මේ දින වල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන චලෝ ටෙලි නාට්‍යයේ පසුගිය සතිය මෙසේ ගලාගෙන ගිය.චලෝගේ පංතියේ සිටින පූර්ණ ඇතුලු සියලු දෙනා ඔවුන්ගේ තරඟයට අවශ්‍ය ඇඳුම් ගැනීමට වැලි ගොඩදමමින් ඉන්නවාතඑතැනට ගමේ චන්ඩින් වන දෙදෙනා පැමිණෙනවා.මෙතැන වැලි ගොඩ දැමිමට කිව්වේ කවුරුන්ද කියා ඔවුන්ගෙන විමසනවා.ඉන්පසු ඔවුන් සුලු මුදලක්සොයා ගැනීමට ආ බවත් කියනවා.ඉන්පසු චන්ඩින් දෙදෙනා ඔවුන්ට බැන එතැනින් එළවා ගන්නවා.මේ අතර මුදලාලි චලෝගේ මව මුණ ගැසීමට එනවා.ඉන්පසු උපකාරයක් උවමනා උවහොත් ඔහුට පවසන බව ඔහු කියනවා.ඇය එසේ ඔහුව මඟහැරීමට දුකක් බව මුදලාලි කියනවා.මේ අතර දිව එන පිරිමි ළමුන් ඈන්ට මුණ ගැහෙනවා.ඔවුන්ට උවමනා උනේ ගැහැණු දරුවන්ට උදව් කිරීමට බව පිරිමි ළමුන් කියනවා.ඉන්පසු ඈන් මේ විස්තරය යමුනා මිස්ට කියනවා.මේ බව යමුනා මිස් ඉක්මනින් ගොස් කබලේ මුදලාලිගෙන් විමසනවා.මුදලාලිගේගොලයන් ළමුන්ට කල දේ ඇය කියනවා.එසේ නොකරන ලෙස ඇය මුදලාලිට කියනවා.පාසලේ විදුහල්පතිතුමා පිරිමි ළමුන්ට දඩුවම් දෙනවා.චලෝ පූර්ණ මුණ ගැසීමට එනවා.

මේ අතර ගැහැණු ළමුන්ගෙන් අයෙකුගේ කකුල පුහුණු වන කාලයේදි පෙරලි තිබෙනවාත.ඉන්පසු ඇයව කරේ තබාගෙන නිශ්ශංක සර් සහ සියලු දෙනා බේත් ගැනීමට යනවා.කබලේ මුදලාලිගේ ගෝලයෙකු චලෝගේ නිවසට පැමිණෙනවා.එහිදි චලෝ පමණක් නිවසේ සිටිනවා.ඔහු අත තිබු පාර්සලයක් චලෝ වෙත දෙනවා.එය අම්මාට දෙන බවත් ඔහු පවසනවා.මේ අතර කබලේ මුදලාලි සභාපතිතුමා හමුවීමට එනවා.එහිදි වැලි පෝමිට් එක මතක් කිරීමට ආ බව ඔහු කියනවා.නිවසට පැමිණෙන චලෝගේ අම්මා මුදලාලි එවූ පාර්සලය විසික් කර චලෝට ගසනවා.එතැනට පැමිණෙන පුර්ණගේ මව චලෝගේ හිත හදනවා.මේ අතර පාසලේ සියලුමා දෙනා එකතු වී වෙසක් කූඩු සාදා විකිනීමට යනවා.මේ අතර වෙසක් එකට මල් දන්සලක්ද සූදානම් කරනවා.කූඩු විකුණන තැනට සේම් සරා පැමිණෙනවා.ඉන්පසු ඔවුන් කූඩු දෙකක් රැගෙන දිව යනවා.මේ අතර ගමට පෙන්වීමට හොල්මන් ගුහාවක්ද නිර්මාණය කරමින් ඉන්නවා.පසුදින මල් විකිනීම සඳහා පාසලේ ගැහැණු ළමුන් සිටිනවා.එතැනට පැමිණෙන සේම් සරා ඔවුන් පවත්වාගෙන යන දන්සල වෙත යනවා.මේ අතර චලෝ මල් විකුණන තැනට යනවා එතැනටද පැමිණෙන සේම් සරා ඇයට විහිළු කරනවා.මේ අතර ඔවුන් ආපු ත්‍රීවිල් එකේ ටයර් වල හුළං යවනවා.ඉන්පසු ඔවුන්ට ළමුන් හිනා වෙනවා.රාත්‍රියෙදි හොල්මන් ගුහාවක්ද ළමුන් සුදානම් කරනවා.ඉන්පසු එයට යන අය බය වෙමින් කෑ ගසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *