මේ දින වල චලෝ ටෙලි නාට්‍ය බොහෝ ප්‍රශ්න මැද ගලාගෙන යනවා.මේ අතර යමුනා ටීචහා නිශ්ශංක සර් ඉදිරි වැඩ ගැන කතා කරමින් ඉන්නවා.එහිදියමුනා මිස් තමාට ජාතික පාසලට මාරු කර ඇති බව කියනවා.තම පාසලේ ළමුන්ට කුමක් වේවිද කියා ඔවුන් කතා කරනවා.පසු දිනම යාමට වන බව යමුනා මිස් කියනවා.මේ අතර ළමුන් හමු වනසීතා මිස් යමුනා මිස් මාරු කර ඇති බව කියනවා.එය පවසා ඇය එතැනින් යනවා.ඉන්පසු ළමුන් සියලු දෙනාම අඩනවා.මේ අතර කබලේ මුදලාලි චලෝගේ අම්මා මුණ ගැසි තම වාහනයට ගොඩ වන බව පවසනවා.තමාට උඩින් කිසිවෙක් නොගිය බවත් ඔහු කියනවා.පසුදින රාත්‍රියෙදි මුදලාලි පැමිණෙනවා.නැවතත් චලෝගේ මවට ඔහු විවිධ දේ පවසනවා.ඉන්පසු චලෝගේ මව දොර වසා දමනවා.එතැනට පැමිණෙන චලො සිදු වූ දේ අසනවා.රාත්‍රියෙදි ඇය වැඩට ගිය විට පූර්ණගේ නිවසට නංගිත් කැටුව යන බව කියනවා.පාසලේ ගැහැණු ළමුන් සියලු දෙනා පිට්ටනියේ වාඩි වී සිටිනවා එතැනට පැමිණෙන පිරිමි ළමුන් අළුතින් පුහුණුකරුවෙක් ගෙනා බවත් පවසනවා.ඉන්පසු එතැනට පැමිණෙන පූර්ණ දැක ඔවුන් හූ කියනවා.ඉන්පසු ඔවුන් පුහුණු කිරීමට සැරසෙනවා.

මේ අතර පාරේ එමින් සිටි චලෝගේ අම්මා වන නිර්මලාව දැක කබලේ මුදලාලිගේ ගෝලයෙක් වන සිරා එතැනින් යාමට සුදානම් වෙනවා.එතැනට දිව එන නිර්මලා ඔහු නවතා තම ස්වාමියා වූ රතු හට සිදු වූ දේ සිදු වීමට හේතුව මොවුන් බව කියනවා.සියලු දෙනාටම හොඳක් නොවන බව ඇය කියනවා.මේ අතර කබලේ මුදලාලිගේ පුතා වන සේම් සරා තාත්තා රෑ ජාමේ නිර්මලාගේ නිවසට යන බව ඔහුගේ යහළුවන් පවසනවා.චලෝගේ පියාගේ මරණයට හේතුවත් ඔහුගේ පියා බව ඔවුන් සැක කරනවා.නිවසට පැමිණෙන සිරා සිදු වූ දේ කබලේ මුදලාලිට පවසනවා.තමා මේ ලෙස නරක වැඩ වලින් ඈත් කරන ලෙස ඔහු පවසනවා.මුදලාලි කියනකියන දේ ඔහු කල බවත් තව කී දවසක් කල යුතුදැයි ඔහු මුදලාලිගෙන් විමසුවා.මේ අතර යමුනා ටීච පාසල් දෙකක ඉගැන්වීමට තීරණය කරනවා.උදෑසන යමුනා මිස් පැමිණෙ සියලු දේ කියා දී නැවත් එතැනින් පිටව යනවා.

මේ අතර චලෝගේ නිවසට සිරා පැමිණෙනවා.ඉන්පසු ඔහු අත තිබු මාලු චලෝගේ නංගිගේ අතට දෙනවා.මේ අතර පූර්ණගේ යහළුවෙක් පාරේ එන විට සේම් සරාගේ යහළුවන් ඔහු අත තිබු පාන් ගෙඩිය ගෙන කඩේ ඔබනවා.මේ අතර ඔහු අත තිබු බයිසිකලයේද හුලං අරිනවා.මේ අතර පාන් රැගෙන රනතුරු යහළුවන්බලා සිටිනවා.සිදු වූ දේ ඔහු යහළුවන්ට පවසනවා.ඔවුන්ට ඉක්මනින් කුමක් හෝ කල යුතු බව කියනවා.මේ අතර ඉදිරියේදි අළුතින් ළමුන් කණ්ඩායමට ගත යුතු බවත් එ ළමුන් තෝරාගත යුතු බවත් යමුනා මිස් සහ නිශ්ශංක සර් කතා වෙමින් ඉන්නවා.මේ අතර රාත්‍රියෙදි සාදා තිබු කොරලි ව්‍යංජනය දැක චලෝ හට ඇගේ මව බැන බැදි එය විසික් කර දමනවා.මේ අතර උදෑසන ළමුන් පුහුණු කිරීමට යමුනා මිස් පැමිණෙනවා.පහළ පන්තියක සිටින සඳලි ද එම ස්ථානයට පැමිණෙනවා.නමුත් ඔවුන් ප්‍රමාද වී ආ නිසා පුර්ණ ඔවුන්ට බැන වදිනවා.මේ අතර නැවතත් පූර්ණගේ යහළුවෙක් අල්ලාගෙන සේම් සරාගේ යහළුවන් දෙදෙනෙක් ඔහුට බැන වදි.සිදු වූ දේවල් කිසිවෙකුට හෝ පැවසුවහොත් ඔහු ඉතුරු නොකරන බව ඔවුන් පවසනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *