ස්වාධීන රූපවාහිනී නාලිකාවේ සෑම සතියේ දිනකම රාත්‍රී 8. 30 ට විකාශනය වන පොර්ක් වීදිය ටෙලිනාට්‍ය මේ වෙද්දි ගොඩක් අය අතර ජනප්‍රිය ටෙලි නාට්‍යයක් බවට පත් වී තිබෙනවා. මේ වෙද්දි නම් මේ ටෙලි නාට්‍යයේ කොටස් විසි දෙකක් විකාශනය වී තිබෙනවා. ඉතින් මේ ටෙලි නාට්‍යයෙ අපි හැමෝම දන්න අපි ආදරේ කරන ජනප්‍රිය රංගන ශිල්පීන්, ශිල්පිනියන් රැසක් දායක වී තිබෙනවා. ඒ අතර දුලීකා මාරපන, සුජානි මේනකා,ධර්මප්‍රිය ඩයස්, සරත් කොතලාවල , ඉසුරු ලොකුහෙට්ටිආරච්චි, දමිතා අබේරත්න ,සනත් විමලසිරි, ජගත් චමිල කියන දක්ෂ රංගන ශිල්පීන් ,ශිල්පිනියන් රංගනයෙන් දායක වනවා. මේ අධ්‍යක්ෂණය කරනු ලබන්නේ සාලින්ද රත්නායක විසින්ය.

ඉතින් මේ කතාව තුලින් කියවෙන්නේ පොර්ක් වීදිය තුළ ඔවුන් වෙළදාම් කරන ආකාරය ගැනයි. මෙහි සිටින පුද්ගලයන් ඔවුන්ගේ රස්සාවට අමතරව පොර්ක් වීදිය තුල වෙළඳාම් කරනු ලබනවා. ඒ ඔවුන්ගේ වැටුප වෙනුවට අමතර ආදායමක් ඉපැයීමටයි. ඉතින් ඔන්න මේ පොර්ක් විදියට පැමිණෙන මන්දාකිණි හෙවත් ශෂී අංජලීනා කියන්නේ මේ කතාවේ හැටියට නිළියක්. ඉතිං අයත් මේ විදියට මෙතැනට පැමිණ එතන තියෙන සියලු කඩවල් වලට ගොස් එහි තිබෙන විවිධ කෑම කමින්‍ ඇවිදිනවා. ඉතින් මේ ටෙලිනාට්‍යයේ රංගනයෙන් දායක වන දුලිකා මාරපන මේ ටෙලිනාට්‍ය තුළ කරන්නේ අන්ධ චරිතයක්. ඉතින් මේ කතාවේ හැටියට මෙහි රංගනයෙන් දායක වන දෙව් හෙවත් සංගීත් ප්‍රභූ සහ චෙනු හෙවත් මිෂෙල් දිල්හාරා විවාහක යුවලක් ලෙස තමයි මේ නාට්‍යයේ රඟපානු ලබන්නේ. ඉතින් ඔවුන් ඔවුන්ගේ ජීවිතය සාර්ථක කරගන්නට තමයි මේ විදියේ රැකියාවක් පොර්ක් වීදිය තුළ සිදු කරන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *