මේ දින වල ටෙලිවිෂනයේ විකාශය වන දෙරණ DREAM STAR ගායන තරඟයේ දී පසුගිය සතියේත් අති දක්ෂ තරඟ කරුවන්ගේ ගායනා වලින් හැඩ වූවා.අවසන් තරඟ කරුවන් 21 දෙනාගේ වටයේ සිටින 7 දෙනෙකුගෙන් සමන්විත අවසන් කණ්ඩායම ඔවුන්ගේ ගීත ගායනය සජීව ලෙස ඉදිරිපත් කරනු ලැබුවා.විවිධ විවිධ හඩ ශෛලීන් 7ක් වේදිකාව මත ප්‍රෙක්ෂකයින්ගෙ උපරිම ප්‍රසාදය දිනා ගැනීමට ඔවුන් සමත් වූවා.එදින තරඟ කරනු ලැබූ තරඟකරුවන් වශයෙන් අංක 1 රජිත භානුක,අංක 2 සුපුන් මාධව,අංක 3 සඳලි සඳුනිකා,අංක 4 මලිත් හංසක,අංක 5 තීක්ෂණ දෙවන්මිනි,අංක 6 ලුක්ෂාන් ගමගේ,අංක 7 නිපුන් කල්හාර එදින තරඟයට මුහුණ දෙනු ලැබුවා.අංක 2 සුපුන් මාධව මිල්ටන් පෙරේරා මහත්මයාගේ ලක්ෂ ගණන් වස්තු ලැබි ගීතයද,අංක 3 සඳලි සඳුනිකා තාරුක ගුණවර්ධන මහතාගෙ ගින්දර මැව්වේ ගීතයද,අංක 4 මලිත් හංසක මහාචාර්ය සනත් නන්දසිරි මහතාගේ දේදුන්නේ පාට පාටින් ගීතයද,අංක 5 තීක්ෂණ දෙවන්මිනි දිමුතු කාලිංග මහතාගේ නිල් අහසට ගිනි තියන්න ගීතයද,අංක 6 ලුක්ෂාන් ගමගේ සේනානායක වේරලියද්ද මහතාගේ පුංචි දඟකාරියේ ගීතයද,අංක 7 නිපුන් කල්හාර භචි සුසාන් මහතාගේ මග බලා හඬන ගීතයද, ගායනා කරනු ලැබුවා.

ලුක්ෂාන් ගමගේ සහ නිපුන් කල්හාර හට bonus මනාපය ලබා දුන්නේ නැත.එදින දෙදෙනාගේම ගායනය එක හා සමානව ගායනා කල බැවින් සමිතා මුදුන්කොටුව මහත්මයි සහ කීර්ති පැස්කුවල් මහතා ඔවුන්ගේ මනාපය ලබා නොදුන්නේය.උමාරා මහත්මිය ලුක්ෂාන් වෙතද නදීක ගුරුගේ මහතා නිපුන් කල්හාර වෙතද මනාපය ලබා දුන්නේය.සියලු තරඟකරුවන්ගේ ඒකල ගායනා වලින් පසු ඔවුන් ප්‍රාසාංගික අද්දැකීමට මුහුණ දුනනේය.එහිදි ඔවුන් දයාන් අරවින්ද,තරිඳු රොෂාන් යන ගායකයන්ගේ නෙත කොනින් බලා ගීතය ඉතාමත් අලංකාර අයුරින් ප්‍රෙක්ෂක හදවත් සොරා ගමින් ගායනා කරනු ලැබුවා.අංක 7 නිපුන් කල්හාර මනාප 52813ක් ද,අංක 5 තීක්ෂණ දෙවන්මිනි මනාප 50151ක්ද,අංක 4 මලිත් හංසක මනාප 47573ක්ද,අංක 1 රජිත භානුක මනාප 44545ක්ද,අංක 2 සුපුන් මාධව මනාප 43539ක්ද,අංක 3 සඳලි සඳුනිකා මනාප 41 998ක් ලබා ගනිමින් අවසන් තරඟ කරුවන් 18 දෙනා අතරට යාමට අවස්ථාව හිමිකරගනු ලැබුවා.මේ අතර මනාප 39951 ලබා ගනිමින් අංක 6 ලුක්ෂාන් ගමගේ මේ තරඟයට සහ වේදිකාවට සමු දීමට සිදු විය.ඉදිරි වටය මෙම වටයටත් වඩා අභියෝගාත්මක තරඟ වටයකි.එයට මෙම තරඟ කරුවන් කෙසේ මුහුණ දේවිද.ඔවුන් තව තවත් ප්‍රේක්ෂකයින්ගේ සිත් කොයි ආකාරයට ඇඳ බැඳ තබා ගනිවිද.
පියුමි හංසිකා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *