2017 අවුරුදදේ දෙරණ නාලිකාවේන් විකාශනය කරන්න අරම්භ කරපු දෙවැනි ඉනිම ටෙලිනාට්‍ය ඉතාමත් ඉක්මනින් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගන්නට සමත් වුනා.ඉතිං පහුගිය කාලේ ටිකේ නම් චරිත කිහිපයක්ම දෙවැනි ඉනිම නාට්‍ය තුළ වැඩිය පෙනෙන්නට හිටියේ නැ.. ඒ අතර අනුහස්ගේ චරිතය තරන රවින් කණිෂ්කව පහුගිය කාලේදී දකින්න ලැබුනේ නැහැ.. එකට හේතුව විදියට ඔහු කියා තිබුනේ ඔහුට ඩෙංගු රෝගය වැළඳිම හේතුවෙන් මාසයක පමණ කාලයක් රූඟතකිරීම් සඳහා සහභාගී නොවුන බවයි.. ඉතිං ඔන්න දැන් ආයෙමත් අනුහස් රූගත කිරීම් පහුගිය දවසක පටන් අරගෙන තිබුනා..

ඉතිං මේ වෙද්දී රදීෂ් ලිහිණිට පොඩ්ඩ පොඩ්ඩ ලං වෙමින් තමයි ඉන්නේ… ඔහුගේ සිතේ ලිහිණි ගැන ඇත්තටම ආදරයක් ඇතිවෙලා. නමුත් ලිහිණි තවමත් ඇයටත් ඔහු කෙරෙහි ආදරයක් තිබෙන බව පෙන්වන්නේ නැ.. මේ අතරේදි ලිහිණිගේ උපන්දිනය එනවා.. ඉතිං ලිහිණිගේ යාළුවෝ එකතුවෙලා ඇයට සප්‍රයිස් එකක් දෙන්න සූදානම් වෙනවා…ඉති මේ අතරතුරදීම කවුරුත් නොහිතන දෙයක් වෙනවා.. එ තමයි අනුහස් ලංකාවට මේ වෙද්දී එනවා.. ඔහු එ ලංකාවට එන්නේ ලිහිණිගේ උපන්දනය දවසමයි.. අනුහස් අම්මවත් පුදුම කරමින් ගෙදරට මුලින්ම එනවා ඒ අවස්ථාවේ උදේනිට එය අදහාගත නොහැකිව සතුටින් ඔහුව වැළඳගෙන අඬනවා.. එ අතර උදේනි අනුහස්ට කියනවා අද ලිහිණිගේ උපන්දිනය බව..

ඒ අතරතුර රදිෂ් ලිහිණිව ගෙදරින් ඇරලන්න ඇයත් සමඟින් රැ පැමිණෙනවා.. මඟකදී ලිහිනි රදීෂ්ට ඇයට ඉතුරුටික තනිව ගෙදර යැමට හැකි බව පැවසුවත් රදීෂ් ඇය සමඟින්ම ගෙදරට එනවා.. ඒ අවස්ථාවේ ගෙදර කරන්ට් එක තිබුනේ නැහැ..ඒ අවස්ථාවේ ලිහිණිව පුදුමයට පත් කරමින් ඇගේ යළුවන් සියලුදෙනාම කේක් එකත් අරගෙන ඇවිත් ඇයව පුදුම කරවනවා..එත් එක්කම අනුහසුත් එතනට පැමිණෙනවා.. එක අහම්බෙන් වගේ දැකපු අක්ෂා පුදුමයට පත් වෙලා බලා සිටිනවා.. එතට සිටිය සියළුදෙනාම අනුහස්ව දැකලා පුදුමයට පත්වෙනවා..

අක්ෂා අනුහස්ව දැක ඔහුව වැළඳගනිමින් සතුටු වෙනවා.. ඊටප්සසේ ඔක්කොමලා එකතුවෙලා ලිහිණිගේ උපන්දින කේක් එක්ක කපා ඇයට සුබ පතනවා..එ අතරතුර අනුහස් ගිටාර් එකත් රැගෙනවිත් ලිහිණි වෙනුවෙන් ඔවුන්ගේ යාළුකම ගැන ගීතයකින් කියනවා..එ අවස්තාවේ අක්ෂා තරමක් දුකින් සිටින්නේ…ගීතය ඉවරවෙනවත් සමඟම ලිහිණි අනුහස්ට කියනවා ඇයගේ උපන්දිනය දවසේම ආවට ඔහුට ස්තුතිය කරනවා.. එවිට අක්ෂාගේ හිත රිදෙනවා.. ඇය සිතන්නේත් අනුහස් නොකියාම ලිහිණිගේ උපන්දිනය වෙනුවෙන්ම ආවා කියලයි..එත් එක්කම අක්ෂා එතින්න හිත රිද්දගෙන එළියට යනවා.. අනහසුත් ඇයගේ පිටිපස්සෙන්ම යනවා.. ඒ අවස්ථාවේ අක්ෂා අනුහස් සමඟින් රණ්ඩු වී එතනින් යනවා.. අක්ෂා වහනේ අඬ අඩ ටික දුරක් යනවා.. අනුහස් ඒ වේලාවෙත් ඇයට කෝල් කරලා කියනවා කෙහෙද ඉන්නේ කියලා.. අක්ෂා ඇය ගැන අයිත් හොයන්න එපා කියා කෝල් එක කට් කරනවා…මඟක් යද්දී වාහනේන් බැස අක්ෂා පාර දිගේ ඇවිදගනෙ යනවා.. දිගින් දිගටම අනුහස් ඇයට කතා කරත් ඇය කතා කරන්නේ නැහැ.

මේ අතරේදී ඇය කල්පනා කර කර පාරේ ඇවිදමින් යන අතරතුරේ එකපාරටම වාහනයකට අක්ෂාව accident වෙනවා… අනුහස් අම්මා එක්ක කතා කරමින් ඉන්න අතරතුරේ ලිහිණි සහ රදීෂ් අනුහස්ගේ ගෙදරට පැමිණෙනවා… එ පැමිණෙන්නේ අක්ෂා accident වුන බව පැවසීමයි. එය දැන ගැනීමත් සමඟ අනුහස් කලබලවී ඉක්මනින්ම රෝහල වෙත යනවා..අනුහස් එතනට යනවිට අක්ෂාට සිහිය තිබුණේ නැහැ.අක්ෂාගේ අම්මාත් එතන සිටිනවා.. ටික වේලාවකින් අක්ෂාට සිහිය එනවා.. ඉතිං අක්ෂා අනුහස් එක්ක යාළු වෙයිද? එහෙම නැත්තම් අක්ෂා අනුහස් එක්ක කතා නොකරම සිටිද?

දැන් මේ වෙද්දී නම් අක්ෂා අනතුරකට ලක්වෙලා රෝහල් ගත කරලා තමයි ඉන්නේ… ඉතිං එදා මේ සිද්ධිය ගැන අනුහස් දැනගෙන හිටියේ නැහැ. ඔහු හිතුවේ අක්ෂා ඔහු සමඟ තරහෙන් ගෙදර යන්නැති කියයි.. නමුත් ඊටපසුදා උදෑසනම ලිහිණි රදීෂ් සමඟින් අනුහස්ගේ ගෙදරට පැමිණෙනවා… ඇත්තටම ඔවුන් ආවේ ඇයි? ඔවුන් ආවේ අක්ෂාට සිදුවුන කරදරය ගැන අනුහස්ට කීමටයි.. ඉතිං හිත රිදවාගෙන ආපු ලිහිණි මේ බව අනුහස් සහ උදේනි ඉදිරියේ කීමත් සමඟම අනුහස් ඉතා කලබල වී රෝහල වෙත පැමිණෙනවා… ඉතිං මෙතට අක්ෂාගේ අම්මත් එනවා.. ඇය අනුහස් සමඟින් සිදු වු සිද්ධිය ගැන කතා කරමින් සිටින විටදී එක සරේටම අක්ෂා ඇස් දෙක අරිනවා.. ඒ වේලාවේ අනුහස් අක්ෂා ලඟට ගොස් ඇගේ හිස අතගමින් ඇගේ දිහා බලා සිටනවා.. එ අවස්ථාවේ අක්ෂාගේ මව විසන් අක්ෂාගෙන් ප්‍රශ්නයක් අසනවා එ තමයි අනුහස් එක්ක තරහින්ද කියලා.. ඉතිං එදා ඉඳන් හැම දවසකම අනුහස් තමයි අක්ෂා ළඟ නැවතිලා හිටියේ.. ඇයට කැව්වේ පෙව්වෙත් අනුහස්… ඉතිං මේ වෙද්දී නම් අක්ෂා අනුහස් සමඟ යළු වෙලයි ඉන්නේ…අනුහස් ඇයව හොඳන් ආදරයෙන් මේ කාලය තුළදී රැක බලා ගන්නවා..

ඉතිං ඔන්න මේ වෙනකොට ලිහිණි හිතාගෙන ඉන්නේ ඇය නිසා අක්ෂාට මෙවැනි අනතුරක් සිදුවුවා කියායි. ඉතිං ඇය දුක සේ කාමරයට වී සිටින විට දෙව්මි ඇය හමුවන්නට පැමිණෙනවා.. ඒ ඇය හිත රිද්දගෙන සිටි නිසයි.. ඉතිං දෙව්මි ඇයට මේ ගැන පැහැදිලා කරලා ඒ ගැන හිතන්න එපා කියලා ඇගේ හිත හදාලා යනවා.. ඉටපසසේ ඔන්න දේවිම් ගෙදර ඇවිත් අවන්තයට දුරකථන ඇමතුම්ක් ලබා දෙනවා……ඉතිං අවන්ත මේ වෙනකොටත් ඉන්නේ අමීෂා සමඟින් ඇගේ අසනීපයට බෙහෙත් කරන්න ඕන නිසා පිටරටයි… ඉතිං ඒ නිසා දේව්මි මේ දවස් වල කාලය ගත කරන්නේ ටිකක් දුකින්.ඒ අවන්ත ළග නැති නිසයි.. ඉතිං ඇයට සැරින් සැරේට අවන්තව මතක් වෙනවා.. ඇය බලා සිටින්නේ අවන්ත ඉක්මනින්ම ආයෙමත් ලංකාවට එන්නේ කවදාද කියලයි.. කතා කරන හැම දවසකම ඇය අවන්තගෙන් විමසන්නෙත් එයමයි…

ඉතිං ඔන්න අනුහස් අක්ෂාට කියනවා ලිහිණි ඇයව බැලීමට එනවා කියා.. එත් සමඟම ඔහු ඇයගේන් ඉල්ලීමක් කරනවා ලිහිණි ඇය බැලීමට ආ පසු ඇයට කිසිවක් කියන්නට යන්න එපා කියා.. ඒ අවස්ථාවේ අක්ෂා එයට එකඟ වෙනවත් සමඟම ලිහිණි අක්ෂා සහ අනහස් සිටින රෝහල් කාමරයට පැමිණෙනවා.. ලිහිණි අක්ෂා ළඟට පැමිණ ඇගේ සුව දුක් ගැන විමසනවා.. ඉතිං මේ වේලාවේ ලිහිණි අනුහස් දෙස බලමින් ඇයට තනිවම අක්ෂා සමඟින් කතා කිරීමට යමක් තිබෙන බව කියා අනුහස්ට එතනින් පිටත්ය යන ලෙස ඉල්ලීමක් ඇය විසින් කරනවා.. ඉන්පසු අනුහස් එතනින් පිටව යනවා.. දුකෙන් වගේ අක්ෂාගේ ඇඳ මත වාඩි වුන ලිහිණිගෙන් සමාව ඉල්ලා සිටිනවා..අක්ෂා ඒ අවස්ථාවේ එ දේවල් අමතක කරන්න කියා ලිහිණිගෙන් ඉල්ලා සිටිනවා. ඊටපසු ලිහිණි අක්ෂාගෙන් තවත් ඉල්ලීමක් කරනවා එ තමයි ඇයට අක්ෂා ලඟ නැවතී හිඳ ඇයව බලා ගන්නට ඉඩ දෙන්න යැයි කියමින්. ඉතිං එයට අක්ෂා කැමතිවෙයිද? ඔව් ඇය දෙවරක් නොසිතාම එයට කැමති වෙනවා..

ඉතිං ඉටපස්සේ ලිහිණි අනුහස් සමඟ රෝහල ඇතුළදී කතා කරමින් යන ගමන් අනුහස්ගෙනුත් ඉල්ලීමක් කරනවා.. එ අක්ෂා ළඟින් නවතින්නද කියායි.අක්ෂා එයට කැමති වු බවත් ලිහිණි අනුහස්ට කියනවා.. ඉතිං අනුහසුත් ඒ වේලාවේ එකට කැමති වෙනවා. ඉතිං ඔන්න මේ වේලාවේ අහුහස් අක්ෂාට කෑම කවමින් සිටින විටදී එකපාරටම අනුහස්ට ඔහුගේ අතීතය මතක් වෙනවා. එ සමල්කා අනුහස් අසනීප වී රෝහලේ සිටින විට ඔහු ළඟටවිත් සමල්කා කෑම කවපු හැටි ඔහුට සිහි වෙනවා… එත් එක්කම අක්ෂාගේ අම්මාත් එතනට පැමිණෙනවා…අනුහස් අක්ෂාව ආදරයෙන් බලා ගන්නා හැටි දැකපු අක්ෂාගේ අම්මාට අනුහස් ගැන හිතේ පුදුම ආදරයක් ,සතුටක් ඇති වුනා…

ඉතිං ටික දවසකින් පසුව ඔන්න අක්ෂාව බලන්න උදේනිත් රෝහලට එනවා… ඇවිත් සැප දුක විමසා බලා ඇයත් සමඟින් කතාබහ කරනවා.. ඉතිං ඒ අවස්ථාවේ උදේනි අමුතු ප්‍රශ්නයක් අනුහස්ගෙන් අහනවා. එ තමයි ගෙදරි ඔහුට බත් කවන්නේ ඇය නේද අහනවා.. නමුත් දැන් ඔයා කටද බත් කවන්නේ කියා සිනාසෙමින් අනුහස්ගෙන් ඇසුවා… අනුහස් ඒ වේලාවේ ලැජ්ජාවෙන් බල සිටියා.. ඉතිං උදේනිගේ හිතේ අක්ෂා ගැන පැහැදීමක් මේ වෙද්දී ඇති වෙලාද? උදේනි ඇගේ ලේලි විදියට කවදාහරි අක්ෂාව පිළිගන්නට කැමති වෙයිද කියන දේ නම් අපි හැමෝටම ප්‍රශ්නයක්…

ඉතිං මේ වෙද්දී ලිහිණි අක්ෂා ලඟට වෙලා ඇයත් එක්ක කතා බහ කරමින් ඉන්නවා. එ වේලාවේ අක්ෂා ලිහිණිට කියනවා ඇයට ආයෙමත් වතාවක් ලිහිණිගේ ගමේ ගිහින් එනන් ආසයි කියලා.. එ වේලාවේදී ලිහිණි එයට කැමති වනවා.ඉතිං මේ අතරේ අනුහස් ළඟට පැමිණෙන උදේනි අක්ෂා ළඟ කවුද සිටන්නේ කියා විමසනවා. ඒ වේලාවේ අක්ෂා ළඟ ලිහිණි සිටින බව අනුහස් පැවසීමත් සමඟ උදේනි ඔහු දිහා පුදුමයෙන් බලමින් ලිහිණි පවු කියා අනුහස්ට පවසනවා. එ විදියට උදේනි ලිහිණි ගැන ගුණ වර්ණනා කරන විට අනුහසුත් ඇය ගැන හොඳ කිව්වා. මේ වේලාවේ උදේනි අනුහස්ට යමක් කීයන්න ගිහින් ආයෙමත් එය නොකියා ඉන්නවා. ඉන්පසුව අක්ෂා බලන්න යමුද කියා අනුහස්ගෙන් උදේනි විමසනවා. ඒ වේලාවේ අනුහසුත් සිනා වී අද හවස යමු කියා පවසනවා.

ඉතින් ඔන්න ඔය අතරේදී රදීෂුත් අක්ෂාව බලන්න එනවා. ඒ වෙලාවේ රදීෂ් ලිහිණිට කියනවා එතැන තනියෙන් සිටිමට කම්මැලිනම් ඔහුත් එතන ඇයත් සමඟින් ඉන්නම් කියා කියනවිට නිදි වගේ රඟපාන අක්ෂා ඇස් දෙක පියාගෙනම පොඩි හිනාවක් දනවා. ඒ වේලාවේ අක්ෂා හිනා වේගනම ඇස් ඇරලා රදීෂ් දිහා බලලා sry කියනවා ඒ ඇය නිදාගෙන නෙමෙයි කියා පවසමින්. ඒ වේලාවේදී අක්ෂා රදීෂ් ගෙන් අහනවා ඇයව බල්නනද ආවේ නැත්තම් ලිහිණිව බලන්නටද කියා. ඒ වේලාවේ රදීෂ් ලැජ්ජාවෙන් සිනාසෙනවා. ඉතිං ඔන්න අනුහස් මේ වෙලාවේ අක්ෂාව බලන්න රෝහලට එනවා. ඔහු ඇය ළඟ තිබෙන පිටුවෙන් වාඩි වී ඇය දිහා ආදරයෙන් බලා සිටිනවා. ඒ වේලාවේ අනුහස්ගෙන් අක්ෂා අහනවා ඇය දිහා බලාගෙන මොනවද කල්පනා කලේ කියා. එ වේලාවේ දෙන්නා එක එක දේවල් කියමින් විහිළු කරගන්නවා. ඒ වේලාවේදීම අක්ෂා අනුහස්ගෙන් අහනවා රදීෂ් ලිහිණිට කැමති නේද කියා.අනුහසුත් ඔහුටත් එහෙම දෙයක් තේරුනා කියා අක්ෂාට පවසනවා.

ඉතිං ඔන්න දැන් මේ වේලාවේ රදීස් ඔහුගේ තාත්තා සහ සීයා සමඟින් කෑම කමින් සිටින විටදී ලිහිණි ගැන කතා කරනවා. ඒ වේලාවේ සීයා ඔහුට කියනවා කැනඩාවේ යන එක තමයි හොඳම දේ කියනවාත් සමඟම රදීෂ් කියනවා ඔහු කැනඩා යනවා නම් යන්නේ ලිහිණිවත් අරගෙන කියා.ඒ වේලාවේ රදීෂ්ගේ තාත්තා එකපාරටම පුදුම වී හේතුව කුමක්ද කියා විමසනවා. ඒ වේලාවේ රදීෂ් කියනවා ලිහිණි හොඳට උයනවා නිසා ඇයවත් එක්කගෙනම යනවා කියලා.

ඔන්න දැන් දේව්මි අනනාද් සමඟ කතා කරමින් ඉන්න ගමන් ඔහුගෙන් අහනවා අවන්තට ගොඩක් කාලෙකින් කතා කලේ නැ නෙද් කියා. ඉතිං ඔන්න දේව්මි මේ වේලාවේ video call එකක් අනාන්දට අරගෙන දෙනවා.. ඉතිං මේ වෙලාවේ අනාන්ද අවන්ත සමඟින් විසතර කතා බහා කරනවා. මේ වේලාවේ ඔහුට ලංකාවට එන්න තව මාස 5ක් වත් යන බව පවසනවාත් එක්කම දේවිමිගේ හිත රිදවෙනවා. ඒ වේලාවේ ඇය දුකින් ඔහු දිහා බලා සිටිනවා.

ඉතිං ඔන්න රදීෂ් අනුහස්ව හමුවෙන්න ගිහින් ලිහිණි ගැන ඔහුගේ හිතේ තියන කැමැත්ත ගැන කියනවා. අනුහස් සිනාසෙමින් රදීෂ්ගෙන් අහනවා ඒ ගැන ලහිණීට කිව්වාද කියා. එවිට රදීෂ් ඔහුට එය කීමට තරම් හයියක් නැති බව අනුහස්ට පවසනවා. ඔන්න රදීෂ් phone එක අතට අරගෙන මේ වේලාවේ ආයිත් ලිහිණිට දුරකථන ඇමතුමක් ගෙන ඇගේ විසතර අහනවා. ඔන්න දැන් මේ වේලාවේ අනුහස් අක්ෂාව බලන්න ඇවිත් ඉන්න අතරතුරදී ලිහිණි call එකේම කාමරය ඇතුළට රදීෂ්ට බැන වදිමින් පැමිණෙනවා. ඒ වේලාවේ එ දෙස බලාැ සිටින අනුහස්ට හිනා යනවා. ඉතිං ඔන්න ඔහොම කතා කරමින් ඉන්න වේලාවෙදී ආයෙමත් සැරයක් රදීෂ් ලිහිණිට call කරනවා. එ වේලාවේ අනුහස් call එක අරගෙන ගැහැණු කඩහඬින් hello කියා කියනවා. ඉතිං ඊටපස්සේ අනුහස් ලිහිණිට එක එක දේවල් රදීෂ් ගැන කියමින් විහිළු කරනවා. ඒ වේලාවේ අහුහස් ලිහිණීගෙන් රදීෂ්ට කැමතිද කියා විහිළුවෙන් අහනවාත් සමඟම ලිහිණිගේ හිත රිදෙනවා. ඒ ඇය තවමත් අනුහස් ගැන සිතන නිසයි. ඔහුට හිතින් ආදරය කරන නිසයි. ඒ නිසා ඇයට වෙන කෙනෙක් ගැන සිතෙන්නේ නැහැ. ලිහිණි අනුහස් දෙස දුකින් බලා සිටිනවා.

ඉතිං ඔන්න ඊඉපසු දිනයේ අක්ෂා රෝහලෙන් පිටවී ගෙදර යන්න ලැස්ති වෙනවා. ලිහිණිත් ඇයගේ සියළු බඩු ආදිය හරිගස්සවනවා. ඒ අතරදී අනුහසුත් රෝහලට එනවා. ඉතිං මේ වේලාවේ අනුහස් අක්ෂාව අල්ලාගෙන ලිහිණිත් සමඟ රෝහලෙන් පිටව ගෙදරට යනවා. ඒ වෙලාවේ අක්ෂාගේ අම්මා පුදුම වී බනවා. ඒ ඇයට නොකියාම එකපාරට ගෙදරට පැමිණි නිසයි.

ජනනි තරුෂිකා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *