හිරු නාළිකාව ඔසේසේ සෑම සතියේ දින පහේම රාත්‍රී 8.30 ට විකාශනය වන අහස් මාළිගා ටෙලිනාට්‍ය මොනවද ඉදිරියේදී සිදුවන්නේ කියන එක මේ ටෙලිනාට්‍ය නරඹන ප්‍රේක්ෂකයාගේ හිතට කුතුහලයක්..

ඔන්න මේ වෙල්වේ අහිංසා කාමරයට වී ඇගේ අම්මා සහ තාත්තා ගැන කල්පනා කරමින් සිටිනවා… ඇය ඒ වේලාවේ ඇගේ තාත්තා වන සුරාජ්ට දුරකතන ඇමතුමක් දෙනවා. මේක මේ වේලාවේ අහිංසාගේ බෝඩිමේ සිටින ආන්ටි හොරෙන් ඇයගේ කතාව අසා සිටනවා. . ඉතිං සුරාජ් ඇගෙන් අසනවා ඇය කොහෙද ඉන්නේ කියා. නමුත් ඒ වේලාවේ අහිංසා ඒ ගැන කිසි දෙයක් නොකියා ඇය හොඳින් සිටින බව සුරාජ්ට පවසනවා.

මේ වේලාවේ සර්විස් ස්ටෙෂන් එකේ අයිතිකරු මංජු ඔහුටගේ දුවත් සමඟින් නාරද කියපු දේවල් ගැන කතා කරමින් සිටිනවා.මේ වේද්දී මංජුටත් ඔහු ගැන පොඩි සැකයක් ඇවිත් තිබෙන්නේ ඒ නාරද තේජාන් ගැන කේලම් කියන නිසයි… ඉතිං ඔන්න මේ වෙලාවේදීත් අහිංසාගේ අම්මා සුරාජ්ට දොස් කියනවා. ඒ ඔහු නිසා අහිංසා තේජාන් සමඟින් ගිය බව කියා. ඉතිං මේ වේලාවේ සුරාජ් ඇයට පවසනවා අහිංසා කතා කල බව. නමුත් ඇය එය ගනන් ගත්තේ නැහැ. ඇය සිතන්නේ එය බොරුවක් කියායි. ඇය සිතන්නේම සුරාජ් ඇය ඉන්නේ කොහේද කියා දන්නවා කියායි. ඇය ඔහුගෙන් අසන්නේ ඇයි ඇයට අහිංසා කතා නොකළේ කියායි.

ඉතිං ඔන්න මේ වෙල්වේ අහිංසා හඬමින් සිටිනවා දකින් බෝඩිමේ ආන්ටි ඇය ළඟට පැමිණ හඬන්නේ ඇයි දැයි විමසනවා. ඒ වේලාවේ ඇය මුකුත් නැහැ කියා පවසනවා. ඒ වේලාවේ බෝඩිමේ ආන්ටි ප්‍රශ්නයක් තිබෙනවා නම් ඇයත් සමගින් කියන්න කියා පවසනවා.ඉතිං ඔන්න මේ වේලාවේදී අහිංසා කොල් එකක් ගන්නවා. ඒ වේලාවේ අහිංසා තේජාන්ගෙන් අසනවා සුලේකා වැඩ කරන තැනින්න ඇයටත් job එකක් හොයලා දෙන්නම් කියු බව. ඒ අවස්ථාවේ ඇය ඔහුගෙන් අසනවා ඇය එයට යන්නද කියා. ඒ වේලාවේ තේජාන් කෙන්තියෙන් ඇයට එයට නොයන ලෙස සැර කර ෆොන් එක තිබ්බා. ඇය ඒ වේලාවේ හඬා ගෙන කාමරට දිව යනවා. ඔන්න එදා දවසේත් තේජාන් කොහේට හෝ යන්නට යන අවස්ථාවේ නාරද ඔහු පස පස ඔහු යන්නේ කොහේදැයි බලනවා. ඔහු එක තැනකට වී ඔහු කොහේද යන්නේ කියා බලනවා. ඒ අවස්ථාවේ ඔහු දකිනවා තේජාන් පන්සලක් ඇතුළුලට යනවා. එ පසුපසම නාරදත් පැමිණෙනවා. ඉතිං තේජාන් මල් පුජා කර වඳිනවා දකින නාරදට ඔහු ගැන සිතේ තිබුන වෛරය නැති වෙලා ඔහු ගැන පැහැදීමක් ඇතිවෙනවා.

ඉතිං පන්සල් ගිහින් තේජාන් මේ වෙද්දී අහිංසාව බලන්න ඇගේ බෝඩිමට ඇවිත් සිටින්නේ. අහිංසා ඒ වේලාවෙත් දුකින් ඔහු ලඟින් සිටිනවා. තේජාන් ඇයගෙන් සමාව ඉල්ලා සිටියා ඔහුගෙන් වුන වරදට.ඔහු ඇයට මේ ගැන තේරුම් කරන්න උත්සහා කලත් අහිංසාත් ඔහුත් සමඟ වාද කරමින් සිටිනවා. කොහොමහරි දෙන්නා ඔහොම වාද කරමින් ඉඳ ඉද ආයිමත් යාළු වෙනවා.

ඉතිං ඔහොම කතා කරමින් ඉන්න අතරතුරදී බෝඩිමේ ආන්ටි එතනට පැමිණ තේජාන් කතා කරනවා. ඒ වේලාවේ තේජාන්ට අහිංසාව දුකින් තියන්න එපා යැයි පවසනවා. ඇගේ හිත රිදන්නට එපා කියා ඇය ඉල්ලීමක් කරනවා. ඉතිං ඉන්පසු එය තේරුම් ගත් තේජාන් අහිංසා ළඟට පැමිණ යන්න යනවා. ඔන්න පසුදින උදේ තේජාන් වැඩ පටන් ගැනීමට සදහා සූදානම් වෙද්දී මංජු සහ නාරද ඔහුට කතා කරනවා. ඒ අවස්ථාවේ නාරද තේජාන්ගෙන් ඔහුගෙන් සිදු වූ වැරදි වලට සමාව ගන්නවා.. ඔන්න අහිංසා සුරාජ් සමඟින් එළියට වී ඉන්න අතරතුරේ අහිංසාගෙන් ඇයට කෝල් එකක් එනවා. ඒ වේලාවේ ගෙදර එන්න කියා අහිංසා බල කරත් ඇය එයඟට එකඟ නොවී ඇය හොඳින් සිටින බව කියා තේජාන් ඇයට හොඳින් බලා ගන්නා බවත් පැවසමින් අහිංසා ෆොන් එක එකපාරටම තියනවා.

ඉතිං ඔන්න අහිංසා සුලේකා සමඟින් බැල්කනියට වී කතා කරමින් සිටින අතරතුරේ මෝරේ සයිකලයෙන් පැමිණෙන රයිනිගේ ගෝඩලයන් දෙදෙනක් අහිංසා සිටිනවා දැකීමත් සමඟ රයිනිට ඔවුන් කතා කර මේ ගැන කියනවා. ඒ වේලාවේ රයිනි තේජානුත් එතැන සිටිනවාද කියා අහද්දී ඔහු එතන පෙනේන්නට නැත බව පවසනවා. ඒ වේලාවේ රයිනි අහිංසාව ඉක්මනින් එතනින් පැහැර ගන්නට සැලසුම් කරනවා.

මේ අතරතුරේදී තේජාන්ව සොයා තේජාන්ගේ යහළුවන් කිහිපදෙනෙක් තේජාන් වැඩ කරන සර්විස් ස්ටේෂන් එකට පැමිණෙනවා. ඒ වේලාවේ නාරදට තේජාන්ගේ ඡයාරූපයක් පෙන්වමින් ඔහුව දන්නවාද කියා අසනවා. තේජානව් මේ වේලාවේ වාහනයක් යට හැංගී සිටිනවා. නාරද තේජාන්ගේ ඡායාරූපය දකිනවාත් සමඟම ඔහු පුදුම වී ඒ දෙස බලා සිටිනවා. ඒ වේලාවේ තේජාන්ගේ යහළුවෙක් තේජාන් කියන්නේ රවී විජවෙර්ධනගේ එකම පුතා බව නාරදට පවසනවා. තේජාන්ට එය ඇසීමත් සමග ඔහු එතනින් පැන දුවනවා. මංජුත් එතනට පැමිණෙනවා.ඔහුටත් මේ විස්තරේ ගැන නාරද පවසනවාත් එක්කම ඔහුත් බය වෙනවා. ඒ වේලාවේ තේජාන්ව හොයාගෙන හළුවන් ටික පැමිණියත් ඔහු කොහෙද කියා සෙව්වත් ඔවුන්ට ඔහුව සොයා ගන්නට බැරි වෙනවා.

ඔහු අහිංසාගේ බෝඩිමට කලබලයෙන් දිවවිත් ඇයවත් ඇඳගෙන එතනින් පිට වෙලා යනවා… එත් එක්ක්ම එතැනට රියිනිගේ ගෝලයන් පිරිසදක් පැමිණෙනවා. ඒ අහිංසාව පැහැරගෙන යාමටයි. නමුත් ඇය ඒ වේද්දී තේජාන් එයින් රැගෙන ගොස් හමාරයි.ඔවුන් ගෙදර හැම තැනකම අහංසාව සේව්වත් ඇයව සොයා ගැනීමට නොහැකි වනවා. ඉතිං මේ වෙද්දී අහිංසාත් තේජානුත් දුවගෙන යන අතරතුරේ ඔවුන් පසු පසින් තේජාන්ගේ යළුවන් පිරිසත් වාහනයෙන් පැමිණෙනවා. ඒ වේලාවේ එකපාරටම තේජානව සහ අහිංසාව ඔනුව්ට මඟ හැරෙනවා. ඔවුන් වෙළක් මැදින් හැංගෙනවා.. ටිකත දුරකත් ආයෙමත් දුවගෙන යද්දී අහිංසාට එකපාරටම ක්ලාන්තයක් එනවා. එ ඇය එක දිගටම අව්වේ දුවගෙන ආ නිසයි. ඉන් පසු ඇයව එකපාරටම බිම ඇඳ වැටෙනවා දකින එතන සිටි පුද්ගලයන් දෙදෙනෙක් තේජාන්ට සහ අහිංසාට උදව් කරනවා. ඉන් පසු ඔවනුව රැගෙන ගොස් ඒ අසල තිබු ගසක් යටින් වාඩි කරවලා ඔවුන්ට කෑම ගෙනත් දෙනවා.

ඒ අවස්ථාවේ තේජාන් අහිංසාට කෑම කවනවා.ඊළඟට දෙන්නා එම පුද්ගලයන් දෙදෙනාටත් ස්තුතියි කර එතනින් පිටවී ඔවුන්ට ඉනන්ට තැනක් සොයාගෙන යනවා. ඉතිං මේ වේලාවේ ඔවුන් සොයමින් තේජාන්ගේ යහළුවන් පිරිස නැවතත් පැමි‍ණෙයිද?

ජනනි තරුෂිකා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *