මේ දවස් වල හිරු ටීවී නාලිකාව තුළින් අලුතින් විකාශනය වන රැල්ල වෙරලට අදරෙ නාට්‍ය මේ වෙද්දි ගොඩක් දෙනාගේ ආදරය දිනාගත් ටෙලි නාට්‍යයක් බවට පත් වී තිබෙනවා. ඉතින් මේ ටෙලිනාට්‍ය සෑම සත්‍යයේ දින පහේම රාත්‍රී 8.30ට තමයි හිරු ටීවී නාලිකාව තුලින් විකාශනය වෙන්නේ. ඉතින් මේ ටෙලි නාට්‍යය තවම පළමු කොටස පමණයි විකාශනය වී තිබෙන්නේ. ඉතින් මේ ටෙලි නාට්‍යය තුළින් ආදරේ වෙනුවෙන් ආත්මයම කැප කරන ප්‍රේමවන්තයෙක්ගෙ කතා පුවතක් ගැන තමයි කියවෙන්නේ.  මේ නාට්‍යයේ අපි ගොඩක් ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පීන් රංගන ශිල්පිනියන් රැසක් දායකත්වය ලබාදීලා තිබෙනවා. ඒ අතර කාගෙත් ආදරේ දිනාගත්ත පොදු ටෙලිනාට්‍යයේ ආදී ලෙසින් කා අතරත් ජනප්‍රියත්වයට පත් වුණ රන්දික ගුණතිලක තමයි මෙහි ප්‍රධාන චරිතය රඟපාන්නේ.

ඒ වගේම කාගෙත් ආදරේ දිනාගත්ත නාඩගම්කාරයෝ ටෙලිනාට්‍ය මනමාලන් හෙවත් කෝකිල පවන් ජයසූරියත් මේ ටෙලි නාට්‍යයේ රන්දිකගේ යහළුවෙක් ලෙසින් මෙහි රංගනයෙන් දායක වනවා. ඊට අමතරව මේ නාට්‍ය තුළ බිමල් ජයකොඩි ,තරින්දි ප්‍රනාන්දු, මහේන්ද්‍ර පෙරේරා, කුමාර  තිරමාදුර , මීනා කුමාරි  වැනි අතිදක්ෂ රංගන ශිල්පීන් සහ ශිල්පිනියන් රැසක් මෙහි රංගනයෙන් දායක වෙනවා.  මෙය නිවන්ත ප්‍රසාර අධ්‍යක්ෂණයක්. ඉතින් මේ නාට්‍යය ගොඩක් දෙනා මේක ලොකු කතා බහක් ඇති කරන නාට්‍යයක් වෙයි කියලා හිතනවා. ඉතින් මේ ටෙලි නාට්‍යය උප්පේනා කියන තෙලිඟු චිත්‍රපටය ආකාරයට හැදුන ටෙලි නාට්‍යයක් විදියට හඳුන්වන්න පුළුවන්. ඉතින් මේකෙදි රන්දික ගුණතිලක සහ අමන්දා ජයරත්න අතර තිබෙන ආදර කතාවක් හා සම්බන්ධව තමයි කතාව ගොඩනැගී තිබෙන්නේ. ඉතින් මේ කතාව තුළත් අනික් කතා වල වගේම දුෂ්ට චරිත රැසකුත් සිටිනවා. ඉතිං අපි ඉදිරියේදී බලමු මේ නාට්‍ය කොයි වගේ එකක් වෙයිද කියලා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *