ස්වර්ණවාහිනියේ මේ දින අළුතින්ම විකාශනය වන චලෝ ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතයට ශලනි තාරකා රංගනයෙන් දායක වෙයි.එම නාට්‍ය ගයානි අසිංසල පියදිගම මහත්මියගේ අතින් රචිත raj production නිශ්පාදනයෙන් සහ හසුන් සමීර අධ්‍යක්ෂණයෙන් නිම වූවකි.මෙම කතාව ක්‍රීඩාවක් පදනම් කරගනිමින් තමන්ගේ ජීවිතය ජය ගැනීමට වෙහෙසක් වන දිරිය ගැහැණු දරුවකුගේ කතාවක් ලෙස අපිට එක් පසකින් හැගේ.

මෙම කතාවෙහි ආරම්භයේදිම එක් තරුණයෙකු තමන්ගේ මතකය ආර්ජනය කිරීමක් පෙන්නම් කරයි.මෙහිදි මේ තරුණයාගේ නම නාට්‍යයේ ආකාරයට පූර්ණයි.පූර්ණ උපතින්ම පාදයක් අහිමි පිරිමි දරුවෙකි.මේ කතාවේ එන ශලනි තාරකා නොහොත් චලෝ මෙම පූර්ණ පාසල් කාලයේ සිට හොඳම යාළුවන්ය.මෙම කතාවෙහි යමුනා මිස් නමින් ක්‍රීඩා ගුරුවරියකි ඇය මෙම පාසලේ පාපන්දු කණ්ඩායමක් නිර්මාණ කිරීමට යයි ඇය ඒ සඳහා එම පාසලේ ගැහැණු දරුවන් කීපදෙනෙක් සමඟ ඒ සඳහා සූදානම් වෙයි ඒ සඳහා ඇයට සහය වන්නේ පාසලේ කැඩෙට් ක්‍රීඩාව හා සම්බන්ධ නිශ්ශංක සර් ය.ඔහු යමුනා මිස්ව නිතරම දිරි ගන්වමින් මේ ක්‍රියාවට සූදානම් වෙයි.දිනක් මෙම පූර්ණ සහ චලෝ පාසල් නිම වී නිවසට යන අතරමග බයිසිකලයක් පැමිණ චලෝ හප්පාගෙන යයි.ඇය සිහි නැතුව බිම ඇඳ වැටෙයි.

ඉන් පසු පසෙකට විසි වූ පූර්ණ දුවගෙන විත් අය නැගිට්ටවීමට බලයි.ඒ අවස්ථාවේදි එම ස්ථානයට ට්‍රැක්ටර්රථයක් පැමිණෙයි පූර්ණ මෙහි චලෝව නංවයි.අනතුරුව පූර්ණ ගඟක් ළඟට ගොස් ඔහු සමඟ කේන්තියෙන් ඔහුගේ බොරු පාදය ගලවා ගඟට විසික් කරයි එම ස්ථානයට පැමිණෙන නිශ්ශංක සර් ඔහුගේ පාදය අහුලා මේ දේවල් වලින් වැටෙන්න එපා පවසමින් අනික් අයට වඩා ඔහුගේ හිත ශක්තිමත් බව පවසමින් ඔහුව ධෛර්යමත් කරයි.පසුදින යමුනා මිස් සහ නිශ්ශංක සර් පාපන්දු ක්‍රිඩාවට තෝරාගත් ගැහැණු දරුවන් හට චිත්‍රපයටයක් පෙන්වීමට සූදානම් වෙයි…මෙහිදි චලෝ නැවතත් සුවවී පාසල් පැමිණෙයිද,පූර්ණ දිගටම තමා සමග වෛයිරයක් ඇතිකරගනීද,යමුනා මිස් සහ නිශ්ශංක සර් උනන්දු වන ආකාරයට මොවුන්ගේ සිහිනය සැබැ වෙයිද,චලෝව හප්පාගෙන ගිය පුද්ගලයා කවුරුන් වෙන්න ඇතිද..මේ සියළු ප්‍රශ්ණ සදහා උත්තර අප තවමත් නොදනි…
(පියුමි හංසිකා)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *