සතියේ දින පහේම රාත්‍රී 7.30ට සිරස ටීවී තුලින් විකාශනය වන නිසා ටෙලිනාට්‍ය මේ වෙද්දි බොහෝ ප්‍රේක්ෂක ප්‍රතිචාර මත හොඳින් ගලාගෙන යනවා.  ඉතින් ඔන්න මේ වෙද්දි නම් බහාර් ඇගේ හොඳම මිතුරිය වන යේලීස් මියගිය බව දැනගෙනයි සිටින්නේ. ඉතිං ඒ ගැන දැනගත් බහාර් අරිෆ්ට කතා කර ඔහුත් සමගින් යේලිස්ගේ සොහොනට යමින් තමයි සිටින්නේ. ඉතින් ඔන්න බහාර් යේලිස්ගේ සොහොන ළඟට පැමිණ එතැන බිම වාඩිවී ඇය නිසා යේලීස්ට ජීවිතෙන් සමු ගන්නට වූ බව කියමින් හඬා වැළපෙනවා. ඒ වෙලාවේ බහාර්ගෙ අම්මා සහ ඇගේ යහළුවා වන සෙයිඩා ඇය ළඟට පැමිණ ඇගේ හිත හදන්න උත්සාහ කරනවා. බහාර්ට මෙය දරා ගැනීමට නොහැකිව සිටින්නේ. ඉතින් ඉන් පසුව බහාර්ව යළිත් සාප් සිටින නිවෙසට ඇරලවන්න අරිෆ් යනවා.

ඉතින් ඔන්න ඔය අතරේ පිරල් සප්ගෙන් බහාර් යළිත් නිවසට පැමිනේයි කියා ඔහු හිතනවා ද කියා අසනවා. ඒ වෙලාවේ දරුවන් දෙදෙනා සිටින නිසා ඇය අනිවාර්යෙන්ම පැමිණෙන බව සාප් පිරල් සමගින් පවසනවා. ඉතිං ඒත් සමගම බහාර් නිවසට පැමිණෙනවා. ඒ වෙලාවේ බහාර්ව දකින පිරල් ඇයගේ යාලුවට සිදුවූ දේ පිළිබඳ ඇය කණගාටුවන බව පැවසුවා. නමුත් බහාර් ඒ කිසිවක් අසන්නේ නැතිව ඇගේ කාමරේ වෙත යනවා. ඉතින් පසුවදා උදේ අවදි වී බහාර් ඇගේ දියණිය වන මිසන්ට යමක් ගැන පවසනවා. ඒ ඔවුන් මේ නිවසෙන් යා යුතු බවයි. ඒ වෙලාවෙ නමුත් එයට සාප් ඉඩ නොදෙන බවත් මිසන් සමගින් ඇය පැවසුවා. ඒ වෙලාවේ ඒදින රාත්‍රියේ ඔවුන් මෙම නිවසෙන් එළියට යා යුතු බව මිසන් සමගින් බහාර් පවසනවා. නමුත් ඒ පිළිබඳ කිසිවක් දොරුක්ට අඟවන්නට ඒපා කියා බහාර් මිසන්ට පවසනවා. ඒ වෙලාවේ ආරිෆ් ඔවුන්ව රැගෙන යාම සඳහා රාත්‍රියේ දී පැමිණෙන බවත් බහාර්  මිසන් සමගින් පවසනවා.

ඉතිං ඔන්න මේ වෙලාවේ සෙයිඩා එම්රෙගේ කොෆි ෂොප් එකට පැමිණෙනවා. ඉතින් එසේ පැමිණ ඔවුන් දෙදෙනා පහුගිය කාලයේ සිදුවූ දේවල් පිළිබඳ කතා කරමින් සිටිනවා. ඉතින් මේ වෙලාවේ සෙයිඩා එක සැරේටම ඔහු කොයි කාලෙද විවාහ වූයේ කියා එම්රෙගෙන් විමසනවා . ඒ වෙලාවෙ ඔහු විවාහ වී අවුරුදු හතරක් වන බව සෙයිඩාට පවසනවා. ඒ වෙලාවෙ ඔහු සෙයිඩාගෙනුත් ඇය කසාද බැන්දේ නැද්ද කියා අසමින් ඇයගේ දුරකථනයේ පොඩි දරුවෙකුගේ පින්තූරයක් තිබෙන්නේ ඇයි දැයි විමසනවා. ඉතිං එම්රෙ  තවමත් දන්නේ නැහැ ඒ සිටින්නේ ඔහුගේ පුතා බව.  සෙයිඩා ඒ ගැන කිසිවක් ඔහුට පවසන්නේ නැහැ. ඉතින් මේ වෙලාවේ සෙයිඩා යළිත් ඔහුගේ බිරිඳ මොනවද කරන්නේ කියා විමසනවා. ඒ වෙලාවේ ඇය architecture කෙනෙක් බව සෙයිඩා සමගින් පවසනවා. ඒත් එක්කම ඔහු තවත් දෙයක් පැවසුවා. ඒ ඇය මිය ගිය බව. ඒ වෙලාවේ ඇයටත් බහාර්ට තිබුණු අසනීපයමයි තිබුණෙ කියා සෙයිඩා සමගින් පවසනවා. ඒ වෙලාවේ ඒ ය දැනගත් සෙයිඩා  පුදුම වී ඔහු දෙස බලා සිටිනවා.

ඉතිං ඔන්න මේ වෙලාවේ බහාර් මිසන් සහ දොරුක් සමගින් එදින රාත්‍රියේ ඔවුන් සෙල්ලමක් කරන්නට යන බව පවසනවා. ඉතින් මෙලෙස බහාර් පවසන්නේ දොරුක් මේ පිළිබඳ කිසිවක් නොදන්නා නිසයි. නමුත් මිසන් මේ සියලු දේ ගැන දැනගෙනයි සිටින්නේ. ඉතින් මේ වෙලාවේ දොරුක් බහාර්ට එම සෙල්ලම පිළිබඳව සාප්ටත් කියමු කියා පවසද්දී බහාර් ඒ ගැන ඔවුන් තිදෙනා පමණක් දැන ගත යුතු බවත් වෙන කිසිම කෙනෙක්ට ඒ ගැන කියන්නට එපා කියාත් දොරුක්ගෙන් ඉල්ලීම් කරනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *