සෑම සතියේ දිනකම රාත්‍රී 9.00ට සිරස ටීවී තුලින් විකාශනය වන නීල පබළු ටෙලි නාට්‍යය මේ වෙද්දි ගොඩක් දෙනා අතර ජනප්‍රියයි. ඉතින් නීල පබලු ටෙලිනාට්‍ය ප්‍රේක්ෂක ආදරය දිනා ගනිමින් ඉතාමත් හොඳ ප්‍රතිචාර මැද ඉදිරියට ගලාගෙන යනවා.. ඉතිං ඔන්න මේ දවස් වලත් නීල පබලු ටෙලිනාට්‍ය හොඳම කොටස් තමයි විකාශනය වෙන්නේ.. මොකද මේ වෙද්දි විහාර ලෙස ඉන්න කුරුලුට සිහිය ඇවිත් තමයි තියෙන්නේ.. ඉතින් මේ වෙලාවේ කුරුලු ළඟින් සිටින ඉස්කෝල මහත්තයා සහ ඉස්කෝල නෝනාව කවුරුන්ද කියා ඇයට සිතා ගත නොහැකිව තමයි සිටින්නේ. මොකද දැන් වෙද්දි කුරුලුට පරණ මතකය ඇවිත් තියෙන්නේ.. ඉතිං ඒ නිසා ඇය එහි සිටින කිසිවෙක් හඳුනන්නේ නැහැ. ඇය කල්පනා කරන්නේ ඇය කොහෙද ඉන්නේ කියායි, ඒ වගේම ඇය ඒ වෙලාවේ ඇගේ පෙම්වතා වන අබිමන් සහ ඇගේ මව වන සුභද්‍රවත් මතක් කරමින් ඔවුන් කොහේ සිටිනවාද කියා කල්පනා කරනවා.. ඒ වෙලාවේ එතැනට පැමිණෙන හර්ෂ ඇයගෙන් කොහොම ද කියා අසන විට ඇය කල්පනා කරනවා හර්ෂ කවුරුන්ද කියා ඇය කවදාවත් ඔහුව දැක නොතිබුණු බවත් සිතනවා.. ඇය හිතන්නේ මේ සියලු දෙනාම ඇයව මේ නිවස තුළ රඳවාගෙන සිටිනවා කියායි.. ඇය සිතනවා කවුරුන් හෝ කෙනෙක් විසින් ඇයව සිරකර මොවුන්ට බාර දෙන්නට ඇති කියා..

ඉතින් ඔන්න ඔය අතරේ අභිමන් නරක හීනයක් දකිනවා.. ඒ කුරුළු සහ පූජා එකට හමු වී කතාබහ කරමින් ඉන්න අතරතුර එක සැරයටම අබිමන් එතැනට පැමිණෙනවත් සමඟම පූජා වෙඩි තුවක්කුවක් අතට ගෙන කුරුලුට වෙඩි තබන්නට උත්සාහ කරනවා.. ඒ වෙලාවේ අභිමන් ඒය කරන්නට එපා කියා පූජාට කීවත් ඇය ඒ කිසිවක් නොඅසා කුරුළුට වෙඩි තබනවා.. ඉතින් මෙය දැකීමත් සමගම ඉතාමත් බියට පත් වුණ අභිමන් කුරුළු යයි කෑ ගසමින් සිහිනෙන් ඇහැරෙනවා.. ඉතින් එයත් සමගම බියට පත් වුණ අභිමන් යලි වතාවක් පොලිසියට කතා කර කුරුලු ගැන කිසියම් තොරතුරක් ලැබුණාද කියා ඔහුගෙන් විමසනවා.. ඒ වෙලාවේ එම පොලිස් නිලධාරියා විසින් ඇය ගැන කිසිම තොරතුරක් තවමත් නොලැබුණ බව අභිමන් සමගින් පැවසුවා.. ඒ වෙලාවේ කේන්ති ගිය අභිමන් එම පොලිස් නිලධාරියාට ඒ ගැන ඉක්මනින් සොයන්නේ නැත්තෙ ඇයි දැයි අසමින් පොලිස් ඩිපාර්ට්මන්ට් එකට චෝදනා කරනවා.. ඉතිං ඔන්න පසුදා උදෑසනක් කුරුලු යළිත් අවදි වී ඇය මේ සිටින්නේ කොහේදැයි කල්පනා කරමින් ඇය කෙසේද මෙම නිවසට පැමිණියෙ කියා කල්පනා කරනවා. ඒ වෙලාවේ එතැනට පැමිණෙන ඉස්කෝල නෝනා කුරුලුගෙන් ඇයට අමාරුවක් නෑ නේද කියා විමසනවා. ඒ වෙලාවේ එක සැරේටම කුරුලු ඇයට කුමක් ද සිදුවූයේ කියා විමසනවා.. ඒ වෙලාවේ ඉස්කෝලේ නෝනා විසින් ඇයව කිසියම් පිරිසක් විසින් පසුදින රාත්‍රියේ පැහැරගැනීමට හැදූ බව පවසනවා.. ඒ වෙලාවේ රුක්මන් පැමිණ ඇය ඒම මැරයන්  පිරිසගෙන් බේරා ගත් බවත් පවසනවා..

ඔන්න ඉතිං පසන් පසුවදා නිර්වාන් සොයා ඔහුගේ ගෙදරට පැමිණෙනවා.. එසේ පැමිණ විජේරත්න සර්ගේ ගෙදරට පිරිසක් පැමිණ විහාරාව පැහැරගෙන යන්නට ඇවිත් බව පැවසුවා.. ඒ වෙලාවේ කලබල වුණ නිර්වාන් විජේරත්න සර්ගේ ගෙදරට යන්නට සූදානම් වුවා. ඒ වෙලාවේ රුක්මන් සහ මහතුන් විසින් ඇයව බේරා ගෙන ඇති බවත් නිර්වාන් සමගින් පසන් පැවසුවා.. ඉතිං ඔන්න ඔය අතරේ අභිමන්ගේ අම්මා ලොයිඩ්ව හමුවීමට නිවසට පැමිණෙනවා.. ඒ වෙලාවේ විශාඛා විසින් අභිමාන් කුරුලු ගැන තොරතුරක් ලැබී ඇති බව දන්නවාද කියා අසනවා.. ඒ වෙලාවේ අභිමන් විසින් ඔහුට ඒ බව පැවසූ බව ලොයිඩ් පැවසුවා.. එය වෙලාවේ විශාඛා විසින් ඒ සිටින්නේ කුරුලු කියා විශ්වාස කරනවාද කියා ලොයිඩ්ගෙන් අසන විට ඔහු කියා ඒ කුරුලු කියා පිළිගන්නේ නැති බව පවසනවා.. ඒ වෙලාවේ එතැන සිටින්නේ ඇත්තටම කුරුලු නම් ඇය ඇයි හැඟී සිටින්නේ කියා ලොයිඩ් විශාකාගෙන් ප්‍රශ්න කරනවා.. ඒ වෙලාවේ ඒ සිටින්නේ කුරුලු නොවන බව අභිමන්ට කෙසේ හෝ තේරුම් කර දිය යුතු බව ලොයිඩ් විශාකා සමගින් පවසනවා..

 

ඔන්න මේ වෙලාවේ මහිමා පූජාට දුරකථන ඇමතුමක් ලබාගෙන ඇගේ සැප දුක විමසනවා.. ඒ වෙලාවේ ඇයට දැන් සුව වී ඇති බවත් නමුත් එක එක අවස්ථාවන්වලදී පොඩි පොඩි අමාරුකම් දැනෙන බවත් මහිමා සමගින් පවසනවා. ඉතින් ඔන්න මේ අවස්ථාවේ මහිමා කුරුළුව පැහැර ගැනීමට කිසියම් පිරිසක් පැමිණ ඇති බව පූජා සමගින් පැවසුවා.. ඒ වෙලාවේ කලබල වුණා පූජා දැන් ඇය කොහේද කියා අසනවා.. ඒ වෙලාවේ මහීමා රුක්මන් සහ මහතුන් විසින් ඇයව බේරා ගෙන ඇති බවත් පූජා සමගින් පැවසුවා.. මේ වෙලාවේ පූජා කල්පනා කරනවා කුරුළුව කවුරුන් විසින් පැහැරගැනීමට හැදුවේ දැයි කියා.. ඉතින් මේ වෙලාවේ පූජාට ඇලෙක්ස් ගැන සැකයක් ඇති වූ නිසා ඇය ඇලෙක්ස්ට දුරකථන ඇමතුමක් ලබා දුන්නා.. ඒ වෙලාවේ කුරුළුව පැහැරගත්තේ ඔවුන් කියා දන්නා බව පවසනවා.. ඒ වෙලාවේ ඇය කියන දේවල් වලට පිටින් වෙන කිසිදු දෙයක් කරන්න එපා කියා ඔහුට තර්ජනය කරනවා.. ඉතිං ඔන්න විහාරාව පැහැරගන්නට ගිය බව දැනගත් සහ පසන් ලොකු සර්ගේ ගෙදරට පැමිණෙනවා.. එසේ පැමිණ සිදුවූයේ කුමක්ද කියා ඔහුගෙන් විමසනවා.. ඒ වෙලාවේ මෙවැනි දෙයක් කරන්නට ඇත්තේ හර්ෂ සහ ඔහුගේ පවුලේ අය විය හැකි බව නිර්වාන් ලොකු සර් සමගින් පවසනවා.. ඒ වෙලාවේ ලොකු සර් එය පිළිගත්තේ නැහැ. ඒ වෙලාවේ විහාරව පැහැර ගැනීමට ඔවුන්ට ඇති උවමනාව කුමක්ද කියා නිර්වාන්ගෙන් අසනවා. නමුත් නිර්වාන් දිගින් දිගටම හර්ෂට සහ ඔහුගේ අම්මාට මෙවැනි දෙයක් කිරීමට උවමනාව තිබෙන බව ලොකු සර් සමගින් පැවසුවා.

ඉතිං ඔන්න එදිනම සවස යලිත් පසන් නිර්වාන්ගෙ නිවසට පැමිණෙනවා. එසේ පැමිණ විහාරට සිදු වූයේ කුමක් ද කියා ඔවුන් කල්පනා කරනවා.. මෙවැනි දෙයක් කවුරුන් විසින් කලාද කියලා ඔවුන් සිතනවා.. ඒ වෙලාවේ පසන් එක සැරේටම විහාර කියන්නේ පාතාලයට සම්බන්ධ සාමාජිකාවක් බව නිර්වාන් සහ මහිමා සමගින් පවසනවා.. නමුත් නිර්වාන්වත් මහිමවත් පසන් කියන දේ පිළිබඳව විශ්වාසයක් තැබුවේ නැහැ.. ඒ වෙලාවේ නිර්වාන් විසින් ඇය කිසිසේත්ම පාතාලයට සම්බන්ධ කෙනෙක් නොවන බවත් නමුත් කෙසේ හෝ ඇයට මෙලෙස සිදු කළේ කවුරුන්ද කියා සොයා ගැනීමට අවශ්‍ය බවත් පසන් සමගින් පැවසුවා.. මේ වෙලාවේ එක සැරේටම පසන් විසින් විහාර විජයරත්න සර්ගෙ නිවසේ සිටින බව පිට කෙනෙක්ට දන්නේ පූජා විතරක් බව පවසනවා.. ඒ වෙලාවේ සමහරවිට පූජා විසින් මේ සිදුකරන්නට ඇති යැයි කියා පවසනවා.. ඒ වෙලාවේ මහීමා ඊට කොහෙත්ම එකඟ වන්නේ නැහැ ඇය පවසන්නේ පූජා පැමිණියේ ඇගේ උවමනාවකට මිසක් විහාරාව බැලීමට නොව බවයි..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *