ස්වර්ණවාහිනියේ මේ දින වල විකාශය වන පාරදිගේ ටෙලි නාට්‍යයේ පසුගිය සතියේ සිදු වූ දේ විමසා බලමු….පොලිසිය බානු සහ බණ්ඩාව සොයන බව දැනගත් බණ්ඩාගේ යාළුවන් දෙදෙනා ඔවුන් මේ බව දැන්වූ විගස ඔවුන් සියල්ලෝම ඒ මේ අත දුවන්නට විය..ඉන්පසු බණ්ඩා සහ යාළුවන් පොලිසියෙන් පැණගත් අතර බන්ටි සහ බානු පොලිසියට හසුවිය…..ඉන්පසු පොලිසියට රැගෙන යන බන්ටි සහ බානුගෙන් ප්‍රශ්ණ කිරීම් කොට පොලියේ ටික වෙලාවක් ඉන්න ලෙස පොලිසිය ඔවුන්ට කීය….ඒ අතරතුර බණ්ඩා ඩාලිං අක්කාගේ නිවසට ගොස් ඔවුන් අළුවිහාරේගේ නිවසට ගිය එකට කෑගසයි..ඉන් පසුව බණ්ඩා ඔවුන්ට කාරණා පැහැදිලි කොට ඔහු ළඟ තිබූ රුපියල් 40000ක මුදලක් දී ඔහු ළඟ ඇති ඉතිරි 50000ක මුදලත් ඔවුන්ට ලබාදෙන බව පවසා මේ කාරණාව තම යාළුවන්ට නොකියන ලෙස ඔවුන් දෙදෙනාට කීය…

ඉන් පසුව බණ්ඩා නැවත ඔවුන්ගේ නිවසට යයි ඒ යන අතරතුරත් ඔවුන්ගේ යාළුවන් බන්ටි සහ බානු බේරාගැනීමට ක්‍රම සොයමින් සිටී….මේ අතරතුර අළුවිහාරේ සහ රෙක්සි ඩාලිං අක්කා සහ සිකුර අයියා කල ක්‍රියාව ගැන කතා වෙමින් සිටි අනතුරුව ඔවුන්ට බණ්ඩා පිළිබඳව සැකයට ඔවුන් ගැන සොයා බැලීමට තීරණය කරයි.අළුවිහාරේගේ ආයතනයේ පැවැත්වීමට නියමිත party එක පිළිබඳව රෙක්සි සමඟ පවසා ඒ සඳහා සරණිට කතා කරන ලෙස බවසයි.පොලිසියට අල්ලාගෙන ගිය බානුගෙන් පොලිසිය ප්‍රශ්ණකරයි.බණ්ඩාර බානු බැලීම සඳහා රාත්‍රියේම පොලිසියට ගොස් ඔහු පොලිසියට බාර වෙන බව පවසයි.එසේ නොකරන ලෙස බණ්ඩාරට බානු පවසයි.බන්ඩාර සියලු විස්තර පොලිසියට පවසා පොලිසියට බාර වෙයි.පසුව බන්ටිට විරුද්ධව චෝදනා නැති නිසා ඇයව නිවසට යවයි බන්ඩා සහ බානු උසාවි දාන ලෙස නියෝග කරයි.

බන්ටි නිවසට නොපැමිණි නිසා ඇයගේ දෙමව්පියන් පොලිසියට යාමට සූදානම් වෙයි එවිට බන්ටි එතනට එයි අම්මා පැමිණ ඇයට ගසමින් ගියේ කොහෙද විමසන විට ඇය තාත්තටඒ බව පැවසූ බවත් තාත්තාට එය අමතක වී ඇති බවත් ඇය පවසයි.මේ අතර බණ්ඩගේ යාළුවන් දෙදෙනා lowyer කෙනෙක් මුණ ගැසීමට යාමට කතාවෙයි..ඒ අතරතුර බන්ටි එතනට පැමිණ ඔවුන්ට විස්තරය පවසයි..ඒ අතර අළුවිහාරේ රෙක්සි හට සරනිගේ නිවස සොයා යන ලෙස පවසයි.බණ්ඩා සහ බානුව ඔවුන්ගේ යාළුවන් පොලිසියෙන් නිදහස් වෙයි.අළුවිහාරේ සහ රෙක්සි ඇඹිලිපිටිය සරනිගේ ගෙදරට යාම සඳහා පිටත් වෙයි.ඒ අතර මොවුන් බණ්ඩගේ යාළුවෙක් වන මාටින් හට ඇමතුමක් දී සරනිගේ නිවසට යන බව පවසයි..මේ අතර බන්ටි කුලියට ඇයගේ දෙමව්පියන් සමඟ වෙනත් නිවසකට පැමිණෙයි.රෙක්සිගෙ ඇමතුමෙන් පසු මාටින් බණ්ඩාගේ නිවසට පැමිණ මේ බව පවසයි.පසුව බණ්ඩාර ඔවුන් හරවා ගෙදර යැවීමට හැදුවද එසේ කිරීමට නොහැකි විය.ඔවුන් හමු වී විස්තරේ පවසන්නම් කියයි..මේ අතර බානු සහ යහළුවන් නව සිංදුවක් නිර්මාණය කරයි…මේ අතරතුර බණ්ඩා ඩාලිං අක්කා සහ සිකුර අයියා සමඟ ඇඹිලිපිටි යාමට තීරණය කරයි.
ඉදිරියේදි කුමක් සිදුවේවිද යන්න තවමත් ප්‍රේක්ෂක අපට හිතාගත් නොහැක..සරනිගේ නිවසට යන අළුවිහාරේ හට මොවුන්ගේ බොරු සියල්ල අතටම අහු වෙයිද නැතිනම් වෙනදා මෙන් බණ්ඩාර කුමක් හෝ කර ඔවුන්ව බේරා ගනීද යන්න තවමත් කිව නොහැක….
(පියුමි හංසිකා)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *