහ ඩාලිං අක්කා රෙහාන් ගේ නිවසට ගිය බව බන්ටි බන්ඩා හට පවසනවා.ඉන්පසු බන්ඩා රෙක්සි හට කතා කර ඔවුන් සල්ලි ඉල්ලිමට එන බව කියනවා.මේ අතර රෙහාන් ගේ නිවසා සිකුරා සහ ඩාලිං පැමිණෙනවා.මේ අතර ඩේමින් කතාකල බවත් ඔවුන් හට ඒමට කියු බවත් පවසනවා.ඉන්පසු සියලු දෙනා ඩේමියන් මුණ ගැසීමට යනවා.නානායක්කාර ඔහුගේ ගෝලයන් ලවා ඩේමියන්ගෙන් එය ගැනීමට එන අයට පහර දීමට සැලසුම් කරනවා.

බන්ඩා සහ සියලු දෙනා පාළු තැනකට පැමිණෙනවා.රෙහාන්ගේ නිවසට පැමිණෙන වත්සලා රෙහාන්ගේ නිවසින් එන සිකුරා සහ ඩාලිං දකින වත්සලා ඔවුන් පසු පස යනවා.ඩේමියන් හමු වීමට යන බන්ඩා සහ පිරිස ඩේමින් එනතුරු බලා සිටිනවා.නානායක්කාර එන අයුරු දුටු බන්ඩා සැඟවෙනවා.ඉන්පසු ඔවුන් අසලට එන ඩේමියන් සහ පිරිස බානු ජූඩා සහ අබියා හට පහර දෙනවා.ඉන්පසු එතැනට පැමිණෙන බන්ඩා ඔවුන් බේරා ගන්නවා.මේ අතර සිකුරා සහ ඩාලිං වෙත පැමිණෙන වත්සලා ඔවුන්ව කාර් එකේ ගෙන යාමට හදනවා.ඉන්පසු ඔවුන් එතැනින් පිට වෙනවා.මේ අතර සිකුරා සහ ඩාලිං පසු පස එන වත්සලා වත්තට පැමිණෙනවා.ඉන්පසු ඇය සිකුරා සහ ඩාලිංගේ නිවස සොයාගන්නවා.රාත්‍රියේ සිකුරා සහ ඩාලිං ගේ නිවසට පැමිණෙන බන්ඩා ඔවුන් සිදු කල දේ ගැන විමසනවා.මේ අතර රෙහාන් සරනි හට කතා කරනවා.දෙමව්පියන් සමඟ රණ්ඩු වන්නේ කෙසේද කියා විමසනවා.ටුටු බානු සොයා පැමිණෙනවා.ඉන්පසු ඇය දකින බානු ඇයට බැන වැදි එතැනින් එළවා ගන්නවා.

මේ අතර රෙහාන්ගේ බොස් සරනිගේ මල්ලි තම දියණිය මුණ ගැසීමට උවමනා බව පවසනවා.ඉන්පසු රෙක්සි එය බන්ඩා හට පවසනවා.රෙහාන්ගේ නිවසට වත්සලා පැමිණෙනවා.ඉන්පසු එතැනට එන රුවිනි සහ රෙහාන්ගේ අම්මා ඇයට රෙහාන්ගේ නිවසට ආ එකට බැන වදිනවා.මේ අතර ටුටු මොනවා හෝ වස පානය කර සිකුරා සහ ඩාලිං ගේ අසලට පැමිණෙනවා.ඉන්පසු ඇයව වඩාගත් සිකුරා ඇයව රෝහලට ගෙන යනවා.මෙය දකින බන්ටි ගොස් බානු හා බන්ඩා හට මෙය කියනවා.ඉන්පසු බන්ඩා අබි සහ ජුඩා රෝහලට යාමට යනවා.පසු දින නැවත සිකුරා සහ ඩාලිංගේ නිවසට පැමිණෙන වත්සලාව මොවුන් දකිනවා.ඉන්පසු ඔවුන් එතැනින් යාමට හැදුවද ඔවුන්ව ඇය දකිනවා.ඉන්පසු ඔවුන් දෙදෙනාව කාර් රථයේ දමාගෙන වත්සලා එතැනින් පිටව යනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *