සතියේ දින වල ස්වර්ණවාහිනි නාලිකාවේ විකාශය වන චලෝ ටෙලි නාට්‍ය ප්‍රේක්ෂක හදවත් සොරාගෙන ඉතාමත් සාර්ථක ලෙස විකාෂය වනවා.පුර්ණ සහ චලෝ ඇගේ ඇති හිසේ කැක්කුම ගැන කතා වෙමින් සිටිනවා.ඇය පුර්ණට වදයක් බවත් ඇය කියනවා.කෙසේ හෝ මෙය සනීප කරගමු ලෙස කියනවා.පුර්ණගේ මව සහ පියා පුර්ණ කෙසේ හෝ කොළඹ ගෙන යා යුතු බවත් කෙසේ හෝ කොළඹින් ඉඩමක් ගත යුතු බවත් කියනවා.රාත්‍රියේදි පුර්ණගේ බොරු කකුල කැඩි ඇති බව පුර්ණ අම්මාට කියනවා.අළුතින් කකුලක් ගත යුතු බවත් වැඩිය දුවන්නට නොයන බවත් මව පුර්ණට කියනවා.මේ අතර පිප්පි නිශ්ශංක සර් හට තඩි හැම දෙනාටම මසා දුන් කොට්ට උරයක් ගෙනැවිත් දෙනවා.දිනක් චලෝගේ මව නිවසේ සිටින විට සිරා එතැනට පැමිණෙනවා.ඉන්පසු රතු මැරුණේ ඔවුන් නිසා බවත් දැන් ඇයට සිටින්නේ දරුවන්දෙදෙනා බවත් පවසමින් නිර්මලා සිරා හට බැන වදිනවා.කිසිදු දිනක යලි නිවසට නොයන ලෙස පවසනවා.කෝපයෙන් නිවසට එන සුද්දි සුදු ඇඳගත් කෙනා කරදර කරන බවත් කවදා හෝ ඔහුට ඇය ගහන ලෙසත් පවසනවා.පරිස්සමින් ඇයට සිටින බවත් සෑම දිනම තාත්තා හීනෙන් දුටු බවත් නිර්මලා සුද්දි හට කියනවා.නිර්මාලා නිදා සිටින විට රාත්‍රියේදි රතු හීනෙන් දකිනවා.එහිදි ඔහු නිර්මලා හට චලෝ ගැන ටිකක් බලන්න කියා කියනවා.එයට බිය වී නිර්මලා හීනෙන් අවදි වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *