ස්වාධීන රූපවාහිනය තුළ රාත්‍රී 8.30ට විකාශනය වන ආලියා ටෙලි නාට්‍ය බෝහෝ අය ආදරය කරන නාට්‍යක්. ඉතිං ඔන්න මේ වෙද්දී ආලියා ඇයට අශේන් විසින් ගෙනත් දෙනු ලැබු මුදලත් රැගෙන ඔහුගේ ගෙදරට යෑමටයි සූදානම් වෙන්නේ. ඇය තවමත් සිතන්නෙක් අශෙන් කියන්නේ බොරුකාරයෙක් කියායි. ඇයට ඔහු ගැන විශ්වාසයක් හිතේ තිබුනේ නැහැ. ඔන්න ඉතිං එදා දවසේ එකපාරටම ආලියා ඉන්න ගෙදරට හිඟන මනුස්සයෙක් පැමිණෙනවා. එ එන්නේ අශෙන්ගේ ගෙදර වැඩ කිරීමට සිටින පුද්ගලයායි. එසේ එන්නේ ආලියා ගෙදරට සිටිනවාදැයි දැන ගැනීමටයි. මේ විදියට ඔහුව එවන්නෙත් අශේන්ම තමයි. ඉතිං මේ වේලාවේ ආලියා බීම එකක් හදාගෙන ඔහුට දෙන්නට යනකොටම ඇය දකිනවා ඔහු එකසැරේටම දුවගෙන යනවා. ඒ වේලාවේ ආලියාට සහ ඇගේ මිතුරියට ඔහු පිළිබඳ සැකයක් මත්වෙනවා. ඒ ඔහු ගෙදරට ආවේ ගෙදර බඩු මොනවා හෝ සොරකම් කිරීමට කියා සිතායි.. ඉතිං අශෙන් මේ සියළුදේම කරන්නේ ආලියාගේ සිත දිනා ගැනීමට වුවත් ඇය ඒ කිසිදෙයක් ගනකට ගත්තේ නැහැ.

ඉතිං ඔන්න මේ වේලාවේ අශෙන්ගේ ගෙදරට ආලියා පැමිනෙනවා. ඒ වේලාවේ අශෙන්ගෙ මව්පියන් පවසනවා ඇයව අශෙන් සොයනා බව. ඉතිං මේ වේලාවේ ආලියා ඇගේ නම අලියා නොව රිද්මි බව අශෙන්ගේ මව්පියන්ට පවසනවා. ඒ වේලාවේ තමයි ඔවනු දැන ගන්නේ ඒ සිටින්නේ සමාධිගේ නංගී බව. ඔවුන් පුදුමයට පත්වෙනවා. ඒ වේලාවේ ආලිය සිදුවු සියළු දේ ගැන ඔවුන් සමඟින් පැවසුවා. ඒ වේලාවේ ඇගේ අක්කා පතලයත් සමඟ සම්බන්ධ බවත් ඔවුන් සමඟින් පැවසුවා. නමුත් ඒ දේ රිචඩ් සිතාගත නොහැකි වුවා. ඔහු එය විශ්වාස කරන්නට අකමැති වුවා. ඉතිං ඉන්පසු අශෙන් ලබාදුන් මුදල ඔහුගේ අම්මාට ඇයට ඒය ගැනීමට බැරි බව පවසා ලබා දුන්නා. ඒ වේලාවේදී අශෙන් ගැන ඇයට එකපාරක් හිතන්න බැරිද කියා විමසුවත් එයට ඇය කැමති වුයේ නැ. මේ වේලාවේදීම අශෙන්ගෙන් ඔහුගේ අම්මාට කොල් එකක් ලැබෙනවා. ඒ වේලාවේ ඔහුට වීසා ලැබුන බව පවසනවා. ඒ කියන වේලේ ආලියාත් මේ සියළු දේ අහගෙන සිටියා.. ඇය ඒ අවස්ථාවේ නම් ටිකක් සංවේදී වුවා. ඉතිං අශෙන්ට ඕනේ මේ වෙද්දී හොඳ කෙනෙක් වෙන්නයි. ඔහුගේ ආදරය ඇත්තක් බව ඔප්පු කරන්නයි අශෙන්ට ඕනෑ වුණේ. එ නිසාමයි ඇයගෙන් ඇත් වෙලා ඔහු පිටරටක යන්න තීරණය කරන්නේත්.

ඉතිං මේ වේලාවේ ආලියා එකපාරටම දුක දරාගත් නොහැකිව එතනින් පිට වෙනවාත් සමඟම අශෙන් ගෙදරට පැමිණෙනවා. ඉතිං අශෙන් මේ වේලාවේ වත්තේ පුටුවක වාඩි වී සිටින ආලියාව දැක පුදුම වෙනවා. ඔහු ඇය ළඟට පැමින මෙහේ ආවේ ඇයිදැයි විමසනවා. ඔහුට එය සිතා ගැනීමට බැරිවයි සිටින්නේ. ඒ වේලාවේ ආලියා ඔහු රට ගියාට පසුව ඇයව අමතක වෙයිද කියා අසමින් සිනාසෙනවා. ඔහුට කිසි දෙයක් හිතා ගන්න බැහැ. ඒ වේලාවේ ඔහු අම්මාත් සමඟින් පැවසු සියල්ල අහගෙන සිටි බව පැවසුවා. ඒ වේලාවේ අශෙන් කියන්නේ කවුද කියා එදා දවසේදී ඇය දැනගත් බව අශෙන්ට පැවසුවා. ඉතිං මේ වේලාවේ ආලියා එතනින් යාමට සූදානම් වෙනකොටම ඔහුට යමක් කියන්නට සැරසෙනවා. ඒ වේලාවේ ඇයටත් ඔහු ගැන ඔහු දැකපු පළමු දවසේම හැගීමක් ඇති වුන බව පැවසුවා.ඒ වේලාවේ ඇය ඔහුට කැමති බව පවසානවාත් සමඟිම ඔහුට එ සතුට දරාගැනීමට නොහැකි වෙනවා.ඉතිං මේ විදියට ඔවුන්ගේ ආදර කතාව මෙතනින් පටන් ගන්නවාත් සමඟ මේ නාට්‍යෙය් අවසානය සිදුවනවා…

ජනනි තරුෂිකා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *