රාත්‍රි 9.30ට ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන නාඩගම්කාරයෝ ටෙලි නාට්‍ය මෙසේ ගලාගෙන යනවා.මේ අතර මාස්ටර්ගේ කලායතනයට මාලන් පැමිණෙනවා.සරා කවඩියා සහ සුද්දා කඩයට ඇවිත් ඔවුන්ට එළවළු නොදුන් බව පවසා කතා බහ කරමින් සිටිනවා.මේ අතර පන්සලෙන් දානේ ගෙදර ගෙනියන දරුවන් දෙදෙනා පෙරදා මෙන් නැවත පන්සලට පැමිණෙනවා.ඉන්පසු ඔවුන් දානේ රැගෙන යන අතරතුර රාලහාමි ඔවුන්ව අල්ලා ගන්නවා.නමුත් ඔවුන් දෙදෙනා එතැනින් පිටව යනවා.ඉන්පසු ලොකු හාමුදුරුවන් වෙත පැමිණෙන රාළහාමි සිදු වූ දේ පවසනවා.ඉන්පසු ආවවාද කර නැවත එසේ නොකරන ලෙස ලොකු හාමුදුරුවන් ඔහුට පවසනවා.පන්සලේ ලොකු හාමුදුරුවන් හමු වන මාස්ටර් සරා ගැන කතා බහ කරනවා.මේ අතර ඔවුන් කිසියම් දෙයක් සොයාගන්නකල් කුමක් හෝ රස්සාවක් සොයා දීමට කතා බහ කරනවා.නැවත ඔවුන් කසිප්පු පෙරීමට හැකි කියා කතාබහ කරනවා.පාඨලි,ගීතිකා සහ අංජලි පාරේ එන විට එතැනට මාලන් පැමිණෙනවා.ඉන්පසු ඔහු බලෙන්මෙන් ඔවුන් අත තිබු සපිනාව සහ මද්දලය කාර් එකට දාගන්නවා.ඉන්පසු ඔවුන්ටද නගින්න කිව්වත් ඔවුන් කාර් එකට නගින්නේ නැහැ.

ඉන්පසු ඔහු නිවසට එම භාණ්ඩ ගෙන යන බව පවසා යනවා.ඔවුන් පාරේ එන විට සරා සහ කවඩියා මුණ ගැසෙනවා.ඔවුන්ට සිදු වූ සියලු දේ පාඨලි සරා වෙත පවසනවා.කුකුළා මුදලාලිගේ නිවසට පැමිණෙන රත්නේ ඔවුන්ට මාලන් මාස්ටර්ගේ පන්ති යන බව කියනවා.නිවසට පැමිණෙන පාඨලි සහ අංජලි මවගෙන් සංගිත භාණ්ඩ මාලන් ගෙන ආවාද කියා විමසනවා.නමුත් ඔහු නොආ බව පවසනවා.මාලන් සොයා පැමිණෙන ජනු සහ රත්නේ හට මාලන් මුණ ගැසෙනවා.ඉන්පසු කාර් එක තුල තිබෙන සංගිත භාණ්ඩ බිමින් තබා ජානු කාර් එක තුලට නගිනවා.ඉන්පසු එතැනින් ඔවුන් පිටව යනවා.එතැනට පැමිණෙන ගජමෑන් සංගීත භාණ්ඩ ගන්නවා.ඉන්පසු කඩයට පැමිණෙන ඔහු කඩය තුල එය සඟවනවා.මුදලාලිගේ නිවසට පැමිණෙන මාලන් හට කුකුළා මුදලාලි නැවත කලායතනයට නොයන ලෙස කියනවා.මේ අතර සරා සහ යහළුවන් නැවත එක් දිනක් කසිප්පු පෙරීමට තීරණය කරනවා.එය සිදු කරන්නේ තමන් හට වියදමට කියක් හෝ සොයාගැනීමටය.කුකුළා මුදලාලි ගේ නිවසින් පිටව යාමට හැඳුවද ඒවා නොමැති බව පවසනවා.ඉන්පසු එය තමා බිමින් තැබු බව පවසනවා.ඉන්පසු එය සෙවීමට මාලන් යනවා.නමුත් ඒවා එතැන නොතිබුණු නිසා ඔහු කඩය අසලට ගොස් මුදලාලිගෙන් භාණ්ඩ දුටුවාද කියා විමසනවා.ඔහු ඒවා නොදැක්කා කියා කියනවා.එය අසා සිටින ගජමෑන් සිනාසෙනවා.මේ අතර මාස්ටර් පාඨලි හට බැන වදිමින් සිටිනවා.කෙසේහෝ තමාට සංගීත භාණ්ඩ සොයාදෙන ලෙස කියනවා.මේ අතර සරා සහ යහළුවන් කසිප්පු පෙරීමට සුදානම් වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *