මේ දින වල විකාශය වන නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයෙහි ප්‍රේක්ෂකයින් නොසිතු දේ සිදු වෙමින් කුතුහලය තව තවත් ඇති කරමින් ඉතාම රසවත් මිහිරි ආකාරයෙන් ගලාගෙන යයි.කසිප්පු කාරයින් ලෙස ගමේ ජීවත් උන සරා සහ යහළුවන් තිදෙනා දැන් මේ ලක ලෑස්ති වන්නේ පන්සලේ ලොකු හාමුදුරුවන්ගේ කීමට උන්වහන්සේ දුන් ඇඳුම් ආදිය ඇඳ සිල් සමාදන් වීමට යාමටයි.උදෑසනම සිල් සමාදන් වීමට යන ඔවුන්ට මුණ ගැසෙන්නේ පාඨලි අංජලි සහ ගීතිකයි.ඔවුන් කතා බස් කරමින් යන්නේ තමන්ට මේ දේවල් නුහුරු බවයි.කොට කලිසම සහ කමිසය ඇඳි සරාට එසේ සිතීම සැබෑවක්මය.සරම වලාපට ගසා ගමින් පැමිණෙන සරා දෙස බලන පාඨලී ඔහුගේ ළඟට ගොස් උතුරු සළුව හඳමින් ඔහුගේ කනේ ඇති කරාබුව සහ මාලය ගලවන ලෙස පවසයි.මේ අතර ඔවුන්ගේ දෑස් එකි නෙකා දෙස බලා සිටින්නේ ඉතාමත් ආදරයෙනි.

පාඨලිගේ ආදරය දැන් සරාටද වැටහෙන බව අපට දැකගැනීමට පුළුවන.මේ අතර මාලන් ගලෙන් වැටුන කුමාරයා නාට්‍යයේ පටිගත කල සීඩී තැටිය රැගෙන යලිත් පැමිණෙනු ඇතැයි කුකුළා මුදලාලිගේ දුව මග බලමින් සිටි.මේ අතර ටික වෙලාවකට පසු එතැනට පැමිණෙන මාලන් ඔහුගේ ඇඳුම් ආදිය සහ බඩු බාහිරාදිය රැගෙන කාර් රථයට දමා ගනිමින් එතැනින් පිටත් වෙයි කුකුළා මුදදාලිගේ දුවගේ කීමවත් නොඅසා ඔහු එතැනින් පිටව යිය.මාලන් ඇඳුමින් රස්තියාදු පෙනුමක් තිබුනද ඔහුගේ හිත කුකුළා මුදලාලි මෙන් ආත්මාර්ථකාමි කපටි චරිතයක් නොවේ.ඔහු යනවා දුටු මුදලාලි දියෝගබදු වෙත ඔහුව කෙසේ හෝ අල්ලා ගන්නා ලෙස පවසයි.ඉන් පසු දියොගබදු මාලන්ගේ කාර් රථය පිටුපස හමා යයි.කාර් රථය අල්ලා ගන්න කැකුළා සහ පරිස මාලන්ගේ කමිසය ගලවා කට බැඳ ඔහු සමඟ නැවත මුදලාලිගේ නිවසට යයි.මාලන්ගෙන් ගලෙන් වැටුනු කුමාරයා ටෙලිනාට්‍ය දෙන්න කියු විට තමන් මැරුවත් එය නොදෙන බව මාලන් පවසයි.ඒ අනුව කෝප වෙන මුදලාලි කැකුළා මාලන් රැගෙන ගොස් ගුටිබැට දී කෙසේ හෝ ටෙලිනාට්‍ය රැගෙන එන බව පවසයි.මාලන් මහ හඬින් කෑ ගැසුවත් ඔහුව එතැනින් රැගෙනයයි.

මේ අයුරින් ගලාගෙන යන මෙම නාට්‍යයෙහි ඉදිරියේදි කුමක් සිදුවේවිද.සරාගේ මේ සිල් සමාදන් වීම හේතුවෙන් ඔවුන් සියලුම වැඩ නතරකර දමාවිද.එක තැනක මාස්ටර්ගේ බිරිඳ තමන් දෙදෙනාටත් පිරිමි දරුවන් හිටියානම් මාස්ටර්ගෙන් ඉගෙන ගැනීමට බොහේ දේ ඇති බව පවසයි ඇයගේ මේ කතාවෙන් පෙනෙන විදිහට මාස්ටර් ඔහුගේ සියලුම දැනුම සරාට ලබා දේවිද,පාඨලීගේ ආදරයෙන් සරා හොඳ මනුස්සයෙක් වේවිද.මාලන් කැකුළාගෙන් කෙසේ බේරී එයිද.නැතිනම් ඔහු බේරා ගැනීමට සරා යාවිද..ඒ සියලු කුතුහල ඉතුරු කරමින් පසුගිය සතියේ නාට්‍ය නව ආරම්භයටක මුල පුරමින් අවසන් විය.
පියුමි හංසිකා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *