සෑම සතියේ දින පහේම සිරස ටීවී නාළිකාව තුළින් රාත්‍රී 9 ට විකාශනය වන නිල පබළු ටෙලි නාට්‍යය බොහෝ දෙනාගේ හොඳ ප්‍රතිචාර මත ඉදිරියට ගලාගෙන යනවා.මේ වේලාවේ අභිමන්ම හමුවන්නට යන්නට ලෑස්ති වෙමින් සිටින කුරුළු ළඟට පැමිණෙන සුභද්‍රා, ඇය කොහේ යන්නටද හදන්නේ කියා අසද්දී ඇය සුභද්‍රා කියු දේවල් ගැන බොහෝ සේ කල්පනා කල බවත් ඒ නිසා ඇය අභිමන්ව හමුවන්නට ගොස් ඔහුගේ අවසාන තීරණය ගැන අසා ඇය තීරණයක් ගන්නා බව කුරුළු පවසමින් සුභද්‍රා කියුවා වගේ අභිමන් ගැන බොරුවට බලාපොරොත්තු ඇය හිතේ තියාගෙන සිටියාට වැඩක් නැති බව කුරුළු පවසනවා. ඉන්පසු සුභද්‍රා ඇගේ අභිමන් දැන් ඇයව හමුවන්නට එන බව කිවාද කියා විමසද්දී කුරුළු සිනාසෙමින් ඔහුට ඇයට හමුවන්නට එන්න බැහැ කියා කියන්නට බැරි බවත් මන්ද ඔහුද ඇය වගේම තවමත් ඇය ගැන සිතනා බවත් කුරුළු පවසනවා. ඉන්පසු සුභද්‍රා ඇය ඔවුන් දෙදෙනා එකතු වනවා නම් බොහෝ සේ සතුටු වන බවත් නමුත් අභිමන් මේ වේලාවේ වෙන තීරණයක සිටිනවා නම් එය ඇයට දරගන්නට පුළුවන් වෙයිද කියායි ඇය සිතන්නේ කියා සුභද්‍රා පවසනවා.

මේ වේලාවේ පුජාගේ අසනීප තත්ත්වය ගැන දැනගන්නට ඩොක්ටර්ව හමුවන්නට පැමිණෙන අභිමන්, පුජාට මතකයේ තිබෙන්නේ ඔහුගේ නම පමණද කියා විමසද්දී ඇය හැමවේලාවේම කියන්නේ හොයන්නේ ඔහු ගැන බවත් ඇය එසේ ඔහු ගැන කියනවා පමණක් නොව ඇය සිතන්නේ අභිමන් ඇය සමඟින් සිටිනවා කියා බවත් ඩොක්ටර් පවසද්දී එය අසා වේදනාවට පත් වු අභමින් ඔහු හිතන විදියට පුජාව සනීප කරගත හැක්කේ කෙසේද කියා ඩොක්ටර්ගෙන් විමසද්දී එයට කල යුතු ප්‍රතිකාරයන් තිබෙන බවත් නමුත් පුජාව සනීප කර ගත හැකි කාලයක් ගැන ඔවුන්ට හරියටම කියන්නට බැරි බවත් ඔහු පවසා සිටිනවා. එත් සමඟම ඔවුන්ට තෙරේන එකම දෙ පුජාට ආදරය කියන එක වටින දෙයක් බවත් පුජා ගැන සිතා ඔහුට අභිමන්ගෙන් යමක් දැනගන්නට තිබෙන බවත් කියමින් ඔවුන් දෙදෙනාගේ සම්බන්ධය නතර වුයේ ඇයිද කියා අභිමන්ගෙන් අසනවා. පුජා ඔහුට ගොඩක් ආදරය කල බවත් නමුත් ඇය ඇයට ඕන කරන දේ හොඳින් හෝ නරකින් ලබා ගන්නට උත්සහා කරන කෙනෙකු බවත් ඔවුන් දෙදෙනාගේ අදහස් වලද ගැලපීමක් තිබුණේ නැති හෙයින් ඔවුන් මෙසේ වෙන් වුන බවත් අභිමන් පවසා සිටිනවා.

ඩොක්ටර්ව හමුවීමෙන් පසු පුජාව බලන්නට යන අභිමන්ව දකින පුජා ඔහු දැක සතුටු වෙමින් ඔහු ඇයව බලන්නට පැමිණි බව දරාගැනීමට නොහැකිව ඔහුව වැළඳගනමින් ඔහු ඇයව බලන්නට ආවේ නැත්තේ ඇයිද කියා අසමින් ඔහුට තදින් වැළඳගන්නවා. මේ වේලාවේ අභිමන්ට කිසිවක් සිතා ගත නොහැකිව ඇගේ හැසීරිම දෙස බලා හිඳිමින් ඔහු දැන් ඇයව බලන්නට ආ බවත් දැන් අඩන්නට එපා කියාත් පුජාා පවසනවා.ඉන්පසු අභිමන් පුජාගෙන් තාත්තා ඇයව බලන්නට ආවද කියා අසද්දී ඇයට තාත්තා කෙනෙකු නැති බවත් ඇයට ඉන්නේ අභිමන් පමණක් බවත් පවසනවා. ඉන්පසු අභිමන් පුජාට ඔහු ගිහින් එන්නම් කියා පවසා යන්නට උත්සහා කලද පුජාගෙන් බේරී යන එක අභිමන්ට ලෙසි වුයේ නැහැ. ඒ වේලාවේ ඔහු හවස යළිත් ඇයව බලන්නට එන බවට පොරොන්දු වෙමින් එතකන් ඇය ඉන්න කියා කියු නිසා පුජා ඉන්පසු අභිමන්ට යන්නට ඉඩ ලබා දෙනවා. එත් සමඟම අභිමන් යනවාත් සමඟම යළිත් පුජා අභිමන්ට කතා කරමින් ඔහුගේ කකුල් දෙක අල්ලා වැඳ පරිසස්මින් ඔහුට ගිහින් එන්න කියා පවසනවාත් සමඟම ඇය ඒ කල දේ අභිමන්ට දරාගත නෙහැකි වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *